Skip to main content

මමත් දැන් බස් හිමියෙක්...

හැමදාම කිලෝමීටර් 100 කට වඩා මාතර-ගාල්ල බස්වල ගාටල ගාටලම දැං පදම් වෙලා. මුල් දවස්වල පට්ට එපාම උනත් දැන් නම් හුරු වෙලා. ඔන්න ඉතිං තවත් අළුත් ඉරක් පායපු දවසක මං තුමා සුපුරුදු ගමන පටන් ගත්තලු. (කොච්චර CTB තිබුනත් ප්‍රයිවෙට් බස්වලම යන්නෙ ආතල් එකේ මියුසිකල් ශෝ ටිකක් බල බල යන්න පුළුවන් නිසාමයි.)

ඔන්න ඉතිං බස් එකට නැඟල ලස්සනට ජනේලෙ අයිනෙ සීට් එකකුත් අල්ල ගත්ත.. මට පොඩි කාලෙ ඉඳල එන පුරුද්දක් තමයි මොකක ගියත් ජනේලෙ අයිනමයි ඕන වටපිට බල බල යන්න.. සක්කරයගෙ පුතා බන්දුල අංකල් ආවත් ඒ සීට් එක නම් දෙනව බොරු.

උදේ ගෙවල් ගාව බස් එකේ අපි නඟින හරියෙන් සෙනඟ අඩුයි. ඉතිං මටත් සීට් එකක් ලැබෙනව ගොඩක් වෙලාවට. අනිත් හිටගෙන යන්න අකමැති ලොකුම හේතුව තමයි වැරදිලාවත් බස් එක බ්‍රේක් පාරක් ගැහුවොත් නැන්දල,ආච්චිලගෙ රැවුම් ගෙරවුම් උදහසට ලක් වෙන්නෙ වෙන එක.. අහිංසක අපි පැත්තකට වෙලා හයියෙන් අල්ලන් හිටියත් ඔය සමහර ඇන්ටිල බලෙන්ම ඇඟේ හැප්පිල අපිටම ඔරවනව. අනේ මංද.. අපි එයාලගෙ ඇඟේ ඉස්සෙල්ල හැප්පුනේ නෑ කියල තරහට වෙන්න ඇති.

හරි ඔන්න ආපහු සිද්ධියට එමු. ඔහොම බස් එකේ ගිහිල්ලම දැන් ගොඩක් බස් වල කොන්දල අඳුරනව. ඒ අදුරන කම නිසමද කොහෙද සමහර දවසට ඉතුරු රුපියල් 5 ත් තියා ගන්නව. ඔන්න අදත් එහෙම බස් එකට නැඟල හරි බරි ගැහිල වාඩි වෙලා ටිකට් ගන්න සල්ලි දුන්න. අපරාදෙ කියන්න බෑ ෆුල් ටිකට් එකක සල්ලි අරන් ටිකට් බාගෙකටත් අඩු කෑල්ලක් ඉතුරු සල්ලිත් එක්ක දුන්න. දන්නවනෙ ඉතිං ප්‍රයිවට් බස්වල ටිකට් දෙන හැටි. ගොඩක් වෙලාවට දෙන්නෙත් නෑ.. දුන්නත් හරි ලස්සන හැඩ වලට ඉරල දෙන්නෙ. මගේ අනිත් ටිකට් බාගෙ ටිකට් එකහමාරක් ගනිපු කෙනෙක්ට දෙන්න ඇති. ඔය පුංචි කොළ කෑල්ලෙ කෙල්ලෙක්ට නම්බරේ ලියල දෙන්නත් මදි.

ඔන්න ඕක තිබුනත් වැඩක් නෑනෙ කියල ඒක ජනේලෙන් එළියට පා කරල දැම්මා.. ඔහොම සතුටින් සමාදානයෙන් මගේ එහා පැත්තෙ ගෑල්ලමයෙකුත් වාඩි වෙලා එනකොට එක පාරටම බස් එක පිටිපස්සෙන් ආපු සුදු වෑන් එකක් බස් එක ඉස්සරහින් පාර හරස් කරල නැවැත්තුව.. බඩුම තමයි. මං රාජ්‍ය විරෝධී බ්ලොග් කාරයෙක් කියල දැනගෙන ආණ්ඩුවෙ කූට කුමන්ත්‍රණකාරී, ඊනියා සුදු වෑන් එකක් මාව පැහැර ගන්න එවල වත්ද? වෑන් එකේ පිටි පස්සෙ දොර ඇරන් තද නිල් පාට අර ගැරේජ්වල මජං කිට් එක වගේ එකක් ගහපු හතර දෙනෙක් බැස්ස. දෙන්නෙක් දුවල පස්සෙ දොරෙන් නැග්ග අනිත් උන් දෙන්නත් ඈණුම් ඇර ඇර ඉස්සරහ දොරේ එල්ලුනා. යසට ආපු බස් එක මුං එන්ජිම වත් ගලවන්න ආවද?

"ටික්කො ඇවිල්ල"

මගේ ඉස්සරහ ඇන්ටි අනිත් කෙනාට එහෙම කියද්දි තමයි මට පරිසරයට විනාඩියක් කරන මතක් උනේ. ඇයි යකෝ මොන ලෝකෙද ප්‍රයිවෙට් බස් වලට ටික්කො පනින්නෙ. ඇරත් මේ උදේ පාන්දරම. මේ අවුරුදු 21 ටම මෙහෙම කතාවක් ඇහුවමයි.

"ටිකට් ප්ලීස්"
ගහා ඉස්සරහින් නැගපු ටික්කො දෙන්න ටිකට් බලනව. මට හීන් දාඩිය දාල. මං පහත් වෙලා ටිකට් එක හෙව්ව. දැන් කොහෙ හොයන්නද.. ඒ මදිවට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න කෙල්ල මං බිමට පහත් වෙලා ඉන්නකොට මාව මරන් කන්න වගේ ඔරවනව.
දැන් මොකක් කරන්නද.. හයියෝ මං වගේ බූරුවෙක්.. දැං ඉතින් රුපියල් 100 කුයි ටිකට් එක වගේ දෙගුණෙකුයි ගෙවපන්කො.
ඒත් කමක් නෑ මේ උදේ පාන්දර ඔෆිස් බස් එකේ ඉස්කෝලෙ යන කෙල්ලො පිරිල. ඉතිං කන්න වෙන නෝන්ඩියෙ තරම මිල කරන්න බෑ..
අරුන් දෙන්න ටිකට් බල බල පස්සට එනව. පස්සෙ උන් දෙන්න ඉස්සරහට එනව. දැන් නම් ඇඬෙන සයිස්. මං ආපහු පර්ස් එක ඇඳල බැළුව...

අම්මට සිරි.. දෙවියන් කොතරම් කාරුණිකද.. මං ඊයෙ ගනිපු ටිකට් එක වැරදිලා සල්ලිත් එක්ක පර්ස් එකේ.. ඒකත් රතු පාට ටිකට් එකක්. අද මේකෙ දුන්නෙත් රතුපාට ටිකට් එකත්. ගමන් ගාස්තුවත් එකමයි.. මගේ කට කණ ගාවටම ඇඳුනා. ඒක ආපහු නෝමල් උනේ එහා පැත්තෙ කෙල්ල ඔරවපු එරවිල්ලට. ඇයි යකෝ පුදුම ආණ්ඩුවක්නෙ. කොල්ලෙක්ට තමන්ගෙ මූලික අයිතිවාසිකමක් වෙන තනිවම සිනාසීමේ අයිතිය වත් මේ රටේ නැද්ද ?

මං ෆුල් ෆිට් එකේ ඉන්නව. ටික්කො මට ඉස්සරහ සීට් එකේ ඇන්ටිල දෙන්නගෙත් ටිකට් බැළුවා. ඊළඟට මං ඉන්න සීට් එකේ. මං දැන් උන්ව නෝ කෙයාර්. මං අහක බලං ටිකට් එක දික් කරා..
ටික්ක ඒක ගත්තෙ නැතුව කොන්දට හයියෙන් කතා කරා..

"මල්ලී, බස් එකේ නම මොකක්ද ? "
-"ABCD Travels"

ඒක අහපුවම තමයි මට ආපහු පෙෂර් වැඩි උනේ. මං දි කරපු ටිකට් එක ආපහු නෝමල් එකේ ඇඳල අරන් බැළුව.
ටික්ක ගහයි බැට් එකෙන් කිව්වලු. ටිකට් එකේ ගහල තියෙන්නෙ "XYZ Express" කියල ලස්සනට ලොකුවට.

"සර්, ටිකට් ප්ලීස් "

මෙන්න මූ මට සර්ලු. දැන් ඉතිං මට මූට බුදු මහත්තයෝ කියල වඳින්න තමයි වෙන්නනෙ. මගේ කටේ කෙළ හිඳිල. වචන පිට වෙන්නෙ නෑ. මං ඇස් දෙකත් ලොකු කරන් බලං ඉන්නව නෝ කතා..

"ටිකට් ප්ලීස් "

ආපහු ඉල්ලුව. දැන් "සර්" කෑල්ලත් හැලිල. ඊළඟට මූ "ටිකට් පෙන්නපං #%#@" කියනව ෂුවර්.. 
මං අඬන්න කට අරින්න හදනකොටම එතන හිටපු කොන්ද මං වෙනුවෙන් පෙනී සිටියා.

"මේ බස් එක අයිතිකාර මහත්තය" කියල මාව පෙන්නුව.

මගේ කට උල් උනා. ඇයි යකෝ බස් එකේ යන්නවත් සල්ලි නැති මං බස් එකේ අයිතිකාරය උනාම..

"හා.. එහෙමද.. ඕකේ සර් " කියල ටික්ක ඊළඟ සීට් එකට ගියා..
අනේ මගේ බුදු කොන්ද අයියේ... මං උඹ වෙනුවෙන් උදේ හවස පහනක් තියනව සත්තයි.. උඹ හැමදාම මගේ ඉතුරු රුපියල් 5 තියාගනින්. මං මුකුත් කියන්නෙ නෑ..
මං සැනසුම් හුස්මක් හෙලුව..

" මේ.. අර කහ පාට බස් එකත් ඔයාලගෙ නේද? "
හෑ.. මෙන්න යකෝ මෙච්චර වෙලා මට ඔරවපු එකී දැන් මාත් එක්ක බලෙන්ම කතා කරනව.. හපෝයි.. ගෑණු ජාතී- නෑ විස්වාසේ කියන්නෙ ඕකනෙ.
-"හ්ම්ම්.." මං කෙටියෙන් උත්තර දුන්න. මං මොකටද දැන් ඔය දෙකයි පණහෙ උම්බල කඩ කෑලි ගනන් ගන්නෙ. මං දැන් බස් හිමියෙක්නේ..
ඊළඟ හෝල්ට් එකෙන් ටික්කො බැහැල ගියා.. හම්මේ.. දැනෙන සැහැල්ලුව..

"ටිකට් ගන්න... ටිකට් ගන්න.."

මොකක්.. තව ටික්කෙක්ද ? හා.. නෑ මේ අපේ කොන්දොස්තර මහත්තයනේ.. කොච්චර හොඳ මනුස්සයෙක්ද? මං ගෞරවයෙන් පොර දිහා බැලූවා.

"හා.. මල්ලී.. මේ පාර නම් මං නිසා බේරුණා. ටිකට් එක පරිස්සමෙන් තියා ගන්නවකො. බස් එකේ අයිතිකාරය හිටිය නම් මාව කාවි"

මං දැක්කෙ මං ගාව හිටපු කෙල්ලයි අනිත් නැඟිටල හිටපු කෙල්ලො ටිකයි ලේන්සු වලින් කටවල් වහ ගන්නව විතරයි. මං ජනේලෙන් එළියට බෙල්ල දැම්මා..

අනේ ටික්කෝ... මාව අල්ලන් පලයන්කෝ.. මං දඩත් ගෙවන්නම්.. ටිකට් එකට ඩබල් ගෙවන්නම්.. මාව මේ බස් එකෙන් එළියට අරං පලයන්කෝ....
 

Comments

  1. Replies
    1. මටත් දැන් මතක් වෙනකොට නම් රසවත් :D

      Delete
  2. //ඔය පුංචි කොළ කෑල්ලෙ කෙල්ලෙක්ට නම්බරේ ලියල දෙන්නත් මදි. ඔන්න ඕක තිබුනත් වැඩක් නෑනෙ කියල ඒක ජනේලෙන් එළියට පා කරල දැම්මා..//
    ඇත්තමයි මේ ටික කියවද්දි එක පාරටම ඔලුවට ආවෙ හදිස්සියෙවත් ටිකට් චෙක් කරන්න ආවොත් තමයි වැඩේ කියල. බලනකොට ඒකමනෙ වෙලා තියෙන්නෙ ;) මම නම් බස් එකෙන් බහිනකම් ටිකට් එක පරිස්සම් කරල තියාගන්නව.

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවෙට් බස් වල ඉස්සර ඔහොම බැළුවෙ නෑනේ. දැන් තමයි අළුත් නීතිය X(

      Delete
  3. හයියූ....... මදැයි කොලා! සිරාවට අර දඩ ලැයිස්තුව ගෙව්වනම් අහවරයි :D

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඔයාගෙ අර නසරානි යාළුවො සෙට් එක වගේ කෙල්ලො ටිකක් නොහිටියෙ. හිටිය නම් ආපහු බස් එකක ගිහින් ඉවරයි මම :))

      Delete
    2. අනේ අපිනම් මුකුත් කියන්නේ නෑ ඕං ;) පව්නේ =)

      Delete
  4. // ඒක ආපහු නෝමල් උනේ එහා පැත්තෙ කෙල්ල ඔරවපු එරවිල්ලට. ඇයි යකෝ පුදුම ආණ්ඩුවක්නෙ. කොල්ලෙක්ට තමන්ගෙ මූලික අයිතිවාසිකමක් වෙන තනිවම සිනාසීමේ අයිතිය වත් මේ රටේ නැද්ද ?//
    උඹට කෙල්ලක් එරෙව්වත් ආණ්ඩුවද බං පලි?

    පස්ටම කතාවක් ඈ... උඹට බලෙන් කතා කරපු කෙල්ලො බලෙන්ම ආයිත් ඔරවන්න ඇති නේ..??

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව මහජනතවගෙ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හරියට ආරක්ෂා කරනව නම් එහෙම වෙන්නෙ නෑනේ :-q :-q

      Delete
    2. මේක යකාගෙ ආන්ඩුවක්නෙ බොල ... මොනා උනත් බනින්නෙ ආන්ඩුවට
      HKzzz

      Delete
  5. චැකේ..චැකේ..හරිම නෝන්ඩියක් තමා..))

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අෆ්ෆා.. වස ලැජ්ජාව 7:P

      Delete
  6. හපොයි දෙයියනේ.... මුට වෙලා තියෙන වැඩක්...වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා....කොහොමෙන් කොහොම හරි තත්පර කීපෙකට හරි බස් හිමියෙකුත් වුනා එහෙනම් ඈ......හික්......

    ReplyDelete
    Replies
    1. 2):) අපිටම කියල බස් නැතත් අපි බස් හිමියො තමයි හරිද ?

      Delete
  7. හිහ් හිහ් ලොවෙත් උබටමයි වෙන්නෙ .. ඈ :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං.. මටමයි වෙන්නෙ :((

      Delete
  8. පට්ට නෝන්ඩියක්නේ කන්න්න වෙන්නේ තාපොඩ්ඩෙන්... ඒත් කොන්ද අර ලාස්ට් ටෝක දුන්නට පස්සෙත් ඉතින් විලි ලැජාව දාගන්න තැනක් නැතිවෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. විළි ලැජ්ජාව දාන්න තැනක් නැතුව තමයි බෙල්ල එළියට දැම්මේ :))

      Delete
  9. ප්‍රයිවට් බස්වලත් ටිකට් බලනවාද? මාර සීන් එකනේ.
    යසිත් ඉන්නේ මාතර වගෙයි!
    මොනවා වුනත් මොහොතකට හරි බස් හිමියෙක් වුනා නෙව.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මාතරනේ.. ඒකනෙ අෆ්ෆා.. වෙනද ප්‍රයිවෙට් බස්වල බලන්නෙ නෑනේ :(

      Delete
    2. මාතර ඉඳන් ගාල්ලට කිලෝ මීටර 50ක් නැහැ නේ. එතකොට කිලෝමීටර 100 කට වැඩිය යන්නේ කොහොමෙයි?
      අපිත් ගඟෙන් එහා පැත්තට අයිතිවාසිකම් කියන ඈයෝ තමයි ඕන්..... ;)

      Delete
    3. ඇයි අපේ ගෙදර ඉඳන් මාතරට කිලෝමීටර 20ක් එන්නත් එපැයි. කොහොම හරි දවසට යන්න එන්න කිලෝමීටර 150කට වැඩියි :-/

      Delete
  10. ඊ ලඟ දවසෙදි ඔය බස් එකටම නැගලා ටිකට් නොගෙන කොන්ද ටිකට් ගන්න කිව්වොත් කියපං යසිත් " මම මේ බස් එකේ අයිතියාකරයා " කියලා...හි හි හී

    ReplyDelete
    Replies
    1. වැරදිලාවත් ඇත්ත අයිතිකාරය හිටියොත් අහවි මං උඹේ තාත්ත උනේ කවදද කියල :D

      Delete
  11. තව පොඩිඩෙන් විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරි වෙනවා මයෙ හිතේ......

    "මට පොඩි කාලෙ ඉඳල එන පුරුද්දක් තමයි මොකක ගියත් ජනේලෙ අයිනමයි ඕන වටපිට බල බල යන්න."
    හා හා අපිටත් එහෙම තමයි.....

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් නෙවෙයි කොහොමත් සන්තෝසෙ බැරි උනා :((

      Delete
  12. අඩෝ! කොල්ලා පජාතම වෙලානේ! බස් එකෙන් පැනලා මැරුනානම් සැපයි!

    ReplyDelete
    Replies
    1. ජනේලෙ පොඩි වැඩි උනා නාඩියෝ :((

      Delete
  13. හොද වෙලාවට කොණ්දා හොද බුවෙක් උනේ..

    ReplyDelete
    Replies
    1. උගේ මොකක්ද තියෙන හොදේ ?? මාව අහු කරා නම් ඉවරයි නෝන්ඩි නොදා :-O

      Delete
  14. හපොයි උඹටත් වෙන වැඩ..

    ReplyDelete
  15. නියම කතාව යසිත් මල්ලි

    ReplyDelete
    Replies
    1. හි හි.. පට්ට නෝන්ඩියනේ :))

      Delete
  16. අඩේ මාර කේස් එකනේ වෙලා තියෙන්නේ... මටමයි නේ වෙන්නේ නේද මලේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අෆ්ෆා.. මටමයි වෙන්නේ :((

      Delete
  17. අනේ මෙයාටත් වෙන වැඩ...

    ReplyDelete
  18. ප්‍රයිවෙට් බස් වලට ටික්කො පනිනවා කියලා මමත් අහල නැහැනේ. ලංකාවේ අලුත් නීතියක්ද? මොනවා උනත් වෙච්ච වැඩේනම් මරු ඈ :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. අළුත් නීතියක්.. තද නිල්පාට කිට් එකක් ගහන් එන්නෙ :7

      Delete
  19. ප්‍රයිවට් බ්ස් ටික්කන්ගෙන් කරදර කොන්දට ඩ්‍රයිවර්ට විතරයි :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් උන් අපෙන් ටිකට් ඉල්ලනෙ මොකටද? :-O

      Delete
    2. කොන්දා ටිකට් දුන්නද කියලා බලලා දීලා නැත්නම් කොන්දාට ගේම සෙට් කරන්න

      Delete
    3. මොකක් @-) එහමද ? එහෙනම් මං ඕකට රිටර්න් එක දෙනව. ඊළඟ දවසෙත් ටිකට් එක විසි කරල දුන්නෑ කියනව :D

      Delete
    4. හැබැයි බස් එකේ හැමෝම ගාව ටිකට් තිබිලා ඔයා ගාව ටිකට් නැති වුණත් වෙන දේ හිතාගන්න පුලුවන් නේද :P

      Delete
  20. කොහොමහරි යන්තම් බේරුන එක ලොකු දෙයක් .... :)මමයි යාලුවෝ සෙට් එකකුයි දවසක් ටිකට් නැතුව මාට්ටු වෙලා කුජිත උනා .... :))))

    ReplyDelete
    Replies
    1. අහු උනා නම් හොඳයි කියල හිතෙනවා :( අරම නෝන්ඩියක් නොකා :((

      Delete
  21. අපිත් මේ පැත්තට ආවෝ... මම මේ බ්ලොග් එකේ ආසම ඔයා මේ ක්මෙන්ට් වලට දාන ඇනිමේෂ්න එකට..

    ReplyDelete
    Replies
    1. හි හි... ඇයි මං ලියන පෝස්ට් වලට ආසා නැද්ද ? :D

      Delete
  22. හත් ඉලව්වේ මේකාට වෙන වැඩ. පට්ට නෝන්ඩිය.

    ReplyDelete
  23. අපොයි ... වසල හමාරයි අපි යන බස් වල 112 ක් ගෙවලත් ටිකට් දෙන් නෑනෙ. උපරිම දුරටත් එහෙමනේ. ඇත්තම සීන් එකක්ද මේ ? ෆට්ටෙට ලියලනම් තියෙනව

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බං :D පුතෝ දැන් අළුත් නීතියක්. ප්‍රයිවෙට් වලත් ටිකට් බලනවා. වෙනම ටික්කො ජාතියක් ඉන්නව ඒකට :))

      Delete
  24. අයියෝ මොනාද මල්ලි අපි නම් ටිකට් ගත්තු ගමන් පරිස්සමට පර්ස් එකේ දාගන්නවා... අම්මෝ අර ජනේලයක් ගාව සීට් එකක් අල්ලගන්න එකේ මමත් උපරිමයි... අරින්න බැරි ෂටර් එකක් ගාව යන එක තරම් හෙණයක් නෑ තවත්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අක්කටත් බස්වල වමනෙ යනවද ? :D

      Delete
  25. මම කියවපු යසිත්ගෙ පලවෙනි පෝස්ට් එක. නියමෙට ලියලා තියෙනවා. මාත් පාං ගෙඩියෙත් අයින තමයි හොයන්නෙ.http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මොකද මගෙ ඉමොටිකොන් එක අමුවෙන් තියෙන්නෙ? ඕක කොහෙන්ද ගත්තෙ යසිත්, අපිටත් කියමුකො බලන්න.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. [im]http://pahantharuwa.info/simili/%3b%3b%27%27%27tharupenawaaa%27%27%27--.gif[/im] ගූගල් එකේ අහම්බෙන් හම්බ උනේ.. මං තාමත් හොයනව ඒ ගැන පෝස්ට් එකක් දාන්න හිතන්. ආපහු හම්බ උන ගමන් පෝස්ට් එකක් දාන්නම් :D

      Delete
  26. පස්ටයි... තෝ කොහේද ඉන්නේ හරියට කියපං..

    ReplyDelete
    Replies
    1. මං ගෙදර ඉන්නේ :P

      (මාතර - අකුරැස්ස - වැලිගම 3ටම මැද්දේ )

      Delete
  27. හප්පො ඔයින් ගිය මදැයි,,, විලි ලැජ්ජවේ සන්තොසේ බැ.

    ReplyDelete
    Replies
    1. නෝන්ඩි සාගරේ.. පීන පීන නාන සේ :D

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත