Skip to main content

බ්ලොග් ලිපිවල සාරාංශය හා පින්තූර මුල් පිටුවේ පෙන්වමු

මේ විදියෙ ලිපි කීපයක්ම කීප දෙනෙක් ලියල තියෙනව මං දැක්ක. ඒත් ඒකෙ මූලික පරමාර්ථය වෙලා තිබුනෙ Read more >> දාල සාරාංශය ගන්න එක විතරයි. එතනදි මුල් පිටුවට සමහර පෝස්ට් වල පින්තූර ඇවිත් ලොකු පොඩි එක එක සයිස් තිබුන මං දැක්ක.

මං මේ කියන්න යන්නෙත් ඒ වගේම තමයි.ඒත් ඊට වඩා ටිකක් ක්‍රමාණුකූලයි වගේද මංද පොඩ්ඩක් මගේ Home page එක බලල එන්නකෝ.. අන්න ඒ විදියට..

මෙතනදි මුල් පිටුවෙ සාරාංශ ගත පින්තූර වැටෙන්නෙ එකම ප්‍රමාණයකට. ඒ නිසා පිලිවෙලයි. ඒ ඔක්කොම පෝස්ට් එක දැම්මම ස්වයංක්‍රීයව වෙනස් වෙනවා.මුල් පිටුවෙ පින්තූරෙට එන්නෙ පෝස්ට් එකේ මුලින්ම/උඩින්ම අපි දාන පින්තූරෙ..
ඔයාලත් කැමති නම් දාගන්න....

  • blogger Dashboard එකට ගිහින් Template >> Edit HTML වෙත යන්න.
  • දැන් Expand Widget Templates කියන තැන කොටුවට හරි ලකුණක් (tic) දාන්න.
  • ඊළඟට ඔය කෝඩ් එකෙන් </head> කියන එක හොයා ගන්න. (Ctrl + F ගහල)
  • ඒක මේ පහත කෝඩ් එකෙන් Replace කරන්න.
<b:if cond='data:blog.pageType != "item"'>
<b:if cond='data:blog.pageType != "static_page"'>
<script type='text/javascript'>
var thumbnail_mode = &quot;float&quot; ;
summary_noimg = 230;
summary_img = 140;
img_thumb_height = 100;
img_thumb_width = 100;
</script>
<script src='http://bloggergadgets.googlecode.com/files/excerpt_min.js' type='text/javascript'/>
</b:if>
</b:if>
</head>
  • දැන් ආපහු මෙන්නෙ මේ කෝඩ් එකත් හොයා ගන්න. 
<data:post.body/>

  • ඒ කෝඩ් එකත් මං මේ දීල තියෙන පහත කෝඩ් එකෙන් Replace කරන්න.
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<data:post.body/>
<b:else/>
<b:if cond='data:blog.pageType == &quot;static_page&quot;'>
<data:post.body/>
<b:else/>
<div expr:id='&quot;summary&quot; + data:post.id'>
<data:post.body/>
</div>
<script type='text/javascript'>
createSummaryAndThumb(&quot;summary<data:post.id/>&quot;);
</script>
<div style='clear: both;'/>
<span style='padding-top:5px;;float:right;text-align:right;'><a expr:href='data:post.canonicalUrl' rel='bookmark'><b>Read more >></b></a></span>
</b:if>
</b:if>  

  • දැන් template එක Save කරන් බ්ලොග් එකේ Homepage එකට ගිහින් බලන්න..



අද ප්‍රශ්ණය -
ඉස්සර මට හිතුනෙ දවසට පැය 24ක් තියෙන එක මොන කරදරයක්ද කියලා. දවසට පැය 4ක් තිබුණ නම් හොඳටම ඇති වගේ. ඒත් දැං මට හිතෙනවා දවසට පැය 244ක් තියෙනව නම් හොඳයි කියලා..
Hints:-
  1. මගේ කිසි ශාරීරික  වෙනස්වීමක් නෑ
  2. වෙනද පාඩම් කරපු ටිකමයි කරන්නෙ (ඊට අඩුද මදා)
  3. වෙනද විනාඩි දහයෙන් ලෑස්ති වෙන මට දැන් පැයක් යනවා
  4. තනියම හිනා වෙනවා
  5. ෆෝන් එකට විරිත්තනවා
ඉහත රෝග ලක්ෂන පිළිබඳ ඔබ දැනුවත් නම් කරුණාකර පහත සුදු කොටුවේ ඇතුලත් කරන්න..
මුල්ම ජයාග්‍රාහකයාට වටිනා ලැම්බොගිනි රථයක් පිරිනැමේ....... 

Comments

  1. වැදගත් වෙයි කියලා හිතෙනවා.....
    ඔය ලැමිබොගිනි කියන්නෙ පිටකොටුවෙ හැමතැනම විකුණන්න තියෙන වාහනයක් නේද?
    ඒ නිසා ඉතින් උත්තරේ කියලා වැඩක් නෑ කියලා හිතුණා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒත් මං දෙන්නෙ ඉම්පෝටඩ් ලැම්බොගිනි :D

      Delete
  2. කරල බලන්න වටින වැඩක්.

    අනිත් ඔක්කොමත් හරි කියමුකො. // ෆෝන් එකට විරිත්තනවා// ඒක නම් වැඩිය බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි මල්ලියෝ :P

    ReplyDelete
    Replies
    1. ඉතිං මං මොනා කියල කරන්නද ? :((

      Delete
  3. මට පේන විදියට නම් ඕක එච්චර හොද ලෙඩක් නෙමෙයි කොල්ලෝ...... ඉක්මනින්ම ප්‍රතිකර්මයක් කලොත් තමා හොද..... :)

    ReplyDelete
    Replies
    1. මොන වගේ ප්‍රතිකර්මයක්ද අක්කෙ මේකට හරියන්නේ ? :))

      Delete
  4. ඕක බ්ලොගර්ම දෙන ටෙම්ප්ලේට් වලටත් හරියයි ද බන්.. මං පාවිච්චි කරන්නෙ ඒකක් ටිකක් මොඩිෆයි කරල.. ඒකට හේතුව අනික් බ්ලොග් ටෙම්ප්ලේට් වල රිප්ලයි බට්න් එක නැති එක...

    ඕක හඳ කාලෙට එන ලෙඩක් බං... ගණන් ගන්න එපා... :)
    කවද්ද පෝය තිබ්බේ...?
    අපේ සෑර් කියුවා හඳ කාලෙට ඔලුව ඒ පැත්තට ආකර්ශනය වෙනව කියල.. :)

    ReplyDelete
    Replies
    1. Dynamic ටෙම්ප්ලේට් වලට හැර අනිත් ඕනම එකක වැඩ..
      මලා :( එහෙමද? එහෙනම් තව ටික දවසකින් මාවත් හඳට ආකර්ශනේ වේවි :D

      Delete
  5. හ්ම්..එහෙම දැම්මම home page එක පිළිවෙලයි.

    බඩුම තමයි. හැදුනද ලෙඩේ.. :)

    ReplyDelete
    Replies
    1. හි හි.. මොකද ලෙඩේ.... :-B

      Delete
  6. අනේ මන්ද මෙහෙම ලෙඩත් තියනවද.... මට නම් ඕක කලින්ම දෑනුන මල්ලිගෙ ක්‍රියාකලාපෙන්... ....හොදයි හොදයි හෑබෑයි වෑඩේ තියන්නේ ඕකට බෙහෙත් තියෙන්නෙ එකම එක්කෙනෙක් ලග විතරයි....

    ReplyDelete
    Replies
    1. :D කවුද අනේ ඒ වෙද මහත්තයා කියන්නකෝ :(

      Delete
  7. පොස්ට් එකනම් හොඳයි. එත් දෙවන කෝඩ් එක එන්ටර් කරන්න යන ඛේතය මගේ ටෙම්ප්ලේට් එකේ නෑ. වැඩි වැඩ දාන්නේ නැතිව ඒ නිසා වැඩේ අතහැරියා.

    ReplyDelete
    Replies
    1. Dynamic ටෙම්ප්ලේට් එකක්ද ? ඒවට බෑ. අනිත් ඕනම ටෙම්ප්ලේට් එකක වැඩ :)

      Delete
    2. මං දැං බැළුවා.. ඔයාගෙ එකටත් පුළුවන්. අර කෝඩ් එක ඇති. හොඳට බලන්න :-B

      Delete
  8. ඔය දෙවෙනියට තියෙන ලෙඩ නම් අති භයානකයි. පරිස්සමෙන් ඔන්න. ලෙඩ වැඩි උනොත් අපි නෑ...හි හී හී

    ReplyDelete
    Replies
    1. ළිහිණි අක්කටත් මේ ලෙඩේ බෝ වේවා කියල ප්‍රාර්ථනා කරන්නම් :D

      Delete
  9. ස්තුතියි යසිත්.

    ReplyDelete
  10. ලෙඩක් නෑ.. අපිට කේක් කාලා ෆන් එකක් ගන්න වැඩක් සෙට් වී ගෙන එනවා වගේ මට පේන්නේ... :)

    ReplyDelete
    Replies
    1. =)) =)) හා හා ඊට කළින් දිනේශ් අයියගෙ කේක් කාල ඉමුකො =))

      Delete
  11. Replies
    1. අහ්.. මේක ගොඩක් බරපතල මානව විද්‍යාත්මක කාරණයක් B-)

      Delete
  12. නියම ලෙඩක්නෙ හැදිල තියෙන්නෙ:D
    අනේ මන්ද කට්ටිය මේකට භයානකයි කියන්නෙ මොකද කියල....@-)? සමහර විට ලැම්බොගිනියක් හම්බවෙයි කියල බයේ වෙන්නැති..:D

    ප්‍රශ්නය ඇත්තක් නම් උණුසුම් සුබ පැතුම් පිරිනමමි.. ඇත්තක් නොවේ නම් ඉක්මණට ඒ අසනීපය වැළදේවා යැයි ප්‍රාර්ථනා කරමි...!:D

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් මේ ලෙඩේ හැදුණද ? :D

      Delete
    2. නෑ නෑ.. දැන්ම හදාගන්නෙත් නෑ.. :)

      Delete
  13. වැදගත් පොස්ටුවක් මල්ලෝ ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කි :)

      Delete
  14. "වෙනද පාඩම් කරපු ටිකමයි කරන්නෙ (ඊට අඩුද මදා)
    වෙනද විනාඩි දහයෙන් ලෑස්ති වෙන මට දැන් පැයක් යනවා
    තනියම හිනා වෙනවා"

    ඔය ටික මටත් තියෙනව. හැබැයි ^#(^ පාඩම්... හිකිස්...

    අයිය කෙලි පැටික්කියෙක්ට වහ වැටිලද කොහෙද, :x :x :x :x :x :x

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔබේ පිළිතුර නිවැරදියි...
      මෙන්න නියම ජයග්‍රාහකයා :D මෙන්න පොරොන්දු වූ පරිදිම ඔබට හිමි ත්‍යාගය :))
      [im]http://tesco.scene7.com/is/image/tesco/212-6803_PI_TPS1193409?wid=250&hei=250&$Detail$[/im]

      Delete
  15. එළ.. එළ...:) දැන් හරි....

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි =D7=D7

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net