Skip to main content

Posts

යසිත්ගේ සිතුවිලි තනිවෙයි...............

දස දහසක් නෙතු අතරේ ඔය නෙත් දෙකම පැතුවේ ඒකෙ විශේෂත්වයක් මට දැනුණු නිසා හරි ඉක්මනටම හමුවුණ අපි ඒ ඉක්මනින්ම වෙන් වෙයි කියල මං හිතුවෙ නෑ වෙනද මගේ හඬ පැයකට වතාවක්වත් නොඇහුනොත් ඇස් දෙක බොඳ කර ගන්න නුඹ අද ඉන්නෙ කොහොමද ? මට හැමදාම ඕන උනේ මගෙන් තොර ජීවිතයක් නැති මගේම කියන්න පුළුවන් මගේම කෙනෙක් මට ඕන උනේ මගේ ආදරේ ගැන ලෝකෙටම කෑ ගහල කියන්න මට ඕන උනේ මගේ ළඟ ඳඟ කරන,හුරතල් වෙන විහිලු කරාම කම්මුල් රතු කර ගන්න ආඩම්බර කෙල්ලෙක් මගේම පුංචි ගෙයක්,පුංචි වාහනයක් , ආඩම්බරෙන් ඔයා එක්ක ඇවිඳින්න........... මේ මගේ වයිෆ්................. මං යළුවන්ට ඔයාගෙ පින්තූරෙ පෙන්නල උජාරුවෙන් කිව්වෙ එහෙමයි... මං අඬන්නෙ නෑ........... ඒ මං පිරිමියෙක් නිසාවත්,තද හිතක් තියෙන නිසාවත් නෙවෙයි අඬන්න තවත් කඳුලු නැති හින්දා.... හේතුවක් නෑ..... මෙහෙම දුරස් වෙන්න.... ඒත් එහෙම වෙනවා........... දවසක් දෙකක් කියන්නෙ මහ ලොකු කාලයක් නෙවෙයි ඒත් ඒක කල්පයක්............. ආදරේ කරන හිතකට....... හ්ම්ම්ම්ම්ම්ම්ම්... උඹත් ගියාද එහෙනම් ??????????

Google Search Results වලට අපේ පින්තූරෙ ගනිමුද ?

කවුරු හරි අපේ බ්ලොග් එකට අදාල keyword එකක් Google එකේ සර්ච් කරලා එන සෙවුම් ප්‍රථිඵල වලට අපේ පින්තුරෙත් වැටෙන්න දා ගනිමුද ? දැකල ඇතිනෙ සමහර වෙලාවට අපි මොකක් හරි Google එකේ හොයන කොට සමහර අයගෙ පින්තූරත් පොඩියට වැටෙනවා.. ඒ කිව්වෙ මෙන්න මේ වගේ.. හික්ස්... ඔන්න ඔය වගේ... මෙන්න මෙහෙමයි හරිම ලේසියි... blogger Dashboard එකට ගිහින් Template >> Edit HTML වෙත යන්න. දැන් Expand Widget Templates කියන තැන කොටුවට හරි ලකුණක් (tic) දාන්න. ඊළඟට ඔය කෝඩ් එකෙන් </head> කියන එක හොයා ගන්න. (Ctrl + F ගහල) ඊට උඩ පේලියට මේ පහත තියෙන කෝඩ් එක දාගන්න... <link href=' YOUR G+ ID ' rel='author'/> ඔය YOUR G+ ID කියන තැනට ඔයාගෙ Google Plus ගිණුමෙ URL එක දෙන්න ඕන.. [මෙන්න මේ වගේ https://plus.google.com/109927184723185783653 ] දැන් template එක Save කරන්න... දවසකින් දෙකකින් ඔයාගෙ බ්ලොග් එකේ නම ගහල Google එකේ හොයල බලන්නකෝ වැඩේ හරිද කියලා.. සැයු: ඔයාගෙ G+ ගිණුමෙ ප්‍රෝෆයිල් පික් එක තනිකර කාටූන් පින්තූරයක් හෝ ප්‍රසිද්ධ චරිතයක පින්තූරයක් වෙන්න බෑ.. තමන්ගෙම එකක් ...

මේ.. අහන්නකෝ.... මං අළුත් ෆෝන් එකක් ගත්තා...

මේ... අහන්නකෝ.... - ඇයි මගෙ මහත්තයෝ.... මං අළුත් ෆෝන් එකක් ගත්තා.. දැං ඉස්සෙල්ලා වගේ බැටරි බහින්නෙ නෑ.. - ෂා... නියමයි.. මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් එකක්ද ? නෑ......... - එහෙනම් ඇපල් එකක්ද ? ඔයා ආසම බ්‍රෑන්ඩ් එකනේ.. ම්හු... නෑ අනේ... සැම්සුන්ග් එකක්.. - ආ.. අර ගැලැක්සිය නේද ? ඒක මාරයි.. අපේ අයියටත් තියෙනවා.. නෑ... නෑ බබී.. - හා... හා... මං දන්නවා... අර නොකියා ටච් එක නේද? ඒකෙ 3G තියෙනවා.. දැං අපිට මූණ බලන් කතා කරන්නත් පුළුවන්... අනේ මොන 3G ද පැටියෝ... ඒව ගන්න කොයිද මට සල්ලි.. - ආ.... එහෙනම් අර නොකියා ආශා ද මොකක්ද ඔයා කිව්වෙ... අන්න ඒක නේද ? ෆුල් ටච් එක... නෑ.. අනේ.. ටච් නෑ.. - හා... හා කමක් නෑ.. කැමරා තියෙනව නම් ඇතිනේ... ඔයාට මගේ ෆොටෝ එකක් ඕන කිව්වනේ... නෑ.. හනී..  කැමරා නෑ ළමයෝ... නෝමල් එකක්.. - ආ... කමක් නෑ.. ඒක හොඳයිනේ... ඒවයි බැටරි ගොඩාක් දවස් තියෙනවා.. අපිට එළි වෙනකම් මල් කඩන්න පුළුවන්.. හි..හී.. නේද මහත්තයෝ... ඒක ඩුවල් සිම්... mp3 තියේ... චිප් ගහන්නත් පුළුවන්..රුපියල් 5000/- යි.. - අනේ... මොකටද ඩුවල් සිම්.. ආ... තව කෙල්ලෙක් ඇති එහෙනම්... ඉහි ඉහි... ඒ මදිවට m...

Facebook photo ඇල්බම් ගෙඩිය පිටින් බා ගන්න

ෆේස් බුක් එකේ දවසකට ශෙයා වෙන ෆොටෝ තොගේ කියා ගන්න බැරි තරම්නේ.. අපි සමහරු මේ ෆොටෝ බාගෙන අපේ වගේ ආපහු අප්ලෝඩ් කරනවනේ. කොහොම උනත් මේ කියන්න යන්නෙ අපේ යාළුවෙක්ගෙ පින්තූර ඇල්බම් එක පිටින්ම එක පාරට බා ගන්න ක්‍රමයක්. සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ෆොටෝ ගොඩක් එක පාරින්ම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් දීලා නෑ. වරකට එක පින්තූරයක් බැඟින් තමයි බාගන්න ඕන.. ඒත් මං මේ කියන 3rd party සයිට් එක හරහා අපිට ඇල්බම් එක එහෙම්පිටින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. මෙන්න ක්‍රමය:- මුලින්ම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න. දැන් මෙන්න මේ සයිට් එකට යන්න. http://facebook2zip.com/ ඊට පස්සෙ ආපු කොටුවෙ ඔයාට ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆොටෝ ඇල්බම් එක තියෙන යාලුවගෙ නම දීලා NEXT බොත්තම ඔබන්න. දැන් එයාගෙ ඇල්බම් ඔක්කොම පෙනේවි. එතනින් ඔයාට බා ගන්න ඕන ඇල්බම් එක තෝරල Download ක්ලික් කරන්න. ඊට පස්සෙ තත්පර කීපයක් ඉන්න කියනවා. අන්තිමට කොළ පාට Download බොත්තම ක්ලික් කරල ඇල්බම් එක save වෙන්න ඕන තැන දුන්නම වැඩේ ඉවරයි.. මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා. සමහර යාළුවන්ගෙ බ්ලොග් කියවන්නත් බැරි උනා. පහු වෙලා හරි කියවනව හොඳේ. ලබන ම...

මගේ Hunny Bunny මට ලියපු කවි

මගේ හනී බනියා නිකං ඉන්න වෙලාවක කුරුටු ගාපු කොළේක මේ කවි පද ටික ලියවිලා තිබිල මං උස්සං ආවා.. හමුවුණා ඔබ මට එකමත් එක දවසක හැඳිනගත්තෙමි මා ඔබ හොඳ මිතුරෙක් බව කාලයේ ඇවෑමෙන් හමුවෙලා කතා නොකල අපි, තවත් දිනෙක හමුවුණෙමු ඔබ මා... ආදරයෙන් පිරි හදවතක් සමඟ කලක මිතුරන් වූ අප පෙම්වතුන් වීමු අද... ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ...

මංඟල හමුව [මගේ සුරඟන #1]

ගාලු බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවට වෙලා ගිනි ගහන අවුව දිහා ඇස් පුංචි කරන් මං බලන් හිටියා. ගිණි ගහන අව්වට රත් උන මූදු හුළඟ තාර පාරේ මිරිඟුවක් මවනවා. ඒත් එක දිගටම පෝළිමට වගේ එන වාහන ඒ මිරිඟුව කපාගෙන ඉස්සරහට යනවා.. මට කවදාවත් මෙහෙම කෙනෙක් එනකම් බලං ඉඳල පුරුද්දක් නෑ.. ඒත් නිකං බලාගෙන පැය 3ක් 4ක් රස්තියාදු උනා කියල කිසිම හැඟීමක් දැනුනෙත් නෑ. ඒ හැම දේටම වඩා මට ඕන උනේ ඉක්මනටම එයාව දැක ගන්න... ඔව් අද එයා එනවා.. අඳුරගෙන මාසයකට ලං උනත් , පිංතූර වලින් දැකල තිබුණත් පැය ගණන් කතා කරල තිබුණත් ඇස් දෙකට දැක ගන්නකම් කියා ගන්න බැරි මොකක්දෝ අඩුවක් හිතට දැණුනා. ආදරේ කරන්න දකින්නම ඕනද ? ඒ ගැන අනිත් අයත් එක්ක තර්ක කරපු මම දැං මං එක්කම ඒ ගැන තර්ක කරා.. ඒත් වැඩි වෙලා එහෙම කරන්න කලින් මගේ ෆෝන් කට්ට දෙදරුම් කෑවා.. 'minihoo, me bus 1n bahina tena kiyano. mm danna gallek na. natnam mehemama matara yanawa' ඒක දැක්කම මට තනියම හිනා ගියා. එහා පැත්තෙ අයිස් ක්‍රීම් එකක් දෙකට කඩං කකා හිටපු කපල් එකේ කොල්ල මට එරෙව්වා, පුහ්.. හරි වැඩේ.. මට තොගෙ අයිස්ක්‍රීම් එපා මගේ අයිස්ක්‍රීම් එක තාම මඟ එනවා.. ආදරේ ගැන ක...

හලාල් සමඟ වලි කෑම

facebook එකේ දැකලම පත්තියම් උන දෙයක් තමයි මේ හලාල්. මං මුලින් ඇත්තටම මේ මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. පස්සෙ අනිත් යාළුවොන්ගෙ බ්ලොග් පෝස්ට් වලින් තමයි මේක ගැන දැන ගත්තෙ... මං මේ ගැන මගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරන්න කලින් මේ මට නෙට් එකෙන්ම හම්බ උන ලිපි බලන්න.. බොදුබලසේනා ප්‍රකාශය උපුටා දැක්වීම: බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසා ඇත්තේ සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු බවද, එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද යනුවෙනි. එමෙන්ම වැඩිදුරටත් පවසා ඇත්තේ “අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්‍ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා. ‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා ස...