දිනය - 2013-04-26 වේලාව - පස්වරු 4 පමණ ස්ථානය - කොළඹ-තංගල්ල බස් රථයක් තුල මං වාඩි වෙලා හිටියෙ සීට් 3 පේලියේ ජනේලෙ පැත්තෙ අයිනෙම.. මට වම් පැත්තෙන් වයස 20ක 25ක කෙල්ලෙකුයි එයාගෙ අම්ම කියන්න පුළුවන් කෙනෙකුයි වාඩි වෙලා හිටියෙ... ඒ කෙල්ලගෙ අම්ම කියල මං හිතුවෙ වාඩි වෙන වෙලාවෙ කෙල්ල මගේ ළඟින් වාඩි වෙන්න හදන කොට ඒ ඇන්ටි මැදට පැනල කෙල්ලව කොනට දාපු නිසා මෙහෙම ටික දුරක් යද්දි හබරාදුවෙන් මුස්ලිම් ජෝඩුවක් නැඟලා මං හිටපු තැනට ආවා.. ඒක එච්චර විශේෂ දෙයක් නෙවෙයි.. තරුණ වයසෙ විවාහක ජෝඩුවක් වගේ.. ටික වෙලාවකින් මට තේරුණා ඒ ගෑණු එක්කෙනා අර පටු ඉඩේ හිටගෙන යන්නෙ අමාරුවෙන් වගේ කියලා.. එතකොටයි මං හරියටම දැක්කෙ ඒ මනුස්සයා බඩ දරු අම්ම කෙනෙක් කියලා.. එතෙක් මෙතෙක් මගේ බස් ගමන් ඉතිහාසය තුල මං කවදාවත් බඩදරු මුස්ලිම් ගෑණු කෙනෙක් දැකල තිබුණෙ නෑ.. තිබුණත් අඳුරගන්න අමාරුයි එයාලගෙ ඇඳුම නිසා.. කොහොම උනත් මේ කෙනාගෙ නම් බැලූ බැල්මට පේනවා.. ඒත් අමාරුවෙන් වටපිට බල බල හිටිය මිසක් කාගෙන්වත් වාඩි වෙන්න ඉල්ලුවෙ නෑ.. එතනම හිටියෙ අර කෙල්ල.. ඒකි ෆෝන් එක ඔබනවා.. ඊළඟට අම්ම.. එයා මුහුද හොයනවා.. කොනේම මම.. කරන්න වෙන දෙයක් න...
යථාර්තවාදී ෆැන්ටසියක් කරා........