Skip to main content

තවත් අවුරුදු සුභ සිතුවිල්ලක්.............




සියළු ශ්‍රී ලාංකිකයන්ට,
  • ගුණ ගරුක , 
  • මනුස්සකමින් පිරිපුන් නව සිතුවිලි පහලවන, 
  • සැමට එකසේ සළකන, 
  • පන්ති භේදයෙන් තොර, 
  • ජාතිවාදයෙන් තොර, 
  • ආගම්වාදයෙන් තොර,
  • මතින් සිහි විකල් වූ හැඟීමෙන් තොර,
  • සහෝදරත්වයේ නව හැඟීම් ජනිතවන 
සුභම සුභ වාසනාවන්ත පැතුම් ඉටුවන නව වසරක් වේවා !

ප.ලි. :
සුභ පැතුම් පෝස්ට් දාල තිබුණ හැමෝටම සුභ පැතුවා.. හැම බ්ලොග් එකටම ගොඩ වැදෙන්න නම් වෙලාවක් නැති උනා.. දැනට බ්ලොග් 308 ක් ෆලෝ කරනවා.. ඒ හැම එකටම නොයාත් බෑ ගිහිල්ලත් බෑ...

කොච්චර කාර්යබහුලද කියනවා නම් අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා එවපු sms එකට රිප්ලයි කරන්නත් බැරි උනා.. (තරහ වෙයිද මංදා )

ප.ප.ලි:
අර 21 මහරගම අවුරුදු කුමාරිට හරි අවුරුදු කුමාරයට හරි යන්න බලාපොරොත්තුවෙන් බෙන්තර ගඟෙන් මෙහා කෙනෙක් ඉන්නව නම් මට මේල් එකක් දාන්නෝ.... info@yasith.net
තනියම යන්න ලැජ්ජෝ....


Comments

  1. ජනාධිපති තුමා මටත් SMS එකක් එවල තිබුන බං. ෂිහ් උත්තර යවන්න බැරි වුනානේ. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න අවුරුදු බෝනස්. එක කමෙන්ට් එකයි දැම්මේ. ඒක ඩබල් වෙලා. අවුරුදු ජයයි.. :D:D

      Delete
    2. මං ඩිලීට් කොලා :D
      දැං බෝනස් නෑ...

      Delete
    3. ඔබටත් එසේම වේවා.

      Delete
  2. කොකිස් හැදුවා කියලා ආරංචි යි! හෙට වෙනකොට දෙයියනේ කියලා ඔයාට බඩේ අජීර්ණයක් හැදුනේ නැත්තං මගේ කොටස අමතක නොකර එවන්න, හරි ද අයියණ්ඩි? ;) ආව්! ආව්! යසිත් අයියා අවුරුදු කුමාරයා තරගෙට යනව ලු. මට ඉර හඳ වගේ ෂුවර් ඔයා අවුරුදු කුමාරයා වෙනවා (වෙන කවුරුත් තර‍ගෙට ආවේ නැත්තං) =))

    ReplyDelete
    Replies
    1. හහ්.... අපි ඕවට සැලෙන්නෙ නෑ.... X( X(

      Delete
  3. Replies
    1. ඇවිල්ල එක්ක පලයංකො.... :((

      Delete
  4. ජනාදිපතියගෙ වෙලාව හොද කමට රිප්ලයි බට්න් වැඩ නැහැ :)

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  5. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  7. ඔබටත් ,
    සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  8. මම සුභ පැතුවා ආපහු පතන්න කම්මැලියි.

    ReplyDelete
  9. සියළු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා පතනවා.

    ReplyDelete
  10. අවුරුදු කාලෙට හැමෝම නිකං බීපු මිනිස්සු වගේ. 'සුබ අලුත් අවුරුද්දක් ' කිය , කිය ඇවිදිනවා.:D
    'ඔයාට සුබ අලුත් අවුරුද්දක් යසිත්'

    ජනාධිපතිතුමා SMS එවනවද?

    ReplyDelete
  11. කලින් පෝස්ට් එකේ සුබ පැතුවා.ආයේ සුබ පතන්නෙ නෑ.දැන් 21 සයිබර් උළෙලට වෙන කවුරුවත් කොල්ලො සහභාගි වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  12. මමනම් ජනාධිපති තුමාගේ sms එකට රිප්ලයි කළා, නැතිනම් පවුනේ.

    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  13. 21 එද්දි අවුරුදු කෑමයි උපන්දින කේක් එකයි ගෙනාවට කමක් නෑ ඇ,, :D
    සුබ අලුත් අවුරුද්දක් වේවා.......!!!!!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි මාත් එකඟයි ඒ අයිඩියා එකටනම් ;) සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් :)

      Delete
    2. තනියම එන්නෙ කොහොමද බොල :((

      Delete
    3. ඔය ඉන්න යාළුවෙක්ව ඇදගෙන එන්න ... ළඟ පාතක තිබුනා නම් හනී බනී එක්කවත් එන්න තිබුනා නේ ;)

      Delete
  14. එසේම වේවා යසිත්

    ReplyDelete
  15. ඔබටත්..ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  16. දැං කියන්න වෙන්නේ ලබන අවුරුද්ද ජය වේවා කියල තමා

    ReplyDelete
  17. Same to you ! 🙂

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත