Skip to main content

Posts

ෆැන්ටසි නිවුස්

වෙනද ගෙදර යන පුරුද්දටමද කොහෙද බස් හෝල්ට් එකට ආව.ඒත් පන්ති ඉවර වෙලා මෙච්චර හවස් වෙලා ගෙදර යනවමයි. එතකොටම එතනට ලස්සන අපේ වයසෙම වගේ ගෑණු ලමයෙක් ආව. “ෂෝයි කෙලි පොඩ්ඩ..” මට එහෙම හිතුනට කිව්වෙ නෑ. එයත් මං දිහා බලල ලාවට හිනා උනා. ඒත් ඒ හිනාව ගොඩක් දුක් බරයි වගේ. ‘ටුට්ටා…. ටුටිටි ටුටි ටුටුටූ….’ අහල පුරුදු සද්දයක්.. ආ මේ අර ජනතා චැනල් එකේ නිවුස් යනවනේ. අෆ්ෆා.. ඒ කියන්නෙ 7 ත් වෙලා. මමත් ඕප දූප අහන්න ආසාවට පාරට පේන්න TV දමාපු කඩේ ගාවට කිට්ටු උනා. ඇඩ් 10ක් විතර දාල ප්‍රවෘත්ති පටන් ගත්ත. ෂෝයි කොන්ඩෙ තඹ කරපු ඇන්ටි කෙනෙක්, “අද මාතර දුම්රිය මාර්ගයේදී පෙම්වතුන් යුවලක් දුම්රියට පැන දිවි නසාගෙන ඇත. මේ එහි රූප රාමුයි” ඇයි යකෝ අපි මාතර ඉඳලත් දන්නෑනෙ. දන්න කියන එකෙක්ද බලන්න මමත් තව ටිකක් ලං උනා. “ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අපි මෙම දර්ශන මුලින්ම ගෙන ආ බව සතුටින් දැනුම් දෙනව. මේ එය සිදු වූ ස්ථානයේ අපි ලබා ගත් 3G දර්ශන” “දැන් මේ ඔබ දකින්නේ එම ස්ථානයේ දර්ශන ස්කයිප් තාක්ශනය ඔස්සේ” “මේ එම ස්ථානයේ චන්ද්‍රිකා ඡායාරූප” මේක මාර රෙද්දක්නෙ. මුන් මේ එක එක තාක්ෂණ කියල පෙන්නන්නෙ එකම තැන රූපනෙ. ඒ මද...

හොරා, ඕකව හම ගහන්න ඕන

හොරා අමාරුවෙන් ඔලුව උස්සල බැලුවා. තමන් වටේ වටවෙලා ඉන්න මිනිස්සු තාමත් බනිනව.. හිටගන්න හැදුවත් ගුටිකාපු පාරවල් වල සැරකමට ආපහු ඇදගෙන වැටුනා..එතකොටම පොලිසියෙන් ආව. "කෝ මිනිහා ? " තරු ගහපු ලොකු මහත්තයෙක් ගැඹුරු විදියට ඇහුව. "-මෙන්න සර්.. අපිත් පොඩ්ඩක් සැළකුව. මෙන්න මේ නෝනගෙ චේන් එක තමයි කැඩුවෙ." කොන්ඩෙ වවල මැර පාටට හිටපු එකෙක් කිව්ව. "කෝ මාලෙ තියෙනව නෙ ? " "ඔව්.. මේ මල්ලිල තමයි මූට දෙකක් ඇනල අරං දුන්නෙ" එතන හිටපු තොල් රතු කරපු, කොන්ඩෙ ස්ට්‍රේට් කරපු වයස හොයන්න බැරි නෝන කෙනෙක් පවුම් 5ක විතර මාලයක් පෙන්නුව." "ආ... එහෙනම් හරිනේ.. අපි ඉතුරු ටික බලා ගන්නං. යමං බැල්ලිගෙ පුතා. උඹට අපි සළකන්නම්" පොලිසියෙ දෙන්නෙක් හොරාව බෙල්ලෙන් ඇදන් ගිහින් ජීප් එකට දා ගත්තා. "ඕකව හම ගහන්න ඕන" "අවුරුදු 5ක් වත් ඇතුලට දාන්න ඕන" "අනිත් අයගෙත් වැරදි. මොකට ඔච්චර වටින ඒව දානවද. හොරු හැමතැනම" එතන හිටපු අය එක එක දේවල් කිව්ව. *********************************************************************** හොරා අමාරුවෙන් ...

පිස්සා

පිස්සට ඇහැරුනේ මහා ගෝරනාඩුවක් එක්ක පිට හරහා වැදුනු පා පහරක් නිසා.. පිස්ස කබ කඩ කඩ ඇස් පිහිදලා බැලූව. "නොදකින් කාලකන්නි මූසලයා... උදේ පාන්දරම මෙතන බුදිය ගත්තෙ මොන මූසලකමක්ද මංදා.. දැන් ඉතින් අද දවසෙම බිස්නස් ඉවරයි. තුක් විතරක් " මුදලාලි ලුනු ඇඹුල් දාල පිස්සට බනිනව.. පිස්සට ඕව ගානක් නෑ.. පිස්ස මුදලාලිට විරිත්තල හිනා උනා. "පල කාලකණ්නියා.. දුවපිය මෙතනින් මැරුම් නොකා" මුදලාලි පිස්සගෙ ප්ලාස්ටික් කෑලි එකතුකරල තිබුන ෂොපින් බෑග් එකට පයින් ගැහුවා.. ඒකෙ තිබුන ලට්ට ලොට්ට පාර පුරා විසිරුණා.. පිස්ස මුකුත් නොකියා ආපහු මුදලාලි එක්ක හිනා උනා. ඊට පස්සෙ විසිරිල තිබුන පිස්සට වටින අනිත් අයට නොවටින දේවල් ටික එකතු කරල බෑග් එකට දා ගත්තා. පිස්සගෙ අණ්ඩ දමාපු කොට කලිසම පිටිපස්සෙ ඉරිලා. මෙතනින් යන්න ආපු පංති යන කෙල්ලො ටිකක් මේක දැකල බක බක ගාල හිනා වෙවි ගියා.. ඒත් පිස්සට ලජ්ජ හිතුනෙ නෑ.. අනිත් අය හිනා වෙන කොට පිස්සත් හයියෙන් හිනා උනා.. තමන්ගෙ වටිනා වස්තුව තියෙන බෑග් එකත් අරං පිස්ස බස් හෝල්ට් එකට ආව.. ඒතන කපුටෙක් මැරිලා.. පළාතම ගදයි.. සාරි ඇඳපු නෝනල, ටයි දමාපු මහත්තුරු නහය වහගෙන අප...

මං උඹට ආදරෙයි බං

"ඒයි මටත් වඩේ කෑල්ලක් දීපන්" "-අපෝ මේ පෙරේතය නැති වෙලාවක් නෑ.කෑම සුවඳට කොහෙන් එනවද මංදා" ගයාශා බර බරේ දදා මට වඩේ බාගයක් දික් කරා..හ්ම්ම්.. ඒකි තමයි මං දන්න කාලෙ ඉඳන්ම මගෙ බොක්ක..කොල්ලෙකුටත් වඩා මට ෆිට්. අපි සෙට් උනේ කොහොමද කියල හරියටම මතකයක් නැතත් කරපු පිස්සු නම් හොඳට මතකයි.ක්ලාස් නොයා වලක් ගහද්දි නෝට් ලියල දෙන්න, තඩි බත් එකක් මටත් එක්ක ගේන්න,වලි වැටුනම ශේප් කරන්න,හදිසියට ලෝන් එකක් ගහන්න,කපුකම් කතා කර ගන්න ඕන දේකට මම දුවන්නෙ මෙයා ගාවට.කෙල්ලත් එවරෙඩි වගේ ඕන දේකට..කොටින්ම එයා කෙල්ලෙක්,මම කොල්ලෙක් කියල වෙනසක් නෑ.බුදු පිට් දෙකක් වගේ අපි හිටියෙ..එයා වගේ යෙහෙලියක් ලබන්න මං පින් කරාට මං වගේ අපතසේන කෙනෙක් ලබන්න ඒකි ආනන්තරිය පාපකර්මයක් කරන්න ඇති.. කොහොම උනත් අපි දැහැමෙන් සෙමෙන් ජීවත් උනා. මට හිත ගියපු කෙල්ලො දහයකට වඩා මම ගයාශා දම්මල කපුකම් කතාකරල ඇති. ඒත් ඒ එකක්වත් හරිගියේ නෑ.. ඔහොම ඉන්න අතරෙ තමයි මට ගයාශා ගැනත් අනං මනං හිතෙන්න ගත්තෙ. ඒකත් කොහොම කවද ඇති උනාද දන්නෑ. ඒත් අවුරුදු ගානක් එකට ඉඳලත් නොදැක්ක ලස්සනක් මම එයාගෙ දකින්න පටං ගත්ත. වෙනදා එයා එක්ක වාද කරපු මං එයා කියවද...

ලොකුකම

පුංචි කාලෙ අම්ම බත් කවද්දි මට කිව්වෙ, "ඉක්මනටම ලොකු වෙන්න නම් ලොකු බත් කටවල් කන්න" මොන්ටිසෝරි යද්දි ටීචර් කිව්වෙ, "හොඳට අකුරු ලිව්වොත් ලොකු තෑග්ගක් දෙනව" ඉස්කෝලෙට ගියාම 1 වසරෙ ටීචර් කිව්වෙ, "අකුරු ලොකු කරල ලිව්වෙ නැත්නම් ලොකු ගුටියක් දෙනව" 5 වසරට ගියාම තාත්ත කිව්වෙ, "ශිෂ්‍යත්වෙ ලොකු වට පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න ඕන" ශිෂ්‍යත්වෙ කෙල උනාම අම්ම කිව්වෙ, "දැන් හැමෝම ලොකු වට හිනා වෙයි" O/L ගොඩ ගියාම සීය කිව්වෙ, " ලොකු පුතා දස්සය" A/L කරද්දි මට ඕන උනේ, " ලොකු වට කෑල්ලක් සෙට් කර ගන්න" එතකොට යාලුවො මට කිව්වෙ, "උඹේ හෙන ලොකු ලයින්" විභාගෙ ලියද්දි මට ඕන උනේ, " ලොකු වට කැම්පස් යන්න" " ලොකු වට ගෙයක් හදන්න" " ලොකු වට කාර් එකක් ගන්න" " ලොකු වට ජොබ් එකක් කරන්න" " ලොකු මිනිහෙක් වගේ ජීවත් වෙන්න" ඒත් රිසල්ට් ආවම උනේ, " ලොකු වට ආපහු ක්ලාස් යන්න"  

පුතා කවුද ?

මේක පුංචි ජොලි කතාවක්.. එක මොන්ටි සෝරි යන පොඩි එකෙක් හිටියලු..මේකා හැමදාම යන්නෙ එන්නෙ ත්‍රීවීල් එකකින්.. ඉතින් ත්‍රීවීල් එකට නැගපු වෙලාවෙ ඉඳන් මේකගෙ වැඩේ කියවනම එකලු.. ත්‍රීවීල් අංකල්ටත් කනක් ඇහෙන්න නැතිලු.ඒත් මොනව කරන්නද ජොබ් එකනෙ කියල ඉවසන් ඉන්නව..දවසක් මෙහෙම එනකොට කපුටො දෙන්නෙක් පාර අයිනෙ කුණු ගොඩක් අවුස්සනව, මේක දැකපු පොඩි එකා අංකල්ගෙන් අහනව, "අංකල්... දැන් අපේ තාත්ති කපුටෙක් වෙලා අම්මි කපුටියෙක් උනා නම් මමත් කපුටු පැටියෙක් වෙනව නේද ? " "- ඔව් පුතා" තව ටික දුරක් යනකොට හරක් පට්ටියක් පාර මාරු වෙනව.. "අංකල්... අපේ තාත්ති හරකෙක් වෙලා,අම්ම හරකියෙක් උනා නම් මම වහු පැටියෙක් වෙනවද ? " "- ඔව්.ඔව්, නැතුව හරක්ට බලු පැටවු හම්බ වෙන්නෙ නෑනෙ" "එතකොට අංකල් අපේ තාත්ති බල්ලෙක් වෙලා,අම්ම බැල්ලියෙක් උනාම මං බලු කුක්කෙක් වෙනවද ? " දැන් නම් අංකල් කාරයටත් මල පැන්න.පොඩි එකා උනත් මූට හොඳවයින් කියන්න හිතල මෙහෙම ඇහුව. "-ඔව් පුතේ..දැන් මම ඔයාගෙනුත් ප්‍රෂ්ණයක් අහනව.හරියට උත්තර දුන්නොත් අයිස් ක්‍රීම් එකක් අරන් දෙනව මගේ ගානෙ.බැරි උනොත් ඔයා ...

ඕන තරම් E mail ගිණුම්

ගොඩක් දෙනෙක් තමන්ගෙ E mail ගිණුම් විදියට යොදා ගන්නෙ gmail,hotmail වගේ ඒවනෙ..ඒත් මම දැකල තියෙනව ගොඩක් අයගෙ E mail ඇඩ්‍රස් එක ඉලක්කම් දාල ඩොට් තියල ඉරි කෑලි ගහල එක විකාරයයි.යාළුවෙක්ට හදිසියට මතක තියා ගන්නවත් බෑ...ඒ තරම් අප්පිරියයි..මේකට ප්‍රධාන හේතුව තමයි එකම නම තියෙන ගොඩක් දෙනෙක් ඉන්න එක. එතකොට මුලින් ගන්න කෙනාට විතරයි ඒ නමින් E mail ඇඩ්‍රස් එකක් ගන්න පුළුවන්.. gmail ම ඕනද ? නෑනේ..හදිස්සියට මතක තියා ගන්න පහසු භාවිතා කරන්න ලේසි එකක් තිබුනම ඇතිනෙ..මම මේ කියන්න යන සයිට් එකෙන් ඔයාලට sub domain 100කට වඩා ගණනක් යටතේ නොමිලේම E mail එකවුන් එකක් හදා ගන්න පුළුවන්.. උදා:your_name@myself.com , your_name@it.com ගොඩක් පහසුයිනෙ මේ වගේ E mail එකක් තියෙද්දි නේද ? එකවුන්ට් එක හදන්නෙ gmail වල වගේම තමයි..එහෙනම් දැන්ම එකක් හදා ගන්නකෝ..