Skip to main content

අද්දර ජීවිත (#1)

මගේ දුකට සැපට ළඟින් අවුරුදු 6ක් ඉඳපු කොම්පියුටරේ ලෙඩ වෙලා. විසික් කරල අළුත් ඒව ගන්න වත්කමක් නැති හින්ඳම මේකම මූට්ටු කරන් ආව.නිකං ඉන්නකොට වගේ බස් කාරයො බලෙන් එක්කන් යන්නෑ. මේ තඩි සිස්ටම් යුනිට් එක දැක්කම තව ලෑල්ලටම පාගනව.මාත් ඉතිං මට නෙවේ වගේ එනව.නැත්නම් නෝන්ඩිනෙ.

හීනි පොද වැස්සෙම කොහොම හරි ස්ටෑන්ඩ් එකටත් ආව.නැත්නම් මඟින් නඟිනව බොරු.හ්ම්ම්.. ඒකෙත් කරුමෙට බස් එකක් නෑ. මං සිස්ටම් යුනිට් එක බිමින් තියලා වාඩි උනා.. හ්ම්ම්. අදකාලෙ ලැප්ටොප් වලින් මෙහෙම ප්‍රයෝජන ගන්න පුළුවන්ඳ ? බෑනෙ.ඒ අතින් මේක කොච්චර හොඳද.මං කටත් ඇරං ස්ටෑන්ඩ් එකේ වහල දිගේ බේරෙන වැස්ස දිහා බලං හිටියා.

එතකොටම මට එහා පැත්තෙ බංකුවෙ කෙනෙක් ඇවිත් වාඩි වෙනව යාන්තමට ඡායාවක් වගේ දැක්ක. ඉතිං මට මොකද. මං ඒ දිහා නොසැලකිල්ලෙන් බලල අහක බලා ගත්තා.. ඈ.. මොකක්ද බොලේ ඒ.. මං ආපහු හැරිල බැලුව.මට නොදැනිම ලොකු කෙල ගුලියක් ගිලුන. අම්මට සිරි, ගිණි කිකිළියෙක් වගේ. උඩිනුත් ඕපන්, යටිනුත් ඕපන් මේ වැස්සෙ හීතල හුලං වදින්න වෙන්න ඇති. ඒත් හීතල කොහොම වෙතත් මගේ නම් හිරිගඩු පිපෙනව වගේ මේව දැකල. අම්මප හිරි ඔතප් තියෙනෙ කොල්ලෙක් විදියට මට ලැජ්ජයි මේව බලන්න.ඒත් ඉතිං මේ වගේ අවස්ථාවල කොල්ලෙක්ගෙ හිත මැනුවෙල් ඩ්‍රයිව් එකෙන් ඔටෝ පයිලට් වලට මාරු වෙනෙ එක අහන්න දෙයක් නෙවෙයිනේ.කොච්චර අහක බලන්න ට්‍රයි කරත් බැලෙන්නෙම ඒ දිහා..

බාහිර පෙනුමෙන්ම කියන්න පුළුවන් මේ මොන වගේ සබ්ජෙක්ට් එකක්ද කියල. අෆ්ෆා, ෆූ.. මොකක් උනත් මං තාම පොඩි එකා.මං ඔය වැරදි කරන්නෙ නෑ. මගේ අහිංසක කෙල්ල විතරක් ඇති මට.මං තනියම හිතුවා.

"මල්ලි.... වෙලාව කීයද ? "
මං ගැස්සිල ගියා. එන පොට හොඳ නෑ පුතෝ.. ෆුල් ටච් ෆෝන් එකක් අතේ තියන් මගෙන් වෙලාව අහන්නෙ.
-"හ... හතර  හමාර විතර අක්කෙ"
ඒකි ඇස් පුංචි කරල මං දිහා බැලූව. අනේ මං අහිංසකයි. මාව ඕවට ගාව ගන්නෙපෝ.
"මොකෝ ගොත ගහන්නෙ. හීතලටද.. ආ..? "

හුටා.. දැං නම් එන පොට හරිම නෑ. මොකක් උණත් මගේ කෙල්ලට ද්‍රෝහි වෙන්න බෑ. අනික මල ජරාව. ඕවයි ගිහින් ලෙඩක් හැදුනොත් කාට කියන්නද ? වහ කන්න තමයි වෙන්නෙ. අනික මාව මංකොල්ල කාවිද දන්නෑ. මං හෙමිහිට පර්ස් එක එළියට අරං බැලුව. සන්තකටම රුපියල් 60ක් තියෙනව. රුපියල් 60කට... හික් හික්..හැක්..

"මාර වැස්ස නේද මල්ලි? "
ආපහු අහපි. අවුලක් නෑ. කතා කරාට ලෙඩ හැදෙන්නෙ නෑනේ.
-"ඔව් නේ අක්කෙ. තාම බස් එකත් නෑ මං යන. පරක්කුයි"
"මල්ලිට ලැජ්ජාවක්ද මං කතා කරන එක"
-"නෑ.. එහෙම අවුලක් නෑ අක්කෙ"
"නෑ මල්ලිට තේරෙනව ඇතිනෙ මං කවුද කියල. ඒකයි එහෙම කිව්වෙ"
-"තමන් හරි නම් එච්චරනෙ අක්කෙ. මට කවුද කින්ද මංද කියල වැඩක් නෑ. අපි හැමෝම මිනිස්සුනේ"
"හ්ම්ම්ම්.. බය වෙන්නෙපා. මං ඔයාට එහෙම දේකට කතා කරන්නෙ නෑ. පාලූවටයි කතා කරේ. වෙන ඔයා තරං කොල්ලෙක් එක්ක කතා කරා නම් ඌ මුලින්ම ඉල්ලන්නෙ මගෙ නම්බරේ.. හි"

ඒකි හිනා උනා තනියම. මූනෙ උලාගෙන තියෙන මේකප් තට්ටුවට යටින් අහිංසක ලස්සනක් තියෙනව කියල මට හිතුන. මොන, පුහ්. මටත් පිස්සුනෙ. මුන්ගෙ මොන අහිංසක කමක්ද.මං මටම ටොක්කක් ඇන ගත්ත.

"මල්ලි කාත් එක්ක හරි sex කරල තියෙනවද"
අම්ම ගහයි බැට් එකෙන්. යකෝ කාල වරෙන්කො. මගෙන් ජීවිතේට ගෑණියෙක් අහපු දෙයක්ද මේ. අඩු ගානෙ කෙල්ලවත් මෙහෙම බලු කතාවක් අහල නෑ.
-"පිස්සුද,දැම්ම ඒව ඕන නෑ"
"කෙල්ලෙක් ඉන්නවද ඔයාට ? "
-"ඔව් , ඉන්නව"
"එහෙනම් ඒ කෙල්ල ගොඩක් වාසනාවන්තයි. මටත් ඉස්සර රත්තරං කොල්ලෙක් හිටිය..හ්ම්ම්ම්ම්"
එයා අහසින් වැටිල බිම වැදිල බිඳෙන වැහි බිංදු දිහා බලං කිව්ව. ඇයි යකෝ රත්තරං කොල්ලෙක් හිටිය නම් මෙහෙම බලු රස්සාවක් කරන්නෙ මොකටද?
-"බූට් එක තිබ්බද ? "
"විකාරද? එයා මට පණටත් වඩා ආදරේ කරා. මමත් එහෙමයි"
-"එහෙනම් අක්ක ඕව කරන්නෙ මොකද? "
"එයා මට නැති උනා මල්ලි.......... එයා විතරක් නෙවෙයි අම්ම, තාත්ත, අයිය හැම දේම නැති උනා.."

එයා දිග කතාවක් කියන්න ලෑස්ති උනා.. ඒත් මං අහල තියෙන්නෙ මේ ජාතියෙ හැම ගෑණියෙක්ම බිස්නස් එක කර ගන්න ඕන නිසා කතාවක් ගොතන් ඉන්නෙ කියල.. මට මොකෝ බොරු උනත් ඇත්ත උනත්. කරන්න වෙන වැඩක් නැති එකේ අහං ඉන්නව.

-"ඒ කොහොමද නැති උනේ ? "
මං කතාවෙ ඉතුරු ටික අහගන්න කැමති බව ඇඟෙව්වා...එයා හිස් බැල්මෙන් ආපහු වැස්ස දිහා බැළුවා.

Comments

  1. ඉටිපන්දං කීයද මලයා ඒ පැත්තේ....
    ජෝක් කළේ කතාව තව දිගට ඔය විදියටම කුතුහලය තියාගන ඇදගන යන්න. හැමදාම හොදම තැනින් නවත්තන්න.
    ලිංකු දානවට දැන් අවි අරගන ඒත් මම දානවා.
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. අනේ මංද අයියේ, මගේ නම් ඉටිපන්දම් භාවිතයක් නැති නිසා ගාන දන්නෙ නෑ :D
      මේ පැත්තට තෙකළා විදුලිය තියෙනවනේ :)
      (ලිංකු දැම්මට කමක් නැතෝ)

      Delete
  2. ම්ම්ම් සිරා කතාව...උදේම බඩ කොර වුනා හිනා වෙලා...
    ඒත් උබෙ වැඩේම අගට යද්දි සීරියස් ටෝකට බහින එක
    අවුලක් නෑ පට්ට.. :D

    ReplyDelete
  3. අපිත් කරි බරි ගැහිලා වාඩි උනා ඒ කෙනාගේ කතාව කියවන්න.
    එහෙනම් ඉතුරු කොටසත් කියවෙනකන් බලාගෙන ඉන්න්වා.
    ඉක්මනටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. :D අනිවා. මමත් අහගෙනම කියන්නම්කෝ

      Delete
  4. සිරාම සීන් එකක් ද..
    ලියන්නකෝ බලන්න ඉතිරි ටිකත්. සංවේදී කතාවකට ආරම්භයක් වගේ.

    ReplyDelete
    Replies
    1. අදම නේද මං ආවේ.. බ්ලොග් එක හොඳයි. ජය!!

      Delete
    2. හී.. මේවා ගොතපු කතා කියන්නත් බෑ. මොකද මීට වඩා දරුණු දේවල් මේ රටේ තියෙනවා.. බලමුකෝ ඉස්සරහට.
      ස්තූතියි මේ පැත්තෙ ආවට :-bd

      Delete
  5. නරක නෑ... දිගටම කරන් පලයන්...

    ReplyDelete
  6. ඔහ් මේක කතාවක්ම විතරද? ම හිතුවා සත්‍ය කතාවක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් බලන්නකෝ.. ඊට පස්සෙම තීරණය කරන්න..
      සාදරයෙන් පිළිගන්නවා!

      Delete
    2. එහෙනම් ඉකමනට ඉතුරු ටිකත් ප්‍රකාශයට පත් කරන්න. :)

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙ...

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත...