facebook එකේ දැකලම පත්තියම් උන දෙයක් තමයි මේ හලාල්. මං මුලින් ඇත්තටම මේ මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. පස්සෙ අනිත් යාළුවොන්ගෙ බ්ලොග් පෝස්ට් වලින් තමයි මේක ගැන දැන ගත්තෙ... මං මේ ගැන මගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරන්න කලින් මේ මට නෙට් එකෙන්ම හම්බ උන ලිපි බලන්න..
බොදුබලසේනා ප්‍රකාශය උපුටා දැක්වීම:
බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසා ඇත්තේ සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු බවද, එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද යනුවෙනි.එමෙන්ම වැඩිදුරටත් පවසා ඇත්තේ “අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්‍ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා.
‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා සංවිධානයක් උපයා ගන්නා මුදල් යොදවනු ලබන්නේ ඉස්ලාම් මතවාදය ප‍්‍රචාරය සහ ඉස්ලාම් ආගමිකයන් අතරේ මිත‍්‍රත්වය තහවුරු කිරීම යනාදී කටයුතු වෙනුවෙනුයි. එවැනි කටයුතු වෙනුවෙන් අපි මුදල් ලබා දෙන්නේ කුමකටද?
පිටරට පටවන භාණ්ඩවලට ‘‘හලාල්’’ ගැහුවාට අපට ප‍්‍රශ්නයක් නැහැ. අප විරුද්ධ වන්නේ රටේ සියලූ ජනතාවට හලාල් කැවීමටයි. මුස්ලිම් ජනතාවට ‘‘හලාල්’’ භාණ්ඩ අවශ්‍ය නම් ඒවා ඔවුන්ගේ ආගමික ස්ථානවලින් නිකුත් කළ හැකියි.
හලාල් සලකුණ පොදු පාරිභෝගික භාණ්ඩවලින් හකුලා ගන්නැයි අප ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් මේ ගැන රට දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. අපට පිරිකර හැටියට ලැබුණු භාණ්ඩ රැසකත් ‘‘හලාල්’’ සලකුණ සඳහන් කළ භාණ්ඩ රැසක් තිබී හමුවීමෙන් පසුව අප ඒවා ප‍්‍රතික්ශේප කළා. (එවැනි භාණ්ඩ රැසක් මාධ්‍යවේදීන් ඉදිරියේ ප‍්‍රදර්ශනය කරයි)
අප මේ ‘‘හලාල්’’ ලකුණ යෙදීම දකින්නේ විශාල අනතුරක සේයාවක් හැටියටයි. මේවා ගැන ඇතැම් දේශපාලනඥයන් අද කතා කරන්නේ නැහැ. ඒ පටු අරමුණු නිසාය. අප මේවා පෙන්වා දෙන්නේ පටු ජාතිවාදී සහ ආගම්වාදී අරමුණකින් තොරවයි.”
උපුටා ගැනීම අවසන්
මේ පහත ලිපියත් කියවන්න...
සමස්ත ලංකා ජ්මියියතුල් උලමා : ඉස්ලාමීය ආගමික වියතුන්ගේ සංගමය ඉදිරිපත්කල ලංකාදීප පුවත්පත් ලිපිය
දැන් මේක ගැන මං කියන්න ගියාම ජාතිවාදියා ආගම්වාදියා තව අපේ දෙමව්පියොත් මතක් කරයි.ඒත් මං මගේ පෞද්ගලික මතය කියන්න ඕන..
මං දැනට අනුමාන කරන විදියට ලංකාවෙ නිශ්පාදන 85% කට වඩා දැනට මේ හලාල් සහතිකය අරගෙන. ඉතිං ඒ ඔක්කොම වර්ජනය කරන්න කියන එක ප්‍රායෝගිකද ?
(ඔබ මේ පහත එකදු භාණ්ඩයක්වත් මේ හේතුව නිසා පරිභෝජනය නැවැත්තුවාද ? )
![]() |
මේ ඒවයින් ඉතා සුළු කොටසක් |
මුස්ලිම් උන්ගෙත් හොඳ මිනිස්සු ඉන්නවා. මනුස්සකම තියෙන උන් ඉන්නවා. සිංහල අපෙත් ජඩ වැඩ කරන උන් ඉන්නවා..
ෆේස් බුක් එකෙන් මේකට විසඳුමක් හොයන්න පුළුවන්ද ?
මුස්ලිම් අය අපේ බුදුහාමුදුරොන්ට බනිනවා. අපි උන්ගෙ දෙවියන්ට බනිනවා.. ආපහු බුදුහාමුදුරොන්ට බනිනවා. අපි උන්ගෙ දෙවියන්ට බනිනවා.. ආපහු,බුදුහාමුදුරොන්ට බනිනවා. අපි උන්ගෙ දෙවියන්ට බනිනවා
බුදුහාමුදුරොන්ට බනිනවා. අපි උන්ගෙ දෙවියන්ට බනිනවා
බුදුහාමුදුරොන්ට බනිනවා. අපි උන්ගෙ දෙවියන්ට බනිනවා,
මේක අවසානය මොකක්ද ? උන් අපිව නැති කරන්න හදනවා. අපි උන්ව නැති කරන්න හදනවා.. අනිවා ආපහු යුද්ධයක් පටන් ගන්න මේක හොඳ හේතුවක්.... මතක තියා ගන්න පුංචි ගිණි පුළිඟුවකට පුළුවන් ලෝකයක්ම ගිණි තියන්න.
මේව දකින සුද්දො ලංකාව ගැන මොන වගේ ප්‍රතිරූපයක් ගොඩ නඟාගනීවිද ?
කිසිම ජාතියක් කැමති නෑ තවත් එකෙකුට යටත් වෙන්න. එහෙම වෙන්න ඕනත් නෑ. හැමෝම රතු පාට ලේ දුවන මිනිස්සු. මං නොදන්නව නෙවෙයි මුස්ලිම් (ඇතැම්) උන් කරන ඒව. ඒ වගේම අපේ උන්ගෙ වැඩත්..
මුස්ලිම් සහෝදරයනේ, සිංහල මිනිහා හොඳට හොඳයි පණ උනත් දේවි. හැබැයි අනිත් පැත්තටත් එහෙමයි. උඹලට මේ රටේ නිදහසේ අනිත් සිංහල මිනිස්සුන්ට තියෙන හැම අයිතිවාසිකමක්ම සමානව තියෙනව.. ඉතිං තවත් මොන රෙද්දකටද මේ වලි කන්නෙ ? ආපහු සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කර ගන්නද ?
සිංහල කොල්ලනේ, මුස්ලිම් කියන්නෙත් ලංකාවෙ පිළිගත් ජාතියක්. උන් එක්ක හොඳින් ඉන්න බැරි ඇයි.. ?
Etisalat, Nolimit වර්ජනය කරාම හරිද ?
හරි... එහෙම කරා කියමු.. අපේ එකෙක්වත් ඒව නොගත්තම උන් බංකොළොත් වෙයි. එළ.. ඒත් එතකොට ඒවයි වැඩ කරන සිංහල උන්ගෙ රස්සා නැති උනාම උන්ගෙ පවුල් වලට කන්න අඳින්න ආණ්ඩුවෙන් නොමිලේ දෙනවද ?
එහෙම කරන්නම ඕන නම් ලංකාවෙ සිංහල ගෑණු පිරිමි මුස්ලිම් රටවල වැසිකිළි සුද්ද කරන්න යවන එක නැවත්තලම මේ ගැන කතා කරොත් හොඳයිනේ......
ලංකාවෙ සිංහල අපි උන්ගෙ භාණ්ඩ වර්ජනය කරනව නම් අපේම උන්ට සවුදි, ඩුබායි ගිහින් හම්බයොන්ට සක්කිලි වැඩේ කරන්න ඉඩ දෙන්නත් හොඳ නෑනේ..... මං වැරදිද ?
මචංලා.. අවුරුදු 30ක් තිස්සෙ යුද්ධ කරා.. ඒ කාලෙ අපි දෙමළ මනුස්සයෙක් දිහා බැළුවෙත් වෛරයෙන්. උන් අපි දිහා බැළුවෙත් එහෙමමයි.
දැං ඒක ඉවරවෙනකොටම අනිත් උන් මරා ගන්න හදනවා. ආපහු යුද්ධයක් පටන් ගන්න.. මේවත් විදේශ කුමන්ත්‍රණද ?
අපි බෞද්ධයො විදියට පුනරුප්පත්තිය විස්වාස කරනවනේ.. දැං මෙහෙම අනිත් උන්ට කෙනෙහිලිකම් කරල අපි පොරවල් වගේ මැරුණ කියමුකෝ. ඊළඟ ආත්මෙත් අපි මේ ජාතියෙම ඉපදෙයි කියල මොනවද තියෙන සාධක ?? එතකොට ඉපදුණු ජාතියෙ උන් එක්ක සෙට් වෙලා අනිත් උන්ට ගේම් ගහයි. ආපහු මැරිල මේකෙ ඉපදිලා අරුන්ට ගේම් අදිවි..... ඕක සංසාරෙ තියෙනකම් නොකඩවාම වෙයි..
අපෙ උන් ෆේස් බුක් එකේ කරන ගොන්කමට වඩා වැඩි දෙයක් හලාල් කුමණ්ත්‍රණය ඇතුලේ තියෙනවා යසිත... ඒක තේරුම් ගන්න බැරිකම අපේ සිංහලයට හැමදාම තිබ්බ ලෙඩක්... සිංහලයා කියන්නේ අහිංසක මෝඩයෙක්... ඇස් ඉස්සරහපිට වෙන නරක දේ පවා අපිට වලක්වන්න බෑ කියලා අත් දෙක බැඳගෙන ඉන්න ජාතියක්.. ඊට පස්සේ කෙල උනාම කෑ ගහනවා.. යුද්ධෙටත් උනේ ඒ ටිකම තමයි...
ReplyDeleteකෙටියෙන් කිව්වොත් මෙතනදි වෙන්නෙ කුඩා පරිමාණ ව්‍යාපාර වලට තද පහරක් වදින එක... ඒ වගේම යන්තම් ඔලුව උස්සන්න හදන සිංහල ව්‍යාපාරිකයන්ව අධෛර්‌යමත් කිරිමක් කියලා මට පේන්නේ ...
හලාල් තහනම් කරන්න අවශ්‍ය නෑ.. නමුත් හලාල් සහිත හා රහිත කියලා නිෂ්පාදන වර්ග දෙකක් වෙළඳපොළට එන්න ඕනේ සහ හලාල් රහිත භාණ්ඩයේ මිල එක රුපියලකින් හරි අඩු විය යුතුයි.. මම ඉන්නේ අන්න එතන...
මේක ආයිමත් කියන්න දෙයක් නෑ.. ඊයේ නිශාන්ගේ පෝස්ට් එකේ ලින්ක් එක මේ..
http://sinhalaya-lokayata.blogspot.com/2013/01/No-Halal.html
පුලුවන් නම් ඒකට වැටිච්ච කමෙන්ට් ටික කියවලා බලන්න... ඔයාට තේරෙයි ලංකාවේ හලාල් කියලා මේ වෙන්න යන දේ මොකද්ද කියලා...
ෆේස් බුක් එකේ කරන ගොන් කමත් නවත්තන්න පුළුවන්.. එතන වෙන්නේ බොහෝ දුරට නොමග යැවීම් විතරයි කියලා කියන්න පූලුවන්... හැබැයි මේ ඊයේ පෙරේදා ඉඳලා නම් ටික්ක අඩුයි ඔය කේස් එක.. රිසානාෙග් කේස් එකෙන් පස්සේ ඒ වගේ අන්තවාදී විදියට ෆොටෝස් ශෙයාර් කරපු ගොඩක් මුස්ලිම් අය ඒ වැඩේ නවත්තලා වගේ පේනවා මට නම්... මේකෙන් වෙච්ච නරක වැඩේ තමයි මෙලෝ දෙයක් හරියට දන්නේ නැති ඉස්කෝලෙ යන ළමයින්ගේ හිත් වලට නැති ජාතිවාදයක් ඇතුල් වීම... ඒක නම් අන්තිම නරක දෙයක්... මම නම් පුළුවන් විදියට මාත් ඒ අයට තේරුම් කරලා ඒ වැඩේ නැවැත්තුවා...
ඒ වෙග්ම ලංකාවේ හලාල් සළකුණු සහිත භාණ්ඩ වර්ජනයත් කරන්න පුළුවන්.. ( මම බොහෝ දුරට එහෙම කරනවා... මට හොයා ගන්න බැරි උනා තාම බටර් වලට විකල්පයක්.. එච්චරයි..) මීට අවුරදු 7කට 8 කට කලින් මේක ලේසි වැඩක් උනත්, දැං නං ලේසි වැඩක් නෙවෙයි.. ඒත් කරන්න පුළුවන්.. හැබැයි අර බෑ බෑ කියන එක පැත්තකින් තියලා වැඩ කරන්න ඕනේ...
අර පුනරැප්පත්ති කතාව නම් මෝඩ කතාවක් යසිත මල්ලි.. එහෙමනං ඉතිං අපි මේ ලබපු ආත්මෙදි කිසි දෙයක් කළ යුතු නෑ.. මොකද ඒ කිසි දෙයක් ඊළග ආත්මෙදි ලැබෙයිද කියලා ෂුවර් නෑ නේ ...එහෙම කියලා හරි දේ නොකර ඉන්න එනේ තේරුමක් නෑ නේ..
මෙතනදි අර ඔයා කියලා තියෙන මැද පෙරදිග ගෘහ සේවිකා කතාවට මාත් එකඟයි.. ඇත්තටම ඒ වැඩේ නැවතෙන්න ඕනේ.. රට යවනවා නම් යවන්න ඕනේ උගත්, බුද්ධිමත් අය, වැදගත්, වැඩි පඩියක් ලැබෙන රැකියාවලට... නූගත් අය වැඩකාරකමට නෙවෙයි... මේ තත්වය නම් ලැජ්ජාවට කාරණයක්..
ඔයා හරියටම හරි හිරු.
Deleteඅදහසට ස්තූතියි!
Deleteයසිත් මචන් මම කොහොමත් හම්බ විරෝධියෙක් බං ඒ නිසා මම මොකුත් කියන්නේ නැහැ
Deleteඇත්තටම, මෙහි පල විපාක ලංකාවේම ඉන්න අයට විදින්න වෙනවා. නමුත්, එවැනි අර්බුධයක් මතුවීමට ඉඩ හැර ඇත්තේ කවරහු ද....?
ReplyDeleteලංකාවෙ සිංහල බෞද්ධයො මුදලට වෙනත් ආගම් වලට/ වෙනත් ජාතීන් වලට හරව ගන්නව කියල කෑ ගහනව.....
Deleteහරි ඒක වැරදියි...........
ඒත් එතකොට මුදලට ජාතිය ආගම පාවල දෙන එකාගෙ වැරැද්දක් නැද්ද ? 2):
**********************************************************************************************
හලාල් සහතිකය මුදලට ලබා දෙනවනෙ... ඉතිං ඒක මුදල් ගෙවල ලබා ගන්න ආයතන නෙවෙයිද වැරදි ?
ලෝකෙ හැමදෙයක්ම තීරණය වෙන්නෙ ඉල්ලුම සැපයුම මත.. යම් දවසක ඉල්ලුම නැවතුනාම සැපයුමත් ඉබේම නවතිනවා..
මං කියන්නෙ අපේ උන්ගෙ දැක්ම හදන්න ඕන ඔක්කොටම කලින්. ඊට පස්සෙ මුදලට විකිණීම නවතියි.
හලාල් සහතිකය යනු ඇත්ත වශයෙන්ම තත්ත්ව සහතිකයක් නොව. එහි කිසිදු වැදගත්කමක් නැහැ. නමුත්, ව්‍යාපාරිකයෝ මෙම අපනයනය කරන ද්‍රව්‍ය වලට මෙම ලාංඡනය යොදනවා. ඒ විදේශීය වෙළඳපොළ නිර්මාණය කර ගැනීමට.
Deleteඑත් මා අදහස් කරනු ලැබුවේ එය නොවේ. ආගමක අයිතීන් රැකීමට, ජාතියක අයිතීන් රැකීමට රජය අසමත් නම්....
ඊයේ (25) අනුර දිසානායක අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බුද්ධ ශාසන ඇමති පාර්ලිමේන්තුවේ කියා සිටිනවා ජාතීන් අතර අර්බුදයක් පැන නැඟී ඇති බව තමන් කිසිදු දෙයක් නොදන්නා බවයි. තමාට පැමිණිල්ලක් නැති බවයි. (කෙටියෙන් :- ඌ බබා) නමුත්, උන් වත්මන් රටේ පාලන අර්බුද වසා ගැනීමේ පරම චේතනාවෙන් ජාතින් අතර, ආරවුලක් වර්ධනය වීමට ඉඩ හැර තිබෙනවා.
ඔබ කියන පරිදි මුස්ලිම් සහ බෞද අතර සෑබෑ ගැටලුවක් ඇත. නමුත්, එයට විසදුම ලැබිය යුතු මුල්ම තැනින් විසඳුමක් ලැබෙනුයේ නැහැ. උන් පල බර වෙන්න හැර අස්වැන්න නෙලා ගැනීමට බලා සිටිනවා.
[co="blue"] කෙටියෙන් කියන්නම්, ඒකාධීපති ධනේශ්වර ගමනේ පැන නඟින අර්බුද හමුවේ ඊට සහායට එක් කරගන්නා හොඳම මිතුරා.... ජාතිවාදයයි. [/co]
එකඟයි ++++++++++++
Delete//අපි බෞද්ධයො විදියට පුනරුප්පත්තිය විස්වාස කරනවනේ.. දැං මෙහෙම අනිත් උන්ට කෙනෙහිලිකම් කරල අපි පොරවල් වගේ මැරුණ කියමුකෝ. ඊළඟ ආත්මෙත් අපි මේ ජාතියෙම ඉපදෙයි කියල මොනවද තියෙන සාධක ?? එතකොට ඉපදුණු ජාතියෙ උන් එක්ක සෙට් වෙලා අනිත් උන්ට ගේම් ගහයි. ආපහු මැරිල මේකෙ ඉපදිලා අරුන්ට ගේම් අදිවි..... ඕක සංසාරෙ තියෙනකම් නොකඩවාම වෙයි..//
ReplyDeleteඅසව්..... අසව්...... මෙන්න ඇත්ත.
ආයේ මැරිලා ඉපදෙනකල් ඉන්නේ මොකටද, දැම්මම අපිත් කොන කපාගෙන හම්බයෝ වෙමු.
උන්ගෙ ජාතියෙ විස්වාසෙ හැටියට කොන බැරි නම් සම්පූර්ණයෙන්ම කපාගත්තත් අපිට මොකද ?
Deleteමං කියන්නෙ මගේ පෞද්ගලික මතය. ඔබ අදහස් දක්වන්නෙ ඔබේ පෞද්ගලික මතයට අනුව..
අදහස් දැක්වීමට ස්තූතියි! :D
matanam hitha ganna ba oya kiyana kathawath aththa yaluwe eth api ape agama jatjiya rakaganna me wage moda wada nokara arthawath deyak karanawanam hodai kiyala matath hithenawa issara idalama lankawae weladam katayuthu muslim minissu kara ounege kadawalata nogihin inna kalin ape jathiya rakaganna thawa karanna puluwan dewal godak thiyenawa eth mokadda me halal
ReplyDeleteහලාල් කියන්නෙ දැන් ට්‍රෙන්ඩ් එකනේ :D අපි ශක්තිමත් නම් ඔය වෙන කතන්දර කිසි දෙයක් වැඩක් නෑ. ඒත් අපේ ජාතියෙ උන් අපි අපිම කෙලගන්න කොට, එකමුතුවක් නැති කොට තව මොන ජාතික එකමුතුවක්ද ?
Deleteසිරාවට ඇත්ත කතාව ..නැති ප්‍රශ්න ඇති කරන්න දඟලන ෆේස්බුක් වීරයෝ දැන් හැමතැනම !!
ReplyDeleteFacebook කියන්නෙ එක පාරින් ගොඩාක් අයට පණිවිඩ/අදහස් ලබාදෙන්න පුළුවන්. ඒකෙ දාන ඒව ප්‍රායෝගිකවත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි. :-w
Deleteමේ හලාල් සිද්ධිය අපව තවත් වර්ගවාදී අරගලයකට ඇද දමන්න වෙර දරන කුමන්ත්‍රණයක් කියා නොසිතේ ද .
ReplyDeleteකොහොමත් යුද්ධයක් තිබිල නැති උනාම නිකං මොකක්ද මොකක්ද වගේනේ. ආපහු ඇති උනාට කමක් නෑ X(
Delete@නලින් :
Deleteඔයා මහින්දගේ දෙපරන්ද ලෙව කකා ඉන්නකෝ.
ඊලඟ ආත්මේ මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් උන්ට සපෝර්ට් එකට කතා කරයි ! සිංහලයෙක් උනොත් සිංහලයන්ගේ පැත්තට කතා කරයි !
ReplyDeleteමල්ලි ඔය හලාල් ගැන දන්නේ නැතුව කතා කරන්නේ !
//සිංහල කොල්ලනේ, මුස්ලිම් කියන්නෙත් ලංකාවෙ පිළිගත් ජාතියක්. උන් එක්ක හොඳින් ඉන්න බැරි ඇයි
මල්ලි, සිංහල එවුන්ගේ හොඳකම හන්දා තමයි මෙච්චර කාලයක් හරි සහයෝගයෙන් හිටියේ. සහයෝගය සහජීවණය කියන දේ සිංහලයා ගාව ඉතිරෙන්නම තියෙනවා. අන්න ඒක මතක තියාගන්.
උබට මතක ඇති නේ බුදු පිලිමයකට වැන්දා කියලා එක රටක සිංහල බෞද්ධ පවුලකට වෙච්ච නස්පැත්තිය ? අපේ රටේ බහුතරය සිංහල වෙලාත් තාමත් එහෙම මුස්ලිම් කිසි එකෙක්ට හානියක් වෙලා නෑ.
ඔව්.. නමුත් මං කතා කරේ මධ්‍යස්ත මතයක ඉඳන්... මං කියන්නෙ කෑ ගහල වැඩක් නෑ ප්‍රායෝගිකව කරමු කියලා..
Delete[hi="yellow"]මෙතන මට මූලිකවම කතා කරන්න ඕන හලාල් ගැන නෙවෙයි. ලංකාව ඇතිලෙ ජාතීන් අතර අසමඟිය ගැන.[/hi]
ස්තූතියි අදහසට!
හිරු අක්කා කියා ඇති දේවල්වලින් බොහොමයකට එකගයි.අනිත් එක මං දැඩිව විශ්වාස කරනවා බුදුදහම සුරක්ෂිත වීම සදහා මේ රට සිංහල බෞද්ධ රටක් විදියට තව දිගු කලක් සුරැකී තියේවි කියල.තමන්ගෙ ජාතිය ආක්‍රමණකාරී විදියට පහත් විදියට පතුරුවගන්න හදන පහත් මිනිස්සුන්ට සිංහල බෞද්ධයන් විනාශ කිරීම හිතන තරම් පහසු දෙයක් වෙන්නෙ නැහැ.හැබැයි ඒ සිංහල බෞද්ධයො හැබෑ සිංහල බෞද්ධයො ලෙස ඉන්න තාක් විතරයි.ඒ බව අපේ මිනිස්සු නැවත මතක් කරගත යුතුයි.
ReplyDeleteඅනික් අතට මේ ලිපියෙ කියැවෙන දේටත් එකගයි.අපේ කාන්තාවො මැදපෙරදිග යැවීම නවත්වන්නෙ නැතුව හලාල් ගැන කෑ ගහන එක විහිළුවක්.
අදහසට ස්තූතියි!
Deleteදවස ගානෙ ප්‍රෝෆයිල් පික් එක මාරු කරන්නෙපා පොඩ්ඩි. අඳුර ගන්න බෑ ~X(
නෑ නෑ අය්යෝ ආයෙ මාරු කරන්නෑ..!
Deleteමෙව්වගැනනම් කතාකරල වැඩක් නෑ අප්ප... හැබැයි මේගැන ඔලුව කල්පනා කරල වැඩ නොකලොත් ඉස්සරහට විඳවන්න වෙන්නෙ අවුරුදු තිහකට වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන්....
ReplyDeleteඔව්.. මමත් ආපහු මේව ගැන ලියන්නෙ නෑ. :((
Deleteහලාල් ගැන කෑ ගහල වැඩක් නෑ කියල කියන්න කලින් හිතන්න දේකුත් තියනවා. රටේ 85% කටම හලාල් අවශ්‍ය නැත්නම් ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයෝ අර තරම් මුදලක් වැය කරන එකෙන් බහුතරයක් පාරිභෝගිකයාට වෙන්නේ අසාධාරණයක්. ඒ ගැන කතා කිරීම වරදක් නෙමයි. මේ දේවල් දැන් නොසලකා හැරලා බරපතල තත්වෙකට ආවට පස්සේ කෑ ගහන එකයි වැරදි.
ReplyDeleteකලින් තිබුන යුද්ධේ උනත් ඇති උනේ නියපොත්තෙන් කඩන්න තිබුන දේ පොරවෙන් කපන්න වෙනතුරු අහක බලාගෙන හිටපු නිසා. මේ ප්‍රශ්නෙටත් ඒ දේ වෙන්න නොදෙනවානම් හොඳයි.
පුනරුප්පත්ති කතාව ගැන මාත් ඉන්නේ හිරුගේ මතයේ.
ආගමික සහජීවනයට ඕනා තරම් අවකාශ තියන රටක් ලංකාව. රටේ පොදු නීතියට යටත්ව, කැමති ආගමක් අදහගෙන (අනුන්ට බලපෑමක් නොවෙන විදියට) ඉන්න කාටවත් අවහිරයක් නෑ. ඒත් විශේෂිත විදියට නීතියෙන්, ආගමෙන් ඉස්මතු වෙලා පොදු නීතියට තර්ජනයක් වෙන්න යනවනම් ඒ වගේ දේවල් වලට ඉඩ දෙන එක යුතු නැහැ.
ඕකට වගකිවයුත්තො ඉන්නව නේද,
Deleteජනාධිපති සිංහල බෞද්ධ
අගමැති සිංහල බෞද්ධ
වෙළඳ ඇමති සිංහල බෞද්ධ
ඉතිං මුං එකෙක්ටවත් මේව පේන්නෙ නැද්ද ? :(
"මේවත් විදේශ කුමන්ත්‍රණද ?"
ReplyDeleteනෑ බං මෙවා සේරම දේශපාලන සෙල්ලමි...
මිනිස්සුන්ව ඉත්තො විදියට පාවිචිචි කරනවා උන් දන්නෙත් නැතුවම..
:)) උන් අපිව නටවල ආතල් ගන්නවා. අපි උන්ගෙ පදේට නටල ආතල් ගන්නවා [im]http://pahantharuwa.info/simili/KK--==11A.gif[/im]
Deleteමෙතන මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ පුටුව උඩ ඉඳන් පින්තූර ෂෙයාර් අරණ පිරිසකුත් එක්ක.. එකට කරන්න තනා එකම දේ ඔළුව පාවිච්චි කරවීමයි. උනුත් සුක්ෂමනම් අපිත් සුක්ෂම වෙන්න ඕනේ..
ReplyDeleteඅනිවා මං එකඟයි 100% ක්ම
Deleteඅපි උන්ටත් - උන් අපිටත් >>>>>>>>>>> [im]http://pahantharuwa.info/simili/Pahan_21.gif[/im]
හිතන්න යමක් තියනවා...මේකෙදි ඔය කියනවා වගේ සාධාරණ වගේම අසාධාරණ කරුනුත් දෙපැත්තටම තියනවා...
ReplyDeleteඇත්තෙන්ම.. නැත්නම් අපිත් මේ වගේ තමයි.. :))
Delete[im]http://pahantharuwa.info/simili/Shooting.gif[/im]
මට හලාල් ඕන...
ReplyDelete[im]http://pahantharuwa.info/simili/01-arunella.com-chat-01%20%2810%29.gif[/im]
DeleteThis comment has been removed by the author.
Deleteමමත් හම්බ විරෝධියි යසිත් අයියේ....ඒ උනාට මේකේ ඇති වැරැද්දකුත් නෑ...ඒත් අයියා සමහර හම්බයින්ගේ බලු වැඩ දන්නවානම් ඔයත් එහෙම වෙයි...අනේ මන්දා...මුකුත් නොකියමි....
ReplyDelete