Skip to main content

Google Search Results වලට අපේ පින්තූරෙ ගනිමුද ?


කවුරු හරි අපේ බ්ලොග් එකට අදාල keyword එකක් Google එකේ සර්ච් කරලා එන සෙවුම් ප්‍රථිඵල වලට අපේ පින්තුරෙත් වැටෙන්න දා ගනිමුද ?

දැකල ඇතිනෙ සමහර වෙලාවට අපි මොකක් හරි Google එකේ හොයන කොට සමහර අයගෙ පින්තූරත් පොඩියට වැටෙනවා.. ඒ කිව්වෙ මෙන්න මේ වගේ..


හික්ස්... ඔන්න ඔය වගේ... මෙන්න මෙහෙමයි හරිම ලේසියි...
  • blogger Dashboard එකට ගිහින් Template >> Edit HTML වෙත යන්න.
  • දැන් Expand Widget Templates කියන තැන කොටුවට හරි ලකුණක් (tic) දාන්න.
  • ඊළඟට ඔය කෝඩ් එකෙන් </head> කියන එක හොයා ගන්න. (Ctrl + F ගහල)
ඊට උඩ පේලියට මේ පහත තියෙන කෝඩ් එක දාගන්න...

<link href='YOUR G+ ID' rel='author'/>

ඔය YOUR G+ ID කියන තැනට ඔයාගෙ Google Plus ගිණුමෙ URL එක දෙන්න ඕන..

[මෙන්න මේ වගේ https://plus.google.com/109927184723185783653 ]

දැන් template එක Save කරන්න... දවසකින් දෙකකින් ඔයාගෙ බ්ලොග් එකේ නම ගහල Google එකේ හොයල බලන්නකෝ වැඩේ හරිද කියලා..

සැයු: ඔයාගෙ G+ ගිණුමෙ ප්‍රෝෆයිල් පික් එක තනිකර කාටූන් පින්තූරයක් හෝ ප්‍රසිද්ධ චරිතයක පින්තූරයක් වෙන්න බෑ.. තමන්ගෙම එකක් දාන්න අකමැති නම් වැඩිය සුලඟ නොවන ලස්සන පික් එකක් දාන්න... වැදගත්ම දේ තමයි පික් එක අප්ලෝඩ් කරාම පින්තූරෙ මුහුණ අඳුර ගන්න (face detect) Google එකට පුළුවන් වෙන්න ඕන..ඒ නිසා මුහුණ කොටස පැහැදිලි පින්තූරයක් දාන්න..



ඊළඟට ඔය Search Description නැත්නම් Meta Description එක..

  •  Blogger Dashboard එකේ Settings >> Search preferences වෙත යන්න
  • ඊට පස්සෙ Meta tags යටතේ තියෙන Description එකේ ඉස්සරහින් Edit කියන එක ක්ලික් කරල එතනට අකුරු 160 ක විතර පොඩි විස්තරයක් දෙන්න තමන් කැමති..
  • අන්තිමට Save Changes ක්ලික් කරල Save කර ගන්න..



දැන් අපේ බ්ලොග් එක ටිකක් වැඩිපුර Google Search Results වලට අහුවෙන්න හදා ගනිමු..

  • Blogger Dashboard එකේ Settings >> Search preferences වෙත යන්න.
  • ඊට පස්සෙ Crawlers and indexing යටතේ තියෙන Description එකේ ඉස්සරහින් Edit කියන එක ක්ලික් කරල එතනට මේ පහත කෝඩ් එක දාගන්න.

# Blogger Sitemap generated on 2013.03.16
User-agent: *
Disallow: /search
Allow: /
Sitemap: http://www.yasith.net/atom.xml?redirect=false&start-index=1&max-results=500

  • http://www.yasith.net වෙනුවට ඔයාගෙ Blog URL එක දෙන්න.
  • අන්තිමට Save Changes ක්ලික් කරල Save කර ගන්න..


සැයු: පහත දැක්වෙන ඇඟ බේරා ගැනීමේ කොමෙන්ටු හෙලා දකිමි...
  • වැදගත් තොරතුරක් යසිත්
  • ස්තූතියි දැනුවත් කරාට
  • පස්සෙ වෙලාවක කරල බලන්න ඕන
  • දැං වෙලාව මදි.. ආපහු ඇවිත් කියවන්නම් (ජීවිතේට ආපහු නම් එන්නෙ නෑ)

Comments

  1. ජීවිතේ මාර ඒකාකාරීයි අෆ්ෆා... ~X( ~X( ~X(
    X( බ්ලොග් ලියනවා
    X( මල් කඩනවා

    X( බ්ලොග් කියවනවා
    X( රණ්ඩු වෙනවා

    X( කොමෙන්ට් දානවා
    X( යාළු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දරු සුරතල් බැලුවොත් නරකද මල්ලි? ඕකට තව වැඩ ටිකක් එකතු වෙයිනේ..
      (මට මේ කෙහෙල්මල් වැඩක් නෑ කියල කිව්ව නේද? දාන්නෙම මේවා, හිටපිය ඊලග සාස්තරේට ලියනවා කිසි වැඩකට නැති එකෙක් කියලා)7:P

      Delete
    2. මමත් ඕක කිව්වා :D :D ඒත් එයා කැමති නෑනේ :P

      (එහෙම කරන්නෙ නැතිලු ඉතිං... මං හිත හොඳ පොඩි කොල්ලලු :) )

      Delete
  2. අවංකව කිව්වේ මට නං ඕක කොරන්න වෙලාවක් නෑ බොල... පැය ගාණක් යාවි කොරන්න ගියොත්. අනික මට තියෙන්නේ කාටුන් මූනක් නෙව.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. උඹ නම් මහ කම්මැලියෙක් :-q

      ඉතිං උඹෙ ඇත්ත මූණ කාටූන් කරල දාන්න... මමත් දාල තියෙන්නෙ එහෙමයි :D

      Delete
  3. මම චෙක් කරා. යසිත් නම් එක යොදාගෙන.

    ReplyDelete
    Replies
    1. දැක්කනේ... දැං මාව ගූගල් එකෙනුත් අඳුරනවා :D

      Delete
  4. හෙලා දකින කොමන්ටුවක් වගෙ එකක් තමා දාන්න තියෙන්නෙ .වැදගත්ය කියලා හිතෙන පෝස්ටුවක් පස්සෙ වෙලාවක ට්‍රයි එකකි දාන්නම්කො.
    මං අදමයි ආවෙ ...

    ReplyDelete
    Replies
    1. හා... හා... අළුත් ළමයෙක් නිසා හෙලා දකින්නෙ නැතුව සාදරයෙන් පිළිගන්නම්කෝ... =D7

      Delete
  5. වැදගත් තොරතුරක් යසිත්...ස්තූතියි දැනුවත් කරාට
    පස්සෙ වෙලාවක කරල බලන්න ඕන...දැං වෙලාව මදි :P


    හි හී... මගේ බ්ලොග් එක නම් සර්ච් එන්ජින් වලට අහුවෙන්නෙ නැති නිසා ඇත්තටම කරන්න නම් වෙන්නෙ නෑ. ඒත් අනිත් අයට නම් ප්‍රයෝජනවත්වෙයි :)

    ReplyDelete
  6. ඉතිං හොඳ දේට හොඳයි කියන්නේ නැතිව මොකද්ද කියන්නේ?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඒත් කමක් නෑ... හොඳයි කියන එක අර හෙලා දකින කොමෙන්ටු ගොඩේ නෑනේ :))

      Delete
  7. වැදගත් තොරතුරක් යසිත්
    ස්තූතියි දැනුවත් කරාට
    පස්සෙ වෙලාවක කරල බලන්න ඕන
    දැං වෙලාව මදි.. ආපහු ඇවිත් කියවන්නම් =)) =)) =)) =))

    ReplyDelete
    Replies
    1. :-/ :-/ :-/ හෙලා දකිමි :-/ :-/ :-/

      Delete
  8. Crawlers and indexing යටතේ තියෙන Description එකේ ඉස්සරහින් Edit

    මෙහෙම එකක් නැහැනේ, තියෙන්නේ ඔය පහලින් තියෙන දෙක විතරයි.
    Custom robots.txt ? [Disabled] Edit

    Custom robots header tags ? [Disabled] Edit

    මොකද කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. Custom robots.txt කියන එක ඉස්සරහින් තියෙන Edit කියන එක තමයි :)

      Delete
  9. මගේ ප්‍රොෆයිල් ෆොටෝ එක නම් දාල බෑ අප්පා. ඒක දැම්මොත් අම්මා ගහයි... කී බෝඩ් එකෙන්. තෝ ලෝකේ හැම තැනම රස්තියාදු ගහන්න යනව ද කියල.. ;) :D

    ඒ මොක වුනත් මෙහෙම දේවල් අත්හදා බලන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං දැනුත් එහෙමනේ :P

      Delete
  10. මාර වැඩේනේ දැන් මොනවද කියන්න ඉතුරු වෙන්නේ? ඔක්කොම හෙලා දකිනවලුනේ ! ඇත්තම කියනවනම් මටත් කම්මැලියි අෆ්ෆා හෙන වැඩ ගොඩක් තියෙනවනේ කරන්න ඒකේ |-) හැබැයි ඉතින් මන් බැලුවා ගුරා ඒක කරලද කියලනම් :D

    ReplyDelete
    Replies
    1. මොනවද අෆ්ෆේ ඔයාට ඔච්චරටම තියෙන වැඩ [im]http://animationsa2z.com/attachments/Image/funny/funny8.gif[/im]

      Delete
  11. වැදගත් තොරතුරක් යසිත්
    ස්තූතියි දැනුවත් කරාට
    පස්සෙ වෙලාවක කරල බලන්න ඕන
    දැං වෙලාව මදි.. ආපහු ඇවිත් කියවන්නම් ;)

    ප.ලි. : බුක් මාර්ක් එකකුත් දා ගත්තා යසිත්......

    ReplyDelete
    Replies
    1. [im]http://i119.photobucket.com/albums/o142/cheezles/th_funny_facescalvinanhobbsanimatedava.gif[/im]

      Delete
    2. හික්.... අඩේ... මූට මොකෑ මේ වෙලා තියෙන්නේ...... දතේ කැක්කුමක්වත්ද.... =)) :P

      Delete
    3. නෑ... ඒ හෙලා දකිනවා... X( X( X(

      Delete
  12. අදමයි ආවේ...නියමයි නේ..

    ජය! :-bd

    ReplyDelete
    Replies
    1. :( පුංචි කොමෙන්ටුවක්... කමක් නෑ අදමනේ ආවේ... සාදරයෙන් පිලුගන්නවා! :))

      Delete
  13. කරලා බලන්න ඕනේ වැඩේ!

    ReplyDelete
    Replies
    1. මගේ ඊළඟ හෙලා දැකීමේ කොමෙන්ටුව ලෙස මෙය තෝරාගත් බව සතුටින් දැනුම් දෙමි. :7

      Delete
    2. හික්ස්! මේකත් ඇතුලත් කර ගනින්! :D

      Delete
  14. අනේ හරි ලස්සන මූණනේ දාලා තියෙන්නෙ මුලින්ම සර්ච් කොරන්න.ලිපිය කියවන්නත් එපා වුණා හලෝ..:D:D:D

    ReplyDelete
    Replies
    1. [im]http://www.avatarsdb.com/avatars/funny_ghost_face.gif[/im] පැහැදිලි ඉරිසියාව...

      Delete
  15. අපොයි..මං මේ මාව අඳුරගන්න තියෙන තැන් ඔක්කොම හොය හොය නැති කර කර යනවා.. ^#(^ මෙන්න මෙයා සර්ච් වෙනවා මදිවට ඒකට ෆොටෝ එකකුත් දම්මන්න හදනවා.. :(( මේකනම් මං හෙලා දකිනවා.. :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද අනේ හැංඟෙන්නේ ? ඔයාව සුදු වෑන් එකකින් වත් හොයනවද : :D

      Delete
  16. බෑ මචං.. Google අයියා සපෝට් කරන්නෙ උන්ගෙම G+ එකට විතරයි :(

    ReplyDelete
  17. එල වැඩක් මචෝ වැඩේ තියෙන්නේ මේවා කරන්නම් කියලා හිතාගත්තට කෙරෙන්නේ නැති එකයි වෙලාව නැතිකම නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... මටත් දැං තියෙන ලොකුම අවුල වෙලාව තමයි :(
      ඒත් මගේ ජීවිතේ ගෙවෙන්නෙ කොම්පීටර් අස්සෙම නිසා නිකං ඉන්න වෙලාවට ඕව කරල බලනවා :D

      Delete
  18. මේකත් වැදගත් නෙව සෑහෙන්න...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... වැදගත් දෙයක් දෙන්න ලැබීම ගැන සතුටුයි :-c

      Delete
  19. Ela Ela , Fatta !! :D :D

    ** Free Download World - http://www.AllSevenNet.blogspot.com **

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net