Skip to main content

බ්ලොග් ලිපිවල සාරාංශය හා පින්තූර මුල් පිටුවේ පෙන්වමු

මේ විදියෙ ලිපි කීපයක්ම කීප දෙනෙක් ලියල තියෙනව මං දැක්ක. ඒත් ඒකෙ මූලික පරමාර්ථය වෙලා තිබුනෙ Read more >> දාල සාරාංශය ගන්න එක විතරයි. එතනදි මුල් පිටුවට සමහර පෝස්ට් වල පින්තූර ඇවිත් ලොකු පොඩි එක එක සයිස් තිබුන මං දැක්ක.

මං මේ කියන්න යන්නෙත් ඒ වගේම තමයි.ඒත් ඊට වඩා ටිකක් ක්‍රමාණුකූලයි වගේද මංද පොඩ්ඩක් මගේ Home page එක බලල එන්නකෝ.. අන්න ඒ විදියට..

මෙතනදි මුල් පිටුවෙ සාරාංශ ගත පින්තූර වැටෙන්නෙ එකම ප්‍රමාණයකට. ඒ නිසා පිලිවෙලයි. ඒ ඔක්කොම පෝස්ට් එක දැම්මම ස්වයංක්‍රීයව වෙනස් වෙනවා.මුල් පිටුවෙ පින්තූරෙට එන්නෙ පෝස්ට් එකේ මුලින්ම/උඩින්ම අපි දාන පින්තූරෙ..
ඔයාලත් කැමති නම් දාගන්න....

  • blogger Dashboard එකට ගිහින් Template >> Edit HTML වෙත යන්න.
  • දැන් Expand Widget Templates කියන තැන කොටුවට හරි ලකුණක් (tic) දාන්න.
  • ඊළඟට ඔය කෝඩ් එකෙන් </head> කියන එක හොයා ගන්න. (Ctrl + F ගහල)
  • ඒක මේ පහත කෝඩ් එකෙන් Replace කරන්න.
<b:if cond='data:blog.pageType != "item"'>
<b:if cond='data:blog.pageType != "static_page"'>
<script type='text/javascript'>
var thumbnail_mode = &quot;float&quot; ;
summary_noimg = 230;
summary_img = 140;
img_thumb_height = 100;
img_thumb_width = 100;
</script>
<script src='http://bloggergadgets.googlecode.com/files/excerpt_min.js' type='text/javascript'/>
</b:if>
</b:if>
</head>
  • දැන් ආපහු මෙන්නෙ මේ කෝඩ් එකත් හොයා ගන්න. 
<data:post.body/>

  • ඒ කෝඩ් එකත් මං මේ දීල තියෙන පහත කෝඩ් එකෙන් Replace කරන්න.
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<data:post.body/>
<b:else/>
<b:if cond='data:blog.pageType == &quot;static_page&quot;'>
<data:post.body/>
<b:else/>
<div expr:id='&quot;summary&quot; + data:post.id'>
<data:post.body/>
</div>
<script type='text/javascript'>
createSummaryAndThumb(&quot;summary<data:post.id/>&quot;);
</script>
<div style='clear: both;'/>
<span style='padding-top:5px;;float:right;text-align:right;'><a expr:href='data:post.canonicalUrl' rel='bookmark'><b>Read more >></b></a></span>
</b:if>
</b:if>  

  • දැන් template එක Save කරන් බ්ලොග් එකේ Homepage එකට ගිහින් බලන්න..



අද ප්‍රශ්ණය -
ඉස්සර මට හිතුනෙ දවසට පැය 24ක් තියෙන එක මොන කරදරයක්ද කියලා. දවසට පැය 4ක් තිබුණ නම් හොඳටම ඇති වගේ. ඒත් දැං මට හිතෙනවා දවසට පැය 244ක් තියෙනව නම් හොඳයි කියලා..
Hints:-
  1. මගේ කිසි ශාරීරික  වෙනස්වීමක් නෑ
  2. වෙනද පාඩම් කරපු ටිකමයි කරන්නෙ (ඊට අඩුද මදා)
  3. වෙනද විනාඩි දහයෙන් ලෑස්ති වෙන මට දැන් පැයක් යනවා
  4. තනියම හිනා වෙනවා
  5. ෆෝන් එකට විරිත්තනවා
ඉහත රෝග ලක්ෂන පිළිබඳ ඔබ දැනුවත් නම් කරුණාකර පහත සුදු කොටුවේ ඇතුලත් කරන්න..
මුල්ම ජයාග්‍රාහකයාට වටිනා ලැම්බොගිනි රථයක් පිරිනැමේ....... 

Comments

  1. වැදගත් වෙයි කියලා හිතෙනවා.....
    ඔය ලැමිබොගිනි කියන්නෙ පිටකොටුවෙ හැමතැනම විකුණන්න තියෙන වාහනයක් නේද?
    ඒ නිසා ඉතින් උත්තරේ කියලා වැඩක් නෑ කියලා හිතුණා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒත් මං දෙන්නෙ ඉම්පෝටඩ් ලැම්බොගිනි :D

      Delete
  2. කරල බලන්න වටින වැඩක්.

    අනිත් ඔක්කොමත් හරි කියමුකො. // ෆෝන් එකට විරිත්තනවා// ඒක නම් වැඩිය බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි මල්ලියෝ :P

    ReplyDelete
    Replies
    1. ඉතිං මං මොනා කියල කරන්නද ? :((

      Delete
  3. මට පේන විදියට නම් ඕක එච්චර හොද ලෙඩක් නෙමෙයි කොල්ලෝ...... ඉක්මනින්ම ප්‍රතිකර්මයක් කලොත් තමා හොද..... :)

    ReplyDelete
    Replies
    1. මොන වගේ ප්‍රතිකර්මයක්ද අක්කෙ මේකට හරියන්නේ ? :))

      Delete
  4. ඕක බ්ලොගර්ම දෙන ටෙම්ප්ලේට් වලටත් හරියයි ද බන්.. මං පාවිච්චි කරන්නෙ ඒකක් ටිකක් මොඩිෆයි කරල.. ඒකට හේතුව අනික් බ්ලොග් ටෙම්ප්ලේට් වල රිප්ලයි බට්න් එක නැති එක...

    ඕක හඳ කාලෙට එන ලෙඩක් බං... ගණන් ගන්න එපා... :)
    කවද්ද පෝය තිබ්බේ...?
    අපේ සෑර් කියුවා හඳ කාලෙට ඔලුව ඒ පැත්තට ආකර්ශනය වෙනව කියල.. :)

    ReplyDelete
    Replies
    1. Dynamic ටෙම්ප්ලේට් වලට හැර අනිත් ඕනම එකක වැඩ..
      මලා :( එහෙමද? එහෙනම් තව ටික දවසකින් මාවත් හඳට ආකර්ශනේ වේවි :D

      Delete
  5. හ්ම්..එහෙම දැම්මම home page එක පිළිවෙලයි.

    බඩුම තමයි. හැදුනද ලෙඩේ.. :)

    ReplyDelete
    Replies
    1. හි හි.. මොකද ලෙඩේ.... :-B

      Delete
  6. අනේ මන්ද මෙහෙම ලෙඩත් තියනවද.... මට නම් ඕක කලින්ම දෑනුන මල්ලිගෙ ක්‍රියාකලාපෙන්... ....හොදයි හොදයි හෑබෑයි වෑඩේ තියන්නේ ඕකට බෙහෙත් තියෙන්නෙ එකම එක්කෙනෙක් ලග විතරයි....

    ReplyDelete
    Replies
    1. :D කවුද අනේ ඒ වෙද මහත්තයා කියන්නකෝ :(

      Delete
  7. පොස්ට් එකනම් හොඳයි. එත් දෙවන කෝඩ් එක එන්ටර් කරන්න යන ඛේතය මගේ ටෙම්ප්ලේට් එකේ නෑ. වැඩි වැඩ දාන්නේ නැතිව ඒ නිසා වැඩේ අතහැරියා.

    ReplyDelete
    Replies
    1. Dynamic ටෙම්ප්ලේට් එකක්ද ? ඒවට බෑ. අනිත් ඕනම ටෙම්ප්ලේට් එකක වැඩ :)

      Delete
    2. මං දැං බැළුවා.. ඔයාගෙ එකටත් පුළුවන්. අර කෝඩ් එක ඇති. හොඳට බලන්න :-B

      Delete
  8. ඔය දෙවෙනියට තියෙන ලෙඩ නම් අති භයානකයි. පරිස්සමෙන් ඔන්න. ලෙඩ වැඩි උනොත් අපි නෑ...හි හී හී

    ReplyDelete
    Replies
    1. ළිහිණි අක්කටත් මේ ලෙඩේ බෝ වේවා කියල ප්‍රාර්ථනා කරන්නම් :D

      Delete
  9. ස්තුතියි යසිත්.

    ReplyDelete
  10. ලෙඩක් නෑ.. අපිට කේක් කාලා ෆන් එකක් ගන්න වැඩක් සෙට් වී ගෙන එනවා වගේ මට පේන්නේ... :)

    ReplyDelete
    Replies
    1. =)) =)) හා හා ඊට කළින් දිනේශ් අයියගෙ කේක් කාල ඉමුකො =))

      Delete
  11. Replies
    1. අහ්.. මේක ගොඩක් බරපතල මානව විද්‍යාත්මක කාරණයක් B-)

      Delete
  12. නියම ලෙඩක්නෙ හැදිල තියෙන්නෙ:D
    අනේ මන්ද කට්ටිය මේකට භයානකයි කියන්නෙ මොකද කියල....@-)? සමහර විට ලැම්බොගිනියක් හම්බවෙයි කියල බයේ වෙන්නැති..:D

    ප්‍රශ්නය ඇත්තක් නම් උණුසුම් සුබ පැතුම් පිරිනමමි.. ඇත්තක් නොවේ නම් ඉක්මණට ඒ අසනීපය වැළදේවා යැයි ප්‍රාර්ථනා කරමි...!:D

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් මේ ලෙඩේ හැදුණද ? :D

      Delete
    2. නෑ නෑ.. දැන්ම හදාගන්නෙත් නෑ.. :)

      Delete
  13. වැදගත් පොස්ටුවක් මල්ලෝ ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කි :)

      Delete
  14. "වෙනද පාඩම් කරපු ටිකමයි කරන්නෙ (ඊට අඩුද මදා)
    වෙනද විනාඩි දහයෙන් ලෑස්ති වෙන මට දැන් පැයක් යනවා
    තනියම හිනා වෙනවා"

    ඔය ටික මටත් තියෙනව. හැබැයි ^#(^ පාඩම්... හිකිස්...

    අයිය කෙලි පැටික්කියෙක්ට වහ වැටිලද කොහෙද, :x :x :x :x :x :x

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔබේ පිළිතුර නිවැරදියි...
      මෙන්න නියම ජයග්‍රාහකයා :D මෙන්න පොරොන්දු වූ පරිදිම ඔබට හිමි ත්‍යාගය :))
      [im]http://tesco.scene7.com/is/image/tesco/212-6803_PI_TPS1193409?wid=250&hei=250&$Detail$[/im]

      Delete
  15. එළ.. එළ...:) දැන් හරි....

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි =D7=D7

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත