මගේ දුකට සැපට ළඟින් අවුරුදු 6ක් ඉඳපු කොම්පියුටරේ ලෙඩ වෙලා. විසික් කරල අළුත් ඒව ගන්න වත්කමක් නැති හින්ඳම මේකම මූට්ටු කරන් ආව.නිකං ඉන්නකොට වගේ බස් කාරයො බලෙන් එක්කන් යන්නෑ. මේ තඩි සිස්ටම් යුනිට් එක දැක්කම තව ලෑල්ලටම පාගනව.මාත් ඉතිං මට නෙවේ වගේ එනව.නැත්නම් නෝන්ඩිනෙ. හීනි පොද වැස්සෙම කොහොම හරි ස්ටෑන්ඩ් එකටත් ආව.නැත්නම් මඟින් නඟිනව බොරු.හ්ම්ම්.. ඒකෙත් කරුමෙට බස් එකක් නෑ. මං සිස්ටම් යුනිට් එක බිමින් තියලා වාඩි උනා.. හ්ම්ම්. අදකාලෙ ලැප්ටොප් වලින් මෙහෙම ප්රයෝජන ගන්න පුළුවන්ඳ ? බෑනෙ.ඒ අතින් මේක කොච්චර හොඳද.මං කටත් ඇරං ස්ටෑන්ඩ් එකේ වහල දිගේ බේරෙන වැස්ස දිහා බලං හිටියා. එතකොටම මට එහා පැත්තෙ බංකුවෙ කෙනෙක් ඇවිත් වාඩි වෙනව යාන්තමට ඡායාවක් වගේ දැක්ක. ඉතිං මට මොකද. මං ඒ දිහා නොසැලකිල්ලෙන් බලල අහක බලා ගත්තා.. ඈ.. මොකක්ද බොලේ ඒ.. මං ආපහු හැරිල බැලුව.මට නොදැනිම ලොකු කෙල ගුලියක් ගිලුන. අම්මට සිරි, ගිණි කිකිළියෙක් වගේ. උඩිනුත් ඕපන්, යටිනුත් ඕපන් මේ වැස්සෙ හීතල හුලං වදින්න වෙන්න ඇති. ඒත් හීතල කොහොම වෙතත් මගේ නම් හිරිගඩු පිපෙනව වගේ මේව දැකල. අම්මප හිරි ඔතප් තියෙනෙ කොල්ලෙක් විදියට මට ලැජ්ජයි මේව බලන්න....
යථාර්තවාදී ෆැන්ටසියක් කරා........