
මං නෙට් එන්න පාවිච්චි කරන්නෙ ඩයලොග් Limited Data package එකක්. ඉතිං data කියන එක මාර විදියට අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නෙ. දැනට මං අනිත් යාලූවන්ගෙ බ්ලොග් 179 ක් ෆලෝ කරනවා. ඉතිං දවසකට අනිවා පෝස්ට් 30ක් 40ක් රීඩරේට එනවා. සමහර සයිට් ගොඩක් බර වැඩී. ඉතිං දවසකට ඔය ටික කියවන්නයි කොමෙන්ට් කරන්නයි 100mb වලට වඩා යනවා. මං හැම තිස්සෙම උත්සාහ කරන්නෙ එක පෝස්ට් එකක්වත් මඟ නොහැර කියවන්න.
ඉතිං මං මගේ මෙව්ව එක හොඳටම වෙහෙසවල මේකට විසඳුමක් කල්පනා කරා. මං දන්නව මට වගේම තවත් ගොඩ දෙනෙක් මේ දැවෙන ප්‍රශ්නෙන් දැවි දැවී ඉන්නෙ කියල. ඉතිං සියළු data පෙරේත බ්ලොග් කියවන්නන් වෙනුවෙන් මං පෙනී සිටින්න තීරණය කරා
ඔහොම කල්පනා කරද්දි මට ටිකිරි මොලේ පහල උනා.. බ්‍රවුසරේ image loading disable කරත් වැඩක් නෑ. සමහර පෝස්ට් වල අර්ථය නැති වෙනව. විජෙට්, තීම් ලෝඩ් වෙන්න තමයි වැඩිපුරම ඩේට වැය වෙන්නෙ. ඉතිං ඕව ලෝඩ් නොවී පෝස්ට් එක කියවල කොමෙන්ට් එක දාල යන්න පුළුවන් නම්.......
හරී..... යුරේකා යුරේකා..

- http://www.yasith.net?m=1
- ඕනම බ්ලොගර් බ්ලොග් පෝස්ට් එකක් මේකෙන් අවම ඩේට ප්‍රමාණයකින් කියවන්න පුළුවන්.
- ඔයාට එදිනෙදා හම්බවෙන බ්ලොග් පෝස්ට් වල Link එක මේ විදියට කොපි කර ගන්න.

- දැන් මේ කොපි කර ගනිපු බ්ලොග් ලින්ක් එක මේ මගේ
Data Saver Blog Readerඑකේ URL box එකට copy-paste කරල View Blog බොත්තමට කොටන්න.

- දැන් පට ගාල ඒ පෝස්ට් එක කොමෙන්ට් ටිකත් එක්ක ලෝඩ් වෙයි.
- සාමාන්‍ය විදියට කොමෙන්ට් කරන්නත් පුළුවන්
- කොමෙන්ට් කරල Publish කරද්දි ආපහු redirect වෙන්නෙ සාමාන්‍ය තීම් එකමයි. ඒ නිසා කොමෙන්ට් එක පබ්ලිශ් වෙන්න redirect වෙද්දි tab එක close කරන්න. අවුලක් වෙන්නෙ නෑ.
- කෙලින්ම URL එක ටයිප් කරල බ්ලොග් කියවනව නම් මුලට http:// යොදන්න මතක තියා ගන්න..
හරිනෙ එහෙනම්.. වැදගත් උනා නම් එච්චරයි..ආ තව දෙයක් මං ළඟදි ඉඳන් පොඩි සමීක්ෂණයක් කරනවා
- ඔයා පෙම්වතෙක් නම් ගෑල්ලමය බලන්න යන මුල්ම දවසෙ එයාට ගෙනියපු තෑග්ග මතකද ?
- ඔයා පෙම්වතියක් නම් ඔයාගෙ ආදරවන්තය මුලින්ම දීපු තෑග්ග මතකද ?
- අනාගතේ ආදරේ කරන්න බලාපොරොත්තු වෙන අයත් මුලින්ම දෙන්නෙ මොන වගේ දෙයක්ද කියල යන්නකෝ..
ගොඩක් ප්‍රයෝජනවත් post එකක් thank you ලොක්කා
ReplyDeleteප්‍රශ්නෙට උත්තරේ ..මට දැන් මතක නැ බන් මට මුකුත් ගෙනිච්චේ නැද්ද කොහෙද හැබැයි පස්සේ නම් හෝ ගාල අරන් දුන්න බනියෝ චෝක්කෝ .... :D
:) වැතගත් සොයා ගැනිමක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගොඩක් ප්‍රයෝජනවත් post එකක් thank you ලොක්කා
ReplyDeleteප්‍රශ්නෙට උත්තරේ ..මට දැන් මතක නැ බන් මට මුකුත් ගෙනිච්චේ නැද්ද කොහෙද හැබැයි පස්සේ නම් හෝ ගාල අරන් දුන්න බනියෝ චෝක්කෝ .... :D
:D චොකෝස් කන්න නම් හැම කෙල්ලම වගේ කැමතියි.. වෙන මුකුත් සිහිවටන වගේ මෙව්ව දුන්නෙ නැද්ද ?
Deleteසිහිවටන ඉතින් උම්මා තමයි. ...තව ඉතින් මාල ... වලලු වගේ සුකුරුත්තන් කෑලි perfumes වගේ දේවල් තමයි. ඔක්කොටම වඩා පන වගේ ආදරේ දීපන් මලේ....
Delete:D පණටත් වඩා ආදරේ දීල තමයි තියෙන්නෙ. එයත් එහෙම උනොත් හොඳා :x
Deleteතෑන්ක්ස් මචං...
ReplyDeleteපෙම්වතෙක් වීම සම්බන්දව මගේ උණුසුම් සුබ පැතුම් කොල්ලා :D
සිරාවටම මාර ප්‍රයෝජනයි මචන්.. උඹට කියන්න සමහර බ්ලොග් සයිට් තියනව මගෙ දුප්පත් මෙව්ව එකෙන් ලෝඩ් වෙන්න ගියාම එපා වෙනව.. මේකෙන් හිටු කියල ලෝඩ් වෙනව.. එලම කිරි.. අරක බුක් මාක් කරගත්තා :)
Deleteතැන්කූ... මං සමීක්ශණයක් විතරයි කරන්නේ :7
Deleteමාර ගේමක්නේ. මේක හිරුවට එහෙම මාර විදියට වටිනවා...මේ මටත් වටිනවා මලයෝ..
ReplyDeleteස්තූතියි නලින් අයියේ.. :)
Deleteගොඩක් වැදගත් ස්තුතියි෴ යසිත්
ReplyDeleteතැන්කූ සංජය.. :D
Deleteඅඩෝ කෙලින්ම ජංගමෙන් ආව නම් ඔය කිසි ඉලවුවක් නෑනේ... :B
ReplyDeleteසිංහලෙන් කොමෙන්ට් දාන්න බෑනෙ බං. අනික රීඩරේට එන පෝස්ට් එකින් එක කියවන්න ගියාම අවුරුදු ගානක් යාවි :D
Deleteස්තුතියි යසිත් මල්ලි
ReplyDelete:) :) ඔයාලට ප්‍රයෝජනවත් නම් එච්චරයි අයියා :)
Deleteබොහොම වටින තොරතුරක්..ස්තුතියි යසිත් මල්ලි :)
ReplyDeleteස්තූතියි අක්කි :D
Deleteඅහ්හ්...ඔය තියෙන්නේ නියම වැඩ කෑල්ලක් හොයා ගෙන....
ReplyDeleteඅනේ.... මේකාගේ සමීක්ෂණ..... අපි දන්නවා මොකාටද එන්න හදන්නේ කියල..... :p
ෂ්.... ෂ්.. කෑ ගහන්න එපා ~X(
Deleteඅඩෝ යසිත් උඹත් අහන්නේ රෙදි ගැලවෙන ප්‍රශ්නනේ බං. කමක් නැහැ කියන්නම් කෝ. මම ගෙනිච්චේ කැන්ඩොස් චොකලට් එකක්. හැබැයි මගේ කරුමෙටද කොහේ එකේ පණුවෙක් ඉඳලා. ඔය පල්ලෙහා ලින්ක් දෙක බලපන් කන්න උන කට්ට.
ReplyDeleteපොස්ට් එකනම් හරිම වැදගත් ලෙසියකට මේ වගේ අයිඩියාවක් එන්නේ නැහැනේ. එලම තමයි මචෝ ඩොන්ගල් පාවිච්චි කරන එක මලම ඇනයක්.
http://chithula.blogspot.com/2012/09/blog-post.html
http://chithula.blogspot.com/2012/09/blog-post_4.html
:D තැංකූ කෝරලයෝ.. පණුව හිටියට මොකද වැඩේ ගොඩනේ :P
Deleteමේක නියමයි.
ReplyDeleteතැංකූ වේවා! :))
Deleteලිපියෙන් හොඳ අදහසක් දීලා තියෙන්නේ. ඒ විතරක් නොවේ අනම්-මනං කෑලි බ්ලොග් එකේ එල්ලා අනිත් අයගේ බිට්-බයිට් කන්නේ නැතුව ඉන්නත් අපි හිතාගන්න ඕන.
ReplyDeleteහි හි.. ඔව් ඔව්.. තැංකූ හොඳේ :D
Deleteපෝස්ට් එකනම් වටිනවා බං.එළ!
ReplyDeleteප්‍රශ්නෙට උත්තරේ - මං නම් දුන්නේ චොකලට්.
චොකලට් එකක් තමයි මමත් දෙන්න හිතන් ඉන්නේ :D තව මොකක් හරි දෙන්නත් ඕන. චොකලට් එක කෑව එතනින් ඉවරනෙ :-* :-*
Deleteඒක නම් මාර වටිනවා යසිත්. හුඟක් අය සීමිත ඩේටා පැකේජ් නේ පාවිච්චි කරන්නේ.
ReplyDeleteමමත් සීමිත ඒවනෙ. ඒකයි මටත් වැදගත් :)
Deleteගොඩාක් වටිනවා මචං ස්තුතියි...
ReplyDeleteආහ් අර සමික්ෂණයට සුභ පැතුමි.... හි හි
මොකෝ නිකං නෝන්ඩි හිනාවක් දාන්නේ ? ^#(^
Deleteම්ම්ම්.... මට හම්බුණේ පාකර් පෑනක්...
ReplyDeleteලිපිය නම් ගොඩක් හොඳයි මල්ලි... ඩොන්ගල් පාවිච්චි නොකලත් මටත් ඔය ලෝඩ් වෙන ප්‍රශ්නේ නම් හරිම ඇණයක්...
ඒ පෑණ තාමත් තියේද ? =((
Deleteශා ..... මෙන්න හොඳ ලිපියක්... ඇත්තටම මාත් මේ හොයා හොයා හිටපු එකක් .. තෑන්ක්ස් වේවා! :)
ReplyDeleteආ මටනම් හම්බුනේ ස්ටිකර් වගයක්
හෑ.... ඉස්සර පෝස්ට් එකකදි කිව්ව නේද තාම තනිකඩ කෙල්ල කියලා.. බොරුමයි කියන්නෙ.. :(
Deleteබොරුව උනත් හරියට [hi="yellow"]කියාගන්න බෑ[/hi] :P
ඒ කාලේ වෙනකොට තනිකඩයි තමයි :)
Deleteසොයමින් හිටපු දෙයක්... බොහොම ස්තූතියි..
ReplyDeleteස්තූතියි ප්‍රයෝජනයක් ගන්නව නම් :)
DeleteAnaagathe dawasaka mama Mulinma denne paaan gediyak :D
Deleteඅඩේ අපිට නම් එච්චර වත්පොහොසත් කමක් නෑ බං :))
Deleteහොද වැඩක්..හැබැයි ඉතින් මට නම් ඒක අවුලක් නෑ.මට 25ක්ම ලැබෙනවනෙ.ඒක නිසා ඒක ඉක්මනට ඉවර වෙන්නෙ නැ.සමීක්ෂනයට කියනව නම් මම දෙන්න ගියේ ඔරලෝසුවක්..ඒත් ඒක ගත්තෙ නෑ බං.හැබැයි හොද වෙලාවට.මොකද මම පස්සෙ දැනගත්තෙ තැග්ගගට ඔරලෝසු දෙන්න හොද නැ කියල.ඒකත් අර ලේන්සුවක් දෙනව වගේමලු..ඒකිට මොන තැගිද බං...
ReplyDeleteඋඹල සල්ලි කාරයොනෙ බං :D ලේන්සු, ඔරලෝසු දුන්නම අවුල මොකක්ද ? :(
Deleteමේකනම් ගොඩාක් ප්‍රයෝජනවත් අයියේ...
ReplyDeleteඑළ ඈ කරලා බලන්න වටිනවා.
ReplyDeleteහ්ම්ම් අර ප්‍රශ්නෙට උත්තරේ මම නම් තාම පෙම්වතෙක් නෙවේ.ඒ වුනාට මම දෙන්නේ චොක්ලට්,ටෙඩිස් ලා වග දේවල් තමා :)
වෙනස් දෙයක් දෙමුකෝ :)
Delete