
දිනය - 2013-04-26
වේලාව - පස්වරු 4 පමණ
ස්ථානය - කොළඹ-තංගල්ල බස් රථයක් තුල
මං වාඩි වෙලා හිටියෙ සීට් 3 පේලියේ ජනේලෙ පැත්තෙ අයිනෙම.. මට වම් පැත්තෙන් වයස 20ක 25ක කෙල්ලෙකුයි එයාගෙ අම්ම කියන්න පුළුවන් කෙනෙකුයි වාඩි වෙලා හිටියෙ... ඒ කෙල්ලගෙ අම්ම කියල මං හිතුවෙ වාඩි වෙන වෙලාවෙ කෙල්ල මගේ ළඟින් වාඩි වෙන්න හදන කොට ඒ ඇන්ටි මැදට පැනල කෙල්ලව කොනට දාපු නිසා
මෙහෙම ටික දුරක් යද්දි හබරාදුවෙන් මුස්ලිම් ජෝඩුවක් නැඟලා මං හිටපු තැනට ආවා.. ඒක එච්චර විශේෂ දෙයක් නෙවෙයි.. තරුණ වයසෙ විවාහක ජෝඩුවක් වගේ.. ටික වෙලාවකින් මට තේරුණා ඒ ගෑණු එක්කෙනා අර පටු ඉඩේ හිටගෙන යන්නෙ අමාරුවෙන් වගේ කියලා.. එතකොටයි මං හරියටම දැක්කෙ ඒ මනුස්සයා බඩ දරු අම්ම කෙනෙක් කියලා..
එතෙක් මෙතෙක් මගේ බස් ගමන් ඉතිහාසය තුල මං කවදාවත් බඩදරු මුස්ලිම් ගෑණු කෙනෙක් දැකල තිබුණෙ නෑ.. තිබුණත් අඳුරගන්න අමාරුයි එයාලගෙ ඇඳුම නිසා.. කොහොම උනත් මේ කෙනාගෙ නම් බැලූ බැල්මට පේනවා.. ඒත් අමාරුවෙන් වටපිට බල බල හිටිය මිසක් කාගෙන්වත් වාඩි වෙන්න ඉල්ලුවෙ නෑ..
එතනම හිටියෙ අර කෙල්ල.. ඒකි ෆෝන් එක ඔබනවා.. ඊළඟට අම්ම.. එයා මුහුද හොයනවා.. කොනේම මම.. කරන්න වෙන දෙයක් නැතිම තැන අර ඇන්ටිවයි විශේෂයෙන් කෙල්ලගෙයි කකුල් පාගනෙ මං නැඟිටල අර මුස්ලිම් ගෑණු මනුස්සයට වාඩි වෙන්න කිව්වා.
පිරිමි කෙනා මාත් එක්ක බොහොම සුහද විදියට හිනාවෙලා "බොහෝම ස්තූතියි! " කිව්වා.. ඒත් කොහෙ යන්නද අර අම්මණ්ඩිල දෙන්න බූරු ඇඳවල් පළල් කරගෙන වගේ නොදැක්ක ගානට ඉන්නවා.. අර මුස්ලිම් අම්ම ආපහු බොහොම අහිංසක විදියට මං දිහා බැළුවා..
මට සාමාන්‍යයෙන් තරහා යනව බොහොම අඩුයි. ඒත් තරහා ගියාම (හනී බනීගෙන් අසා දැන ගන්න).
"නංඟී පොඩ්ඩක් එහාට යනවද මෙයාට වාඩි වෙන්න"
මං කෙල්ලට කිව්වා.. කෙල්ලයි අම්මයි දෙන්නම මං දිහා ඔරවල බලල පිටිපස්සට උනා එතනින් ගිහින් කොනෙන් වාඩි වෙන්න කියන්න වගේ..
"ඇන්ටි, මේ මනුස්සයට මෙහෙම ඕක අස්සෙ රිංඟන්න බෑනෙ.ඔයාල එහාට වෙන්න"
මං කුණුහර්ප කියන්න බැරි කමට කිව්වා..
ඔන්න ඒ පාර උන් දෙන්නම ඇටි කෙහෙල් කාපු රිළව් වගේ එහාට උනා. අර මනුස්සයත් එතනින් වාඩි උනා..
* * * * * *
වැලිගමට ආවම මමත් බහිනවා, ඒ මුස්ලිම් ජෝඩුවත් බහින්න ලෑස්ති වෙලා අර මුස්ලිම් පිරිමි කෙනා බොහොම සුහද විදියට අර අම්මටයි දුවටයි,
"බොහෝම ස්තූතියි, කරදරයක් උනා නම් සමා වෙන්න" කිව්වා.
සිද්ධිය එච්චරයි.. බස් එකට බඩදරු අම්ම කෙනෙක් හරි ළමයෙක් වඩා ගනිපු අම්ම කෙනෙක් හරි නැඟ්ඟම සීට් එක දෙන එක මහ අමුතු දෙයක් නෙවෙයි.. ඒත් මගේ ජීවිතේ පළවෙනි වතාවටයි සීට් එක දුන්නම "ස්තූතියි! " කියන වචනෙ ඇහුවෙ.
ලංකාවෙ කිසිම නීති පොතක නෑ එහෙම කෙනෙක්ට සීට් එක නොදුන්නොත් දඩ ගහනව කියලා.. ඒක කරන්නෙ මනුස්සකමට.. මනුස්සකමට සීට් එක දුන්නම "ස්තූතියි" කියන එක තමයි යුතුකම..
ප.ලි :
මෙතන ජාති ප්‍රශ්ණයක් නෙවෙයි. සමහර විට ඒ අම්මයි දුවයි දකින්නෙ නැතුව ඇති ඒ ගැබිණි මවක් කියලා. ඒත් එහෙමම හිතන්නත් අමාරුයි.
කොහොම උනත් මේක බලන මුස්ලිම් අය සිංහල උන් ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩ නඟාගන්නෙපා.. හැම ජාතියක්ම උසස්.. හැම ආගමක්ම එහෙමයි.. ඒත් මේ වගේ මනුස්සකම් නැති නාමික මිනිස්සු ඉන්නවා.
හරි හෝ වැරදි හෝ වේවා මං මගේ පෞද්ගලික මතයක ඉඳන් වෙනත් ආගමකට/ජාතියකට ඇඟිල්ල දික් කරන්න යන්නෙ නෑ.. කොහෙන් හරි අහුල ගනිපු පොඩි කොටසකින් බුදුන් වහන්සේට/ අල්ලාහ් දෙවියන්ට/ ජේසුතුමන්ට හෝ වෙනත් ආගමික ශාස්තෲවරයෙකුට හෝ ආගමකට නිග්‍රහ කරන එක තරම් මන්ද බුද්ධික වැඩක් මං දැකලම නෑ..
ෆේස් බුක් එකේ සමහර අන්තවාදී පේජ් වල ශෙයා කරන ඒව දැක්කම කට වහන් ඉන්න හිතෙන්නෙත් නෑ. ඒත් ඕවට කතා කරල උන්ට ආතල් සපයන්න බැරි නිසාත් වෙනත් ආගමක් තියා මං අදහන බෞද්ධාගමේ සම්පූර්ණ හරය ගැන නිසි අවබෝධයක් නැතුව මං මොනව කියන්නද ?
(මගේ ආගම ගැන පූර්ණ අවබෝධයක් තිබ්බ නම් මේ තාවකාලික සියල්ලම අතෑරල මං නිවන් අවබෝධ කරගෙන හුඟක් කල්.. අවාසනාවට නිවන හුඟාක් දුරයි)
"මිනිසා යනු මනස උසස් සත්වයෙකු නොව, මනස උසස් තත්වයට පත් කරගත හැකි සත්වයෙකි"
"බොහෝම ස්තූතියි, කරදරයක් උනා නම් සමා වෙන්න" කිව්වා.
සිද්ධිය එච්චරයි.. බස් එකට බඩදරු අම්ම කෙනෙක් හරි ළමයෙක් වඩා ගනිපු අම්ම කෙනෙක් හරි නැඟ්ඟම සීට් එක දෙන එක මහ අමුතු දෙයක් නෙවෙයි.. ඒත් මගේ ජීවිතේ පළවෙනි වතාවටයි සීට් එක දුන්නම "ස්තූතියි! " කියන වචනෙ ඇහුවෙ.
ලංකාවෙ කිසිම නීති පොතක නෑ එහෙම කෙනෙක්ට සීට් එක නොදුන්නොත් දඩ ගහනව කියලා.. ඒක කරන්නෙ මනුස්සකමට.. මනුස්සකමට සීට් එක දුන්නම "ස්තූතියි" කියන එක තමයි යුතුකම..
ප.ලි :
මෙතන ජාති ප්‍රශ්ණයක් නෙවෙයි. සමහර විට ඒ අම්මයි දුවයි දකින්නෙ නැතුව ඇති ඒ ගැබිණි මවක් කියලා. ඒත් එහෙමම හිතන්නත් අමාරුයි.
කොහොම උනත් මේක බලන මුස්ලිම් අය සිංහල උන් ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩ නඟාගන්නෙපා.. හැම ජාතියක්ම උසස්.. හැම ආගමක්ම එහෙමයි.. ඒත් මේ වගේ මනුස්සකම් නැති නාමික මිනිස්සු ඉන්නවා.
හරි හෝ වැරදි හෝ වේවා මං මගේ පෞද්ගලික මතයක ඉඳන් වෙනත් ආගමකට/ජාතියකට ඇඟිල්ල දික් කරන්න යන්නෙ නෑ.. කොහෙන් හරි අහුල ගනිපු පොඩි කොටසකින් බුදුන් වහන්සේට/ අල්ලාහ් දෙවියන්ට/ ජේසුතුමන්ට හෝ වෙනත් ආගමික ශාස්තෲවරයෙකුට හෝ ආගමකට නිග්‍රහ කරන එක තරම් මන්ද බුද්ධික වැඩක් මං දැකලම නෑ..
ෆේස් බුක් එකේ සමහර අන්තවාදී පේජ් වල ශෙයා කරන ඒව දැක්කම කට වහන් ඉන්න හිතෙන්නෙත් නෑ. ඒත් ඕවට කතා කරල උන්ට ආතල් සපයන්න බැරි නිසාත් වෙනත් ආගමක් තියා මං අදහන බෞද්ධාගමේ සම්පූර්ණ හරය ගැන නිසි අවබෝධයක් නැතුව මං මොනව කියන්නද ?
(මගේ ආගම ගැන පූර්ණ අවබෝධයක් තිබ්බ නම් මේ තාවකාලික සියල්ලම අතෑරල මං නිවන් අවබෝධ කරගෙන හුඟක් කල්.. අවාසනාවට නිවන හුඟාක් දුරයි)
"මිනිසා යනු මනස උසස් සත්වයෙකු නොව, මනස උසස් තත්වයට පත් කරගත හැකි සත්වයෙකි"
උබ දන්නවද මට හොදටම දැනිල, තේරිලා, පසක් වෙලා තියෙන දෙයක් තමා ඔය බඩදරු අම්මලට ගෑනු අය සීට් දෙනව අඩුයි. බහුතරයක් හිටගෙන ඉඩ දෙන්නෙ පිරිමි.
ReplyDeleteජය !
අනේ මංද බං.. ඒ උනාට කියන්නෙ නම්, [hi="yellow"]ගැහැණියකගේ දුක දන්නේ තවත් ගැහැණියක්ම පමණි..[/hi] කියලනේ #:-S
Delete>> සිංහල උන් ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩ නඟාගන්නෙපා.. <<
ReplyDeleteඑහෙම කරන්න බෑනෙ උඹත් සිංහලනෙ..
hats off දාන්න ගිහින් වෙන මගුලක්නෙ බන් වැටුනෙ.. කොහොම හරි මෙන්න උඹට Hats off..
මේක ඉතාම සුළු සිද්ධියක් විතරයි. තව කොච්චර අසාධාරණකම් වෙනවද මේ ලෝකේ :(
Deleteඅර අම්මා, (ඇන්ටි ) කෙල්ලව එහාට දාලා එයා මැද්දෙන් ඉඳගත්තේ ඔයාගේ මූන දැක්ක හැටියෙද?
ReplyDeleteහනීබනීගෙන් අහන්නම්. එයාගේ මේල් එක දුන්නානම් අපිට.:D:D
දැන් විහිලු ඉවරයි. බස්වල වෙනම 'ගැබිණි මව්වරුන්ට' කියලා තිබුණානම් හොඳයි කියලත් හිතෙනවා. සමහර කාන්තාවෝ නම් දුෂ්ටයි තමා. මොනවා කරන්නද? මිනිසා කියන සත්වයා, මොන ආගමක, ජාතියක, දේශයක උනත් එකිනෙකාට වෙනස්වෙනවා වගේම සමාන වෙනවා. ඔය කියන වගේ අය අතීතෙත් ඉන්න ඇති. දැනුත් ඉන්නවා. අනාගතයෙත් ඉඳී.
අනේ මංදා.. මගේ අහිංසක මූණ දැක්කම ඇන්ටිට දුක හිතෙන්න ඇති :P ඇන්ටි දන්නව ඇති තමන්ගෙ දුවගෙ තරම :))
Deleteඔය 'ගැබිණි මව්වරුන්ට' කියන සීට් එකේ වාඩි වෙන උන්ට පට්ට විදියට නින්ද යනවා මං දැකල තියේ :)
පොස්ට් එක කියවන විට හිතට දැනෙන්නේ සංවේගයක්.මිනිසත්කම නැති තැන මිනිසෙකු මැරුණු මළ කුනක් වැනිය.
ReplyDeleteඅනිවා... දැං සමාජය ගැන නම් මට පිළිකුල් :(
Deleteතෙරපි තෙරපි හිටගෙන
ReplyDeleteබස් එකේ යනකොට
අතේ තියන කරේ තියන
බෑග් එක ඉල්ලගත්තේ
ඉස්සර හිටපු මිනිස්සු...
මචං ඉස්සර හිටපු මිනිස්සු
ගැබිණි කතක් මහලු මවක්
පූජකයෙක් වැඩිහිටියෙක්
නගින පමාවට බස් එකට
සීට් එක දුන්නේ ඉස්සර හිටපු මිනිස්සු
මචං ඉස්සර හිටපු මිනිස්සු
බාප්පා ගාවා මාම ගාව
අත දරුවා කිරිසප්පයා
දාලා යන්න පුළුවන් වුනේ
ඉස්සර කාලේ මචං
ඉස්සර කාලේ
ඇඟ වැහෙන්න විලි වැහෙන්න
ගෑණු ළමයි ඇඳුම් ඇන්දේ
ඉස්සර කාලේ මචං
ඉස්සර කාලේ.
හද පතුලෙන් ජීවිතයෙන්
ආලේ කලේ කොල්ලෝ කෙල්ලෝ
ඉස්සර කාලේ මචං ඉස්සර කාලේ
හම්බුනේ නැත්තම් කෙල්ලගේ ආදරේ
සුබ පතලා අවුලක් නැතුව වෙන් වුනේ මචං
ඉස්සර හිටපු කොල්ලෝ ඉස්සර හිටපු කොල්ලෝ
මහා පාරේ පණ අදින්න වැටිලා ඉන්න
මනුස්සයට වතුර පොදක් ගිහින් දුන්නේ
ඉස්සර කාලේ මිනිස්සු මචං ඉස්සර කාලේ මිනිස්සු
~ ටික දවසකට කලින් ආතල් එකට ලිව්වා එකක් බං ~
ඔව් බං... ඉස්සර කාලෙ මිනිස්සුන්ගෙ තිබ්බ ගති ගුණ වලින් දශමයක් දැං ඉන්න උන්ට නෑ :((
Deleteඅනේ මන්දා! මේ ලෝකේ මනුස්සකම නැත්තට ම නැති වෙලා ද කොහෙද #:-S හ්ම්ම්, පුදුම තරම් කුහක මිනිස්සු ඉන්න ලෝකයක් මේක. මොන ආගමට අයිති වුණත් අම්මා කෙනෙක් නේද?
ReplyDeleteප.ලි : ඒක නෙමෙයි, කවුද කිව්වේ ඔයාගේ මූණ අහිංසක යි කියලා? අනේ මම කැමති මහා පුණ්‍ය කර්මයක් විදියට ඒ අසරණයට ඇස් කණ්ණාඩි දෙකක් පරිත්‍යාග කරන්න. :D
~X( ඉරිසියාකාර කෙල්ලන්ගේ කතා හෙලා දකිමි..
Deleteඔච්චර පින් අතේ වැඩ කරනව නම් මට කණ්නාඩි 2ක් අරන් දෙනවකෝ. තියෙන දෙක දාලම ඇස් 2 පොට ගිහින් 7:P 7:P
අහ්.. ධාරා අක්කේ... මේ කතාවට හදපතුළින්ම එකග වෙමි.මීටපස්සෙ ගෙට් එකක් තියෙන කොට යසිත්ට උපැස් යුවළක් අරන් දෙනු පිණිස කියලා සල්ලි එකතු කරන්න වෙනවා!!!
Delete[im#]http://assets.fundoofun.com/video_pics/resize/video_angry_funny_child_1335250908.jpg[/im]
Deleteමේ සයිබරයේ හැමදාම මට කොචොක් කරන පොඩි උන් දෙන්න තමයි මුං දෙන්න.. අහුවෙයන්කෝ X(
අර ගෑනු කෙනාට සීට් එක අස්සෙන් එහාට යන්න බෑ කියන එක ඒ අම්මටයි දුවටයි තේරෙන්නේ නැති එක නේ පුදුමේ..!!
ReplyDeleteතේරුණත් නොතේරුණා වගේ ඇත්තෙ X( X(
Deleteමේක මගඇරිලනේ බොලව්,, :/ දැන් හැමෝගෙම පිටින් පේන දේ විතරයි යසිත්,, කිසි මනුස්සකමක් නෑ, අපි හදිස්සියේ හරි මනුස්සකමට මොකක් හරි කරොත් ඒ දිහා බලන්නෙත් අමුතු දෙයක් දිහා බලනවා වගේ,,
ReplyDeleteඒකනෝ කියන්නෙ :(
Deleteමුලින්ම මල්ලි කළ දේ ඇගයිය යුතුයි. හැබැයි යසිත් ඔයා හිටි තැන මුස්ලිම් ගෑනු හරි පිරිමි හරි ඉඳලා, බඩ දරැ සිංහල අම්ම කෙනෙක් නැග්ග නම් එයාට හිටගෙනම යන්න වෙනවා. මෙය මා දුටු එක්තරා සිදුවීමක් නිසා කිව්වේ. ඒ ගැන හිතල වෙන්න ඇති අර අම්මයි දුවයි අහක බලා ගන්න ඇත්තේ.
ReplyDeleteතව දෙයක් යමෙක් උදව්වක් කළොත් ස්තූතියි කියන ගුණාංගය අපේ මිනිස්සුන්ට පුරැදුවෙලා නැහැ. මේ ගැන මගේ බ්ලොග් එකේ ‘මට හිතෙන හැටි‘ පිටුවේ “අපි සැබවින්ම සදාචාර සම්පන්න ජාතියක් ද?“ මැයෙන් පෝස්ට් එකක් දැම්ම. ඒක කියෙව්වොත් ඔයත් මාත් එක්ක එකඟ වේවි කියල හිතනවා.
වෙන්න පුළුවන්... මනුස්සකම කියන එක ජාති ආගම් මත යැපෙන එකක් නෙවෙයිනෙ :(
Deleteඅරකෙ ලින්ක් එක දැම්ම නම් වටිනවා
http://www.tharuarana2013.blogspot.com/p/blog-page_2.html
Deleteඔන්න ලින්ක් එක එකතු කරා. වෙලා තියේනම් කියවන්න.
තමන්ටත් කවද හරි ඔහොම දෙයක් උන දවසට තමයි එයාලටත් තේරෙන්න. තව කෙනෙක්ගෙ දුකක් අමාරුවක් තේරුම් ගන්න මිනිස්සුන්ට මෙච්චර අමාරු ඇයි කියල හිතාගන්න බෑ.
ReplyDeleteඒ වගේමයි දැන් ඉන්න ගොඩක් අය "ස්තූතියි" කියන වචනෙ කියන්නත් හරි බයයි...එහෙම කිව්වොත් දඩ ගහයි කියල හිතලද මංද :-w
මං "තැංකූ" කියනවට වඩා "ස්තූතියි" කියන වචනෙට ආසයි.. ඒත් දැං එහෙම කියන්නෙම නෑ. සිංහලෙන් කිව්වොත් ලැජ්ජ වෙයි කියල බයට :(
Deleteමම නම් ලංකාවෙදි තැන්කු කියනවා ගොඩාක් අඩුයි.. ගොඩාක් වෙලාවට ස්තූතියි කියල කියන්නෙ ඒක පුරුදු උනේ අම්මිගෙන්. මෙහෙ අයටත් ඒ වචනේ උගන්නල තියෙන්නෙ.. :D
Deleteඒ වුණාට තැන්කූ කියන අය මැද ස්තූතියි කියලා කියන කෙනෙක් දුටුවම කවුරුත් හිනවෙන්නෙ නෑ.අනිත් මිනිස්සුන් දිහා බලනවට වඩා ගෞරවේකිනුයි එහෙම කියන කෙනා දිහා බලන්නේ!
Deleteඅනේ ඔව් බං! කොච්චර කෑ ගැහුවත් අපේ උන් මනුස්සකමවත් හරියට දන්නේ නෑ!
ReplyDeleteඅනිවා... ශෝ එකට කෑ ගහන්න නම් අය ඕන තරම් :((
Deleteමිනිස්සු ඉස්සරට වඩා දැන් වෙනස් වෙලා බං.. ඒ අම්මයි දුවයි ඕක හරියට නොදැක්කා කියලා කියන්නත් බැහැනේ ඉතින්..
ReplyDeleteකාලයත් එක්ක මිනිස්සුනෙ මිනිස්කම නැති වෙලා බං :((
Deleteමනුස්සකම කාලයත් එක්ක නැති වෙලා කියන්න බෑ මල්ලො, තාමත් මනුස්සකම් දන්න මිනිස්සු අපි අතරෙ ඉන්නවා, ඒ වගේම ඉස්සර හිටිය වගේම මනුස්සකම් නොදන්න මිනිස්සුත් ඉන්නවා.
ReplyDeleteහ්ම්ම්ම්.. ඒත් දැං මනුස්සකම දන්න මිනිස්සුන්ට වඩා නොදන්න මිනිස්සු වැඩියි :(
Deleteමනුස්සකම කියන එක ජාති ආගම් භේදවලින් තොර වෙන්න ඕනේ.ඒක ඇත්ත.නමුත් බහුතර තත්ත්වය ඕක නෙවෙයි.මගෙ අදහස ඇත්ත බෞද්ධයෙක් නම් අපිට බෑ ආගම්වාදීව හිතන්න.ඒත් මේ වගේ අමනුස්සකම්වලින් නෙවෙයි වෙනත් විධිවලින් බෞද්ධ ආගම ආරක්ෂා විය යුතුයි.බෞද්ධ ආගම කියන්නෙ ගහක් වගේ.අපේ රට තුළ අනිකුත් සියලුම සංස්කෘතීන්ට ජීවත් විය හැකි වටපිටාවක් තනලා තියෙන්නෙ බෞද්ධ ආගම.
ReplyDeleteඅන්න ඒ තනපු වටපිටාවෙන් අයුතු ප්‍රයෝජන ගද්දි නිදාගෙන ඉන්න පුලුවන්ද. නිදහසේ ආගමක් (දර්ශනය) අදහන්න බැහැනම් එහෙම නිදහසකින් ඇති වැඩේ මොකක්ද.
Deleteකවද හරි සිංහලයෝ මේක තේරුම් ගනී. එදාට පරක්කු වැඩි. මොනවයින් හරි ලෝකෙට තනිකරම සිංහල රටක් බිහිවෙන බව කවුරුත් නොහිතන සත්‍යක්
සැබෑ බෞද්ධයො නෑ වර්ෂා අද කාලේ.. හිටියත් පැවැත්මක් නෑ :(
Deleteඒකටනම් එකග වෙන්න අමාරුයි යසිත් අයියේ. "ඉන්න බෞද්ධයො බොරු නින්දේ" වගේ කියමනක් ගැලපේවි.
Deleteබෞද්ධයින්ට අද රක්කින්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හින්ද කෙලින් තීරණයක් ගන්න අමාරුයි. ජන්ම භුමිය, සිංහල ජාතිය, මනුස්සකම වගේ ඔක්කොම රැකගෙන බෞද්ධ පිළිවෙතක හැසිරෙන්න හදද්දී සැබෑ බෞද්ධයෝ නැහැ කියල හංවඩු ගහන එක හරිද
මං හිතන්නෙ බෞද්ධයා හා සිංහලයා කියන්නෙ සම්පූර්ණයෙන්ම චරිත දෙකක්..
Deleteබෞද්ධයෙක්ට රැකගන්න දෙයක් නෑ.. රකින්නයි තියෙන්නෙ.. ඒ ධර්මය, තමා විසින්ම..
ඒත් සිංහලයින්ට රැකගන්න ඔයා ඔය කියපු දේවල් ඔක්කොම තියෙනවා :-/
බෞද්ධයා කියන්නෙ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනා.අවංකවම සැබෑ බෞද්ධයෙක් සතු විය යුත්තෙ තුන් සිවුරයි පාත්‍රයයි නික්ලේශීබවයි විතරයි.නමුත් සිංහල බෞද්ධයා කියන කෙනා වෙනස්.අපි ඒක තේරුම්ගන්න ඕනේ!!!
Deleteඔව්, දැං බලන්න මේ වර්ෂා, තාම පොඩි ඇටිකිති කෙල්ල උනාට මට වඩා තන්හාව හා ආශාව නිහීන කරල තියෙන්නේ.. මං අවුරුද්දක් විතර තිස්සෙ මේ එකම ප්‍රෝෆයිල් පික් එකට තන්හාවෙ ඒකම දාගෙන ඉන්නවා..
Deleteඒත් මෙයා දවසට දක ගානෙවත් මාරු කරනවා.. එයාට තමන්ගෙ ප්‍රෝෆයිල් පික් එක කෙරෙහි ඇලීමක් හෝ ආශාවක් නෑ =))
[im]http://i35.photobucket.com/albums/d197/giants29/th_rain03bygreeneyedmonster.gif[/im]
//මං හිතන්නෙ බෞද්ධයා හා සිංහලයා කියන්නෙ සම්පූර්ණයෙන්ම චරිත දෙකක්.// ඔව් දෙකක් තමා. නමුත් එකට බැදිච්චි දෙකක්.
Deleteසිංහල ජාතිය පවතින්නේ, බුදු දහම තිබුනොත් විතරයි. බුදු දහම පවතින්නේ සිංහල ජාතිය රැකුනොත් විතරමයි.
කොහොමත් බුදුදහම තව අවුරුදු 2500 ක් පවතිනව කියල දේශනා කරලා තියෙන එකේ ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. අපි කරන්න ඕනේ අපේ ජාතිය බේරගෙන සසර කෙටිකර ගන්න වැඩ කරන එක. (නැතනම් ඉතින් කවදාවත්ම කරදර වලින් නිවනක් නැහැ කියල කියන්න වෙන්නේ.)
@ Kãsuŋ අරවින්ද
Deleteඒක ඇත්ත.ඒකමනේ මං මුලින් කිව්වෙත් බුදුදහම කියන ගස පවතින්න ඕනේ.ඒ යටයි සිංහල ජාතිය ඇතුලු අනෙකුත් සංස්කෘතීන්ට හෙවණ ලැබෙන්නේ... සිංහල සංස්කෘතිය බොහොම උතුම් දෙයක් වෙලා තියෙන්නේ ඒ බෞද්ධ පසුබිම නිසයි.
@ YASITH (dot) NET,
ආ ඒක ගණන් ගන්න එපා.ඒ ප්‍රෝෆයිල් පික් එක අනිත්‍යයට ලක් වෙනවා!!!! හැබැයි තෝ මට කොචොක් කරනවා බොහොම වැඩියි.අර දිලිනි අක්කගෙ බ්ලොග් එකටත් ගිහින් මට අපහාස කරලා තිබුණ ගර්ර්...ඕව බලාගමු දවසක ඈ!
@ YASITH (dot) NET,
Deleteයසිත් අයියේ බලාගෙන ඕන් ... වසල හමාරයි :D :p
මේ වගේම තවත් පෝස්ටුවක් අද කියෙව්වා.. සිද්ධි දෙකම එකයි.
ReplyDeleteහ්ම්ම්ම්... ඕන තරම් මෙහෙම සිදුවීම් වෙනවනේ... ඒක නවත්වන්නත් බෑ
Deleteමචෝ බස් වල යන උංගේ ඔක්කෝම වහල ඇස් දෙක විතරයි ලාවට ඇරිල තියෙන්නේ. ඒකත් වැහෙනවා වයසක, බඩදරු, පුංචි අය දැක්කම. උඹ කරපු දේ දැකපු එකෙක් හරි තමන්ගේ නිද්‍රාවෙන් අවදි උනා නං ඒ ඇති. ඒ තරම්ම කබර හං පෙරවං ඉන්න උන් තමා බස් වල යන්නේ.. හැබැයි ඇහැට කනට පේන කෙල්ලෙක් නැංගොත් නං ඔක්කෝම අය ගානට ඇස් ඇරගෙන බල බල ළග සීට් එකක් තියෙනවනං ඒකේ ඇති තරං ඉඩ හදලා දෙනවා.. උඹ වැලිගම බහින්නේ මොකටද බං තංගල්ලේ බස් එකෙන්.. හැක්...
ReplyDeleteඔය වෙලාවට තමා (පිරිමි කෙනෙක් අසුන දුන්නහම) .. කොන්දොස්තර මහතා (අයිය) ..
Delete""අහ බබාලා හම්බෙන්නේ පිරිමින්ද විතරමද . me බස් එකේ යන ගනුන්ට බබාලා හම්බෙලාම නැද්ද"" කියල අහන්නේ
ගෙවල් තියෙන තැන නොබැහැ තංගල්ලෙ යන්නෙ අහවල් රෙද්දකටද ? :P
Deleteහැබැයි පුතෝ ඇහැට කණට පේන කෙල්ලෙක් මං ඉන්න සීට් එකක වාඩි උනොත් නම් මං කරන්නෙ තවත් ඉඩ අඩු කරන එක :))
මචන් අපේ රටේ මනුස්සකමට ඉඩක් නෑ.... අනික මිනිස්සු හිතන්නෙ එයා විතරයි මේ ලෝකෙ ඉන්නෙ කියල.... අනික තමන් ගැන විතරමයි හිතන්නෙ..... මිනිස්සු ගැන කතා කොරල වැඩක් නෑ....උබ හොද වැඩක් කරල තියෙන්නෙ....
ReplyDeleteමනුස්සකම නැති උන්ට මිනිස්සු කියන්න බෑනෙ බං 2):)
Deleteඅර "ගොඩක්ම සීට් එකේ ඉඩ දෙන්නේ පිරිමි" කියන එකට මමත් එකඟයි. මම ඇස් දෙකට දැකලා තියෙනවා ගෑනු සීට් එකක් ලබුනමත් පෙනී පෙනී ගිහින් ඉඳගන්නවා මේ වගේ අයට ඉඩ නොදී.
ReplyDeleteමෙතන ජාති ප්‍රශ්නයක් තියෙනවා. සිංහල-මුස්ලිම් ප්‍රශ්නයක් නෙවෙයි. ගෑනු-ගෑනු ප්‍රශ්නයක්.
ඕකට මං මරු කතාවක් දැක්ක The last row එකේ,
Delete[mark]♣ අවස්තා අංක 01 – ආසනය අසල පිරිමි දෙදෙනෙක් සිටීම
කිසිදු කලබලයක් නැත. දෙදෙනාගෙන් හිඳගන්නේ කවුරුදැයි දැනගැනීමට දෙදෙනා මුහුනින් මුහුන බලයි. එක් අයෙකු හෝ හිඳ ගැනීමට තැත් කරයි නම් අනෙකා වහාම බ්රේක් ගසයි. මෙවැනි අවස්තා වලදී දෙදෙනාම බ්රේක් ගසන අවස්තාද අති අතර එවන් අවස්තාවකදී වෙනැත් තැනක සිටින ගැහැනු පරානයක් තලාගෙන පෙරලාගෙන කකුල් පාගාගෙන එම සීට් එක වෙත ඇදී ආ හැක.
♣ අවස්තා අංක 02 – ආසනය අසල ගැහැනු අයෙක් හා පිරිමි අයෙක් සිටීම
පිරිමියා ඉඳගන්නේ තමාද ඇයද කියා බලන අතරතුර ඇය හිඳගනී.
♣ අවස්තා අංක 03 – ආසනය අසල ගැනැනු දෙදෙනෙක් සිටීම
බැලීමට ලස්සනම අවස්තාව මෙයය. අවස්තා එකේදී මෙන් දෙදෙනා දෙදෙනා දෙස බලයි. නමුදු මෙය රනකාමී බැල්මකි. (“එන්නෙ නෑ ලඟට. මේක මගේ සීට් එක” වගේ බැල්මක්) ඉන් පසු දෙදෙනාම යුද වැදීමට පටන් ගනී. මුලින්ම කරන්නේ සීට් එක වැසෙන සේ දෙදෙනාම අර සීට් එක දෙපසින් අල්ලාගැනීමය. ඉන්පසු දෙදෙනාම අනෙකා ඉවත් කිරීමට තැත් කරයි. මෙහිදී ඉඳගෙන සිටින්නාටද එතනින් ගැලවීමට සෑහෙන මහන්සියක් දැරීමට සිදුවේ. ඔහු නැගිට්ට ගමන් අර දෙදෙනාගෙන් කෙනෙක් ඉක්මනට තමාගේ පශ්චාත් භාගය කෙසේ හෝ අර සීට් එකට ඔබාගනී. ඉන්පසු හිමීට අනෙක් අවයව ටිකද සීට් එක තුලට ගනී....[/mark]
කතාවනම් හරි. මමත් අගය කරනවා.:)
ReplyDelete"මනුස්සකම්" රකින එක අද නිවට කමක් වෙලා කියල තේරෙන්නේ නැද්ද. (ජාති/ආගම් ගැන කිව්වේ)
සින්හලයනේ මනුස්සකම හින්ද අපිටම ගහනකම් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. @-)
ඇත්තම කතාව සිංහලයට අද මනුස්සකමක් නෑ මල්ලි.. තියෙන්නෙ නෝන්ජල්කම..
Deleteඒකයි වෙන සුළු ජාතියකට බයේ මෙච්චර කෑ ගහන්නෙ.. අවංකම කතාව මුස්ලිම් උන්ගෙ තියෙන බැඳීම, එකමුතුකමෙන් 0.01% වත් අපේ උන්ගෙ ගාව නෑ. ඒකයි සේරටම මුල. :(
අපේ උන්ට ඕන අනිත් එකාගෙ කකුලෙන් ඇඳල හරි තමන් උඩට යන්න. ඒත් අරුන් හදන්නෙ හැමෝම ගොඩ දාන්න, හරියට ජපන් ජාතිකයො වගේ..
සල්ලි මිටියක් දැක්කම ආගම ජාඅතිය පාවල දෙන නිවටයො ඉන්නෙ උන්ගෙ නෙවෙයි, අපේ.. උන්ට #1 උන්ගෙ ආගම. ඒත් සිංහලයට #1 සල්ලි
ඇත්තම කතාව ඕකයි.. ජාතීන් අතර එකමුතුවක්/සමඟියක් හදන්න කළින් අපි අපේ උන් හදන්න ඕන.
අපේ උන් හදන්න කලින් රටේ නායකයො හදන්න ඕන. නායකයො එකමුතු කරන්න උපදෙස් දෙන්න ඕන අපේ හාමුදුරුවො. ඔක්කොටම කලින් සංඟායනාවක් තියල හාමුදුරුවො එකමුතු කරන්න ඕන..
මේ රටේ සිංහලයා සහ බෞද්ධයා විනාස කරේ ඔය කෙහෙල්මල් දේශපාලනය. ඕක තියෙනකම් කවදාවත් වෙනසක් කරන්න නම් බෑ..
නැතුව කුණු බිත්තර වලින්වත් රෙද්ද උස්සන් කෑ ගැහුව කියලවත් මේක විසඳුමක් වෙන්නෙ නෑ.. ප්‍රායෝගික වෙන්න ඕන..
එකගයි ..!!!!
Deleteතනියෙන් කල හක්ක අල්පයි... යසිත් අයියේ., මට FB එකෙන් මැසේජ් එකක් එවන්න,
අපේ රටේ ආගම ධර්මය මතක් වෙන්නෙ පංසලක් පල්ලියක් දුටුවාමයි. මේවගේ අවද්ථා විරලයි. මෙතැනදි ආගම් ජාති බේද නෑ සලකන්නෙ මනුස්සකමට. ඒකයි වෙනස.
ReplyDeleteඑහෙමවත් මතක් වෙනව නම් ලොකු දෙයක්. ඒත් පන්සලක් දැක්කම පස්ස උස්සන එකා ගැබිණි මාතාවක් දැක්කම ගම්ගාල වගේ අලවං ඉන්න එක තමා අවුල.. :(
Deleteඔයා කරපු වැඩේ අගය කරන්න ඕන මුලින්ම. ගොඩක් අය සිට් දෙන්න කැමති නැති බවනම් ඇත්ත. මම හිතන විදියට ඒකට ලොකු හේතුවක් තමයි එහෙම දුන්නොත් ආපහු සීට් එක නොලැබීම. ගොඩක් දුර යන අය කවුළුවෙන් එලිය බලන්නේ ඔය හේතුව නිසා වෙන්න ඕනේ. ඒත් අර අම්මටයි දුවටයි මාරුවෙන් මාරුවට හරි නැගිටගෙන යන්න තිබුනා ගැබිණි මවට සීට් එක දීලා..
ReplyDeleteඋන් දෙන්න නැතත් බස් එකේ තව සීට් 52 ක මිනිස්සු කියන උන් 52 ක් වාඩි වෙලා හිටියා සයුරි.. කිලෝමීටරයක් විතර යනකම් ඒ මනුස්සය හිටගෙන :(
Deleteසමහර විට අම්මටයි දුවටයි ඊට වඩා අමාරු ඇති @සයුරි අක්කේ
Deleteබස් වල මෙහෙම සිද්දි අනන්තවත් වෙනවා මලයෝ... මිනිසත්කම කියන එක අන්තෙටම වැටිලා තියෙන්නේ දැන්..... හිත් පිත් නැති මිනිස්සු තමා වැඩි හරියක් ඉන්නේ.... හරිම කණගාටුදායක තත්වයක්.....
ReplyDeleteමේ කෲර ලෝක තලයේ
Deleteනොමිනිසුන් සමඟ ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ
මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ.........
මෙච්චර කාලයක් උඹ අපේ පැත්තෙ ආවට ඔන්න මම අදම තමයි මේ පත්හේ ආවේ. ලැජ්ජයි අප්පා ඒකට.
ReplyDeleteමේ කතන්දරේනම් සහතික ඇත්ත. ඔය වෙලාවට තමයි වාඩිවෙලා ඉන්න ගෑණු කවුළුවෙන් අනන්තය හොයන්න යන්නේ.
හැබැයි සමහර වෙලාවට ගෑණු ගතිය මතුවෙලා වාදී වෙන්න සීට් එක දුන්නු එකා බලන් ඉද්දි වෙන ගෑනියෙකුට සීට් එක දීලා නැගිටලා යන අවස්ථාත් තියෙනවා.
ඔයිට සමාන සීන් එකක් නෙව ලාස්ට් රෝ ඒකෙන් උපුටලා දාලා තියෙන්නේ... හෙහ්..හෙහ්..හෙහ්...
දික්තලා, කාල ගෝලය එක්ක ඇවිත් දික්පිය එක්ක පැනල ගියපු එකේ ගෑණුගති ගැන කවර කතාද ? :D
Deleteඔය කියන සිද්දිය නම් මාත් ගොඩක් වෙලාවට දැකලා තියෙනවා...
ReplyDeleteදවසක් බස් එකට බඩදරු අම්මා කෙනෙක් නැග්ගා මන් හිටියේ බස් එකේ පිටිපස්සට වෙන්න ... එතන ඉදන් මන් ඉන්න තැනටම ආවත් කවුරුවත් ඒ අම්මා දිහා බැලුවේ නෑ මම ශීට් එක දුන්නාම එහා පැත්තේ හිටපු ඇන්ටි කෙනෙක් කඩාගෙන බිඳගෙන ඇවිත් එතනින් වාඩි උනා ... අර අක්කා මන් දිහා මහ අසරණ විදිහට බලපු නිසාද මන්දා අර ඇන්ටි ට කතා කරලා කිව්වා මන් ඉඩ දුන්නේ මේ අක්කාට ඉඳගන්න ඇන්ටි ඔතනින් නැගිටිනවද කියල ... වෙනදට නම් මම කරබාගෙන ඉන්නවා
ඊට පස්සෙ ඒ ඇන්ටි කියපි,
Delete"මමත් බඩ දරු අම්ම කෙනෙක් තමයි.. මේ දැං විනාඩි 5කට කලින් දොස්තර මට කිව්වෙ" :))
ලංකාවෙ කිසිම නීති පොතක නෑ එහෙම කෙනෙක්ට සීට් එක නොදුන්නොත් දඩ ගහනව කියලා.. ඒක කරන්නෙ මනුස්සකමට.. මනුස්සකමට සීට් එක දුන්නම "ස්තූතියි" කියන එක තමයි යුතුකම..
ReplyDeleteමචන් යසියා මම ඉස්සර බනියව හම්බවෙන්න යද්දී බස්වලනේ ගියේ මමත් සෑහෙන්න සීට් දීල තියෙනවා වයසක අයට ගැබිණි අම්මලාට නමුත් එකෙක්වත් ස්තූතියි කියල නැහැ ඒ අපේ සිංහල කමනේ එහෙම කිව්වොත් අන්ගෙන් කෑල්ලක් යනවනේ බං තේරෙන්නේ නැද්ද?
බනියත් එක්ක වාඩි වෙලා යද්දි කෝරලයට නැගිටල සීට් එක දෙන්න උනේ නැද්ද ? :)
Deleteඔහොම හිතක් පපුවක් නැති අය ඉන්නවා
ReplyDeleteඉස්සරහට එහෙම අය වැඩි වෙන එක තමයි අපි අඩු කර ගන්න ඕන :-q
Deleteඅඩේ මම මේ ලිපිය කියවල නෑනෙ..සොරි බං..!
ReplyDeleteමමත් සීට් දීල ඇති ඕන තරම්..ඒත් උන් හිතාන ඉන්නෙ උන්ට සීට් දෙන්න නීතියක් තියෙනව කියල...ස්තූතියි කියන්නෑ..එහෙම උනාම තවත් කෙනෙකුට සීට් එකක් දෙන්න හිතෙන්නෑ!
ඔව් අෆ්ෆා.. ඒ මදිවට සමහර උන් ඔරවනවා X(
Deleteඔය වගේ සිද්ධිනම් අනන්තයි අප්‍රමාණයි.බස් එකකට බඩදරු අම්මෙක් නැග්ගම ඉඳන් ඉන්න වේස ගෑනු අහක බලා ගන්නවා මං ඕන තරම් දැකලා තියෙනවා.සීට් එකක් දුන්නොත් දෙන්නේ පිරිමියෙක් තමයි.ඒ තරමටම සමාජය පහත් තත්වෙට පත් වෙලා.
ReplyDeleteඋන් හිතන් ඉන්නෙ එහෙමයි බං.. ගෑණු අපි වාඩි වෙලා යන්න ඕන පිරිමි උඹල නැඟිටලා යන්න ඕන කියල හිතන්නෙ X( X(
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමට mail එකක් දාන්න.
Delete[co="red"]info@yasith.net[/co]
නැත්නම් ඔය සයිඩ්බාර් එකේ තියෙන ක්‍රමයකින් සම්බන්ධ කර ගන්න.. දැනට මං මේ කොමෙන්ට් එක අයින් කරනවා. මේල් එකකින් විස්තරේ කියන්න.
මම ඔහොම සීට් දීපු අය බහින කොට වෙන කෙනෙකුට කතා කරලා සීට් එක දෙනවා මම පුදුම වෙලා බලා ඉඳලා තියෙනවා කීප වතාවක්. එතකොට නම් මාර සනීපයක් තියෙන්නේ. :)
ReplyDeleteඕවට කතා කරන්න ගියත් වැරදියි, කට වහන් හිටියත් වැරදියි :(
Deleteඅනේ මන්දා අපේ මිනිස්සු පුදුම විදියට කුහක වෙලා තියෙන්නේ. මනුස්සකම කියන එක දැන් බේතකටවත් හොයා ගන්න බැරී තරමට නැති වෙලා. හැබැයි බොහොම ඉක්මනට මිනිස්සු විනාස වෙලා යයි මේ යන විදියට
ReplyDelete"ගැහැණියකගේ දුක දන්නේ තවත් ගැහැණියක්ම පමණි" මේක නිකම්ම නිකම් සිතුවිල්ලක් විතරක් වෙලා
කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/
ReplyDeleteඔයාගේ අදහස් වලට මම 100 ට 200 ක් එකඟයි...මමත් ඕන තරම් සීට් දීලා තියනවා..ඒත්..කවදාවත් ස්තුතියි කියන වචනේ අහලා නැහැ....
ReplyDeleteඅනිත් දේ තමයි..මට වෙලා තියන...මහා බෑග් ගොඩක් එක්ක වැඩි වෙලා ඉන්න වෙලාවක ඔහොම සීට් දුන්නම..ඒ බෑග් එකක් වත් ගන්න තරම් වත් අපේ මිනිස්සු කාරුණික නැහැ...
ඒ වගේම..මට වෙලා තියන fun ම වැඩේ...මගදී බැහැලා යන සීට් ලාභියා,...කවදාවත් අර සීට් දීලා හිටගෙන යන මට සීට් එක ආපහු දෙන්නෙත් නැහැ..ළඟ ඉන්න කාට හරි කතා කරලා...ගෙදරින් ගෙනාව වගේ දීලා යනවා මිස...