Skip to main content

Posts

මම නොවන මම........

අසීමාන්තික අවකාශයේ....... පියඹිය නොහැකිව..... සමාජ බැමින් කොටු වී........ නිදහසට ලොබ බැඳ .......... සුසුම් හෙලන.... මම නොවන මම........ යාන්ත්‍රික ‌‍‌‍‌දෛවයකට.... උරුමකම් පෑ පවකට.... අනිච්ඡානුග සොම්බියකු මෙන්... හඹා යමි  ජීවිතය පසුපස... අමාවක ගණඳුරු දිනෙක... හිස් අහසේ තරුකැට අතර... නොදුටු පුන්  සඳ සොයන... මම නොවන මම........

ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි.....

ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා.. මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා. කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට් වෙලා පාඩම් කරන්න කියල හිතාගෙන. එත් ගොඩක් දවස් වලට වෙන්නේ සෙට් වෙලා Game ගහන එක තමයි. එකත් එක්තරා විදියක ඉගෙනීමක් නිසා කමක් නෑ කියමුකෝ.. හරි පහුගිය දවසකත් ඔහොම ගියා කියමුකෝ. අපි අපේ පාඩුවේ මුල්ලකට වෙලා Despicable Me: Minion Rush පැන්චෝ Game එක ගහනවා. (පොඩි උනාට මරු. Microsoft App Store එකෙන් Download කරගෙන බලන්න) කොහොම හරි ඔන්න අපේ ජුන්නෝ බැජ් එකකටත් Tea-Break එක ලැබිල. එයාලත් කැෆේ එකේ පිරුණා. පැන්චෝ Game ගහන අතරේ පැන්චියෝ දිහා බලන එකත් සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්නේ. කන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය එකිනෙකාට සපුරාම වෙනස්. සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන් රෝල්ස් එකෙන් කන්නේ බාගයයි, බිම එකෙන් බාගයයි බොන්නේ, එකත් පැය බාගයක් විතර හූනෙක් වතුර බොනවා වගේ, එත් අපරාදේ කියන...

කාලෙකට පස්සේ......

සෑහෙන කාලෙකින් බ්ලොග් ජීවිතේට එන්න බැරි උනා... ඒ ඇත්ත ජිවිතේ එක්ක හිරවෙලා හිටපු නිසා.. ඔය දෙක අතර වැඩි වෙනසක් නැති උනත් ඇත්ත ජිවිතේ කවදාවත් Undo සහ Redo button දෙක නෑ.. තිබුන නම් මේ ලෝකේ මිට වඩා ගොඩක් වෙනස් වෙයි ... පහුගිය මාස 3 ට ගොඩක් ලොකු වෙනස්කම් නොවුනත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. සමාජයේ රඳා පවතින්න නම් වැල යන අතට මැස්ස ගැසීම , ඕනවට වඩා අවංක නොවීම, ඕනවට වඩා සාධාරණ නොවීම වගේ විකාර දේවල්.. කොටින්ම "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියන සංකල්පය. පුංචි වැඩ කිහිපයක් පටන් ගත්තා.. ජොබ් කරන්න තව කල් තිබුනත් (මම ජොබ් කරන්න කැමති නැතෝ) අර මොකක්ද එක ඊට වඩා ලොකු නිසා දැන් ඉදන්ම මොකක් හරි කරන්න ඕනෑකම තියෙනවා. එත් එදා මෙදා තුර කරපු දේවල් වලින් පාඩුවක් මිස ලාභයක් නම් උනේ නෑ.. බොරලුගොඩ, රජා, කළු සුදු ,දෙසකයා , සිතුවිලි සිතු කට්ටිය නම් හැමදාම වගේ මුණු පොතෙන් හම්බ වෙනවා.. කොහොම උනත් මේ පොස්ටුව ලිව්වේ මම තාම පන පිටින් ඉන්නවා කියල කියන්න විතරයි. පුළුවන් වෙලාවට බ්ලොග් කියවන්නත් එනවා කලාතුරකින් හරි මමත් මොනවා හරි කුරුටු ගාන්නම්. දැනට ගිහින් එන්නම් .. ප.ලි: කීප දෙනෙක් මඩක් ගහල තිබුන...

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත...

ආදරණීය තෙපුල් සර්........... !

මං මුලින්ම NIBM එකට ගියපු දවසෙ තමයි ඔහුව මුලින්ම දැක්කෙ.. ඒ කවුද, කින්ද මන්ද කියලවත් මං දන්නෙ නෑ.. ඈත ඉඳන් අඩි බරට තිය තියා ආපු ඔහු දිහා කටත් ඇරන් මං බලන් හිටියෙ යෝධයෙක් දිහා බලන් ඉන්නව වගේ... "ඒ තෙපුල් සර්... මේකේ ලොක්කා " එහෙම කිව්වෙ Institute එකේදි මුලින්ම මාත් එක්ක කතා කරපු බලෙන්ම අදුරගනිපු කොල්ලා, ඇඩ්ඩිං . ඇත්තටම තෙපුල් සර් කියන්නෙ යෝධයෙක්. මට විතරක් නෙවෙයි Institute එකේ හැමෝටම ඔහු යෝධයෙක්. ඒත් සාම්ප්‍රදායික ආයතන ප්‍රධානියෙක්ගෙ තියෙන දරුණු ගති, සැරපරුෂ කම් අතින් ඔහු ලිලිපුට්ටෙක්. ඔහු කිසිම වෙලාවක තමන් යටතේ සේවය කරන කිසිම කෙනෙක්ට යන්තමින් හෝ දොස් පවරනව මේ අවුරුද්දක පමණ කාලය තුල මං දැකල නෑ. අඩුම තරමින් ශිෂ්‍යයෙක් උන මට හෝ වෙනත් කිසිම ශිෂ්‍යයෙකුට තෙපුල් සර් ඇස් රතු කරන් යක්ෂයා අරක් අරන් ඉන්න වෙලාවක් දකින්න ලැබිලම නැහැ. වැඩිපුරම ඔහුගෙන් බැනුම් අහල තියෙන්නෙත් අපේ batch එක වෙන්න ඇති. නමුත් අවාසනාවට සර්ට හරියට බනින්න තේරෙන්නෙ නෑ. බැන්නත් බොහොම සුහඳ විදියට හිනා වෙවී, ඉතිං ඒකට "බැනීමක්" කියල අර්ථකථනය කරන්නෙත් තෙපුල් සර්ම තමයි. අපිට නම් ඒක බොහොම සුහදශීලීව දෙන අව...

Google Translate widget එක ඔබේ වෙබ් අඩවියට

සමහර වෙලාවට අපි බ්ලොග් කියවන්නෙ නිවසේ හෝ තමන්ගෙ පරිගණකයෙන් නොවෙන්න පුළුවන්, එතකොට කොමෙන්ට් කිරීම් වැනි කටයුතු වලදී ඒ පරිගණකයේ සිංහල යුනිකේත නොතිබුණොත් සිංග්ලිෂ් වලින්, එහෙමත් නැති නම් Online tool එකක පිහිට පතන්න අපිට සිදු වෙනවා. එහෙමත් නැත්නම් බ්ලොග් නොලියන ඇනෝ කෙනෙක් වගේ බොහෝ විට කොමෙන්ට් කරන්නෙ සිංග්ලිෂ් වලින්.. ඔවුන්ට උදව්වක් වෙන්නයි, වෙබ් අඩවියේ බහුතර කොමෙන්ට් යුනිකෝඩ් කරගන්නයි පුළුවන් වෙන්න Google Translate IME එක වගේම පොඩි Widget එකක් බ්ලොග් එකට/වෙබ් එකට දාගමුද ? මේ මගේ බ්ලොග් එකේ වම් පැත්තෙ පහල තියෙන " සිංහල " කියන පොඩි Button එක Click කරල බලන්නකෝ, ඔක්කොම පැහැදිලි වේවි.. ඕක කිසිම කරදරයක් නැති අහිංසක, ඒත් ප්‍රයෝජනවත් widget එකක්..   ඕක ලේසියෙන්ම වෙබ් අඩවියට එකතු කරගන්න හැටි දැන් කියන්නම්.. ◘ ඔයාට තියෙන්නෙ blogger blog එකක් නම් Dashboard එකට log වෙලා Template >> Edit HTML වෙත යන්න. වෙනත් වෙබ් අඩවියක නම් කෙලින්ම Code View එකට Edit කරගන්න. ◘ දැන් Ctrl + F ගහල </head> ටැග් එක හොයා ගන්න. ◘ දැන් </head> ටැග් එකට ඉහලින් මේ පහත කේතය Copy - Paste...

මොකටද අපි සිංහල බ්ලොග් ලියන්නේ ?

බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය.. කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය. ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් ඇතැමුන් තමන්ගේ දර්ශණයක් ව්‍යාප්ත කිරීමට මෙන්ම අන්‍යයන් හෙලා දැකීමට බ්ලොග් කරණය භාවිතා කරති. එය එසේ සිදුවිය යුතුය, වැළැක්වීමද කළ නොහැක්කේය, මන්ද යත් බ්ලොග් කරණය යනු සැබෑ රියැලටි සමාජයේ ජීවත්වන්නා වූ පුද්ගලයින්ම භාවිතා කරනා අතත්‍ය (Virtual) අවකාශයකි. එහෙයින් විවිධ වූ පුද්ගලයින්ගේ විවිධ වූ අදහස් එළිදැක්වීම වාරණය කළ නොහැක්කේය.. ඇතැමෙකුගේ නිර්වචනයට අනුව පෞද්ගලික බ්ලොග් මගින් සිදු කෙරෙන්නේ අදාල රචකයා පුම්බා දැමීමකි.. සොක්කෙක් ලොක්කෙක් කිරීමකි. හිපාටුවෙකු පොරක් කිරීමකි... ලෝකයේ ජීවත්වෙන සෑම කෙලෙස් ප්‍රහීන නොකළ පුද්ගලයෙකුම කැපී පෙනීමට කැමත...