Skip to main content

Posts

අපේ කැරකෙන වෙසක් කූඩුව...

පහුගිය දවස් ටිකේම පෝස්ට් එකක් දාන්න තියා බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්නවත් බැරි උනෙත් මං හරීම බිසී නිසා මොකද දන්නවද ? අපි හැදුවනෙ කූඩුවක්  මේක වෙසක් කූඩුවක්.. නිකංම නෙවෙයි අඩි 25ක් උස කැරකෙන කූඩුවක් ඒත් පොඩි තාක්ෂණික මෙව්ව එකක් නිසා අඩි 25ක් උස උනෙත් නෑ කැරකුනෙත් නෑ ඒත් අවුලක් නෑ කොහොම හරි හැදුවනෙ.. දැං මෙතැන් සිට දිග හැරෙන්නේ ඒ මහා කූඩූ රාජයාගේ උත්පත්ති කතාවයි.. ලංකාව පුරාම හැම ආයතනයකම වගේ වෙසක් උත්සවයට සරසනවනේ. ඉතිං මං ඉගෙන ගන්න එකෙත් ඒක බොහොම ඉහලින් සමරනවා. ඒකට සමඟාමීව වෙසක් කූඩු තරඟෙකුත් පවත්වනව කියපු දවසෙ ඉඳන් ඔන්න අපේ කට්ටිය ෆෝම් උනා.. කොහොම හරි එක වෙන්න.. අපිත් ඉතිං හැදුව කියමුකෝ.. මුල ඉඳලම ප්ලෑන් කරපු විදියට තනිකර කූඩුව හැදෙන්නෙ ස්වාභාවික ද්‍රව්‍ය වලින්. (ඒත් ඒව එක්ක වැඩ කරන්න මෙච්චර අමාරුයි කියල දන්නව නම් පුරුදු සව් කොලෙන්ම අලවනව) මේක තමයි කූඩුවෙ සැකිල්ල වටේට ගොක් කොළ වලින් පැදුරක් වගේ වියුවා අපි නම් දළදා මාළිඟාවෙ අනුරුවක් කියල හිතාගෙන හැදුවෙ. අනිත් අයට මොකක් වගේ පෙනුනද කියල නම් මං දන්නෙ නෑ.. පැටව් කූඩුවක් රෑ කාලයේ මේ වගේ පරිවාර කූඩු 6ක්...

මනුස්සකම සහ යුතුකම.......

දිනය - 2013-04-26 වේලාව - පස්වරු 4 පමණ ස්ථානය - කොළඹ-තංගල්ල බස් රථයක් තුල මං වාඩි වෙලා හිටියෙ සීට් 3 පේලියේ ජනේලෙ පැත්තෙ අයිනෙම.. මට වම් පැත්තෙන් වයස 20ක 25ක කෙල්ලෙකුයි එයාගෙ අම්ම කියන්න පුළුවන් කෙනෙකුයි වාඩි වෙලා හිටියෙ... ඒ කෙල්ලගෙ අම්ම කියල මං හිතුවෙ වාඩි වෙන වෙලාවෙ කෙල්ල මගේ ළඟින් වාඩි වෙන්න හදන කොට ඒ ඇන්ටි මැදට පැනල කෙල්ලව කොනට දාපු නිසා මෙහෙම ටික දුරක් යද්දි හබරාදුවෙන් මුස්ලිම් ජෝඩුවක් නැඟලා මං හිටපු තැනට ආවා.. ඒක එච්චර විශේෂ දෙයක් නෙවෙයි.. තරුණ වයසෙ විවාහක ජෝඩුවක් වගේ.. ටික වෙලාවකින් මට තේරුණා ඒ ගෑණු එක්කෙනා අර පටු ඉඩේ හිටගෙන යන්නෙ අමාරුවෙන් වගේ කියලා.. එතකොටයි මං හරියටම දැක්කෙ ඒ මනුස්සයා බඩ දරු අම්ම කෙනෙක් කියලා.. එතෙක් මෙතෙක් මගේ බස් ගමන් ඉතිහාසය තුල මං කවදාවත් බඩදරු මුස්ලිම් ගෑණු කෙනෙක් දැකල තිබුණෙ නෑ.. තිබුණත් අඳුරගන්න අමාරුයි එයාලගෙ ඇඳුම නිසා.. කොහොම උනත් මේ කෙනාගෙ නම් බැලූ බැල්මට පේනවා.. ඒත් අමාරුවෙන් වටපිට බල බල හිටිය මිසක් කාගෙන්වත් වාඩි වෙන්න ඉල්ලුවෙ නෑ.. එතනම හිටියෙ අර කෙල්ල.. ඒකි ෆෝන් එක ඔබනවා.. ඊළඟට අම්ම.. එයා මුහුද හොයනවා.. කොනේම මම.. කරන්න වෙන දෙයක් න...

තවත් අවුරුදු සුභ සිතුවිල්ලක්.............

සියළු ශ්‍රී ලාංකිකයන්ට, ගුණ ගරුක ,  මනුස්සකමින් පිරිපුන් නව සිතුවිලි පහලවන,  සැමට එකසේ සළකන,  පන්ති භේදයෙන් තොර,  ජාතිවාදයෙන් තොර,  ආගම්වාදයෙන් තොර, මතින් සිහි විකල් වූ හැඟීමෙන් තොර, සහෝදරත්වයේ නව හැඟීම් ජනිතවන  සුභම සුභ වාසනාවන්ත පැතුම් ඉටුවන නව වසරක් වේවා ! ප.ලි. : සුභ පැතුම් පෝස්ට් දාල තිබුණ හැමෝටම සුභ පැතුවා.. හැම බ්ලොග් එකටම ගොඩ වැදෙන්න නම් වෙලාවක් නැති උනා.. දැනට බ්ලොග් 308 ක් ෆලෝ කරනවා.. ඒ හැම එකටම නොයාත් බෑ ගිහිල්ලත් බෑ... කොච්චර කාර්යබහුලද කියනවා නම් අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා එවපු sms එකට රිප්ලයි කරන්නත් බැරි උනා.. (තරහ වෙයිද මංදා ) ප.ප.ලි: අර 21 මහරගම අවුරුදු කුමාරිට හරි අවුරුදු කුමාරයට හරි යන්න බලාපොරොත්තුවෙන් බෙන්තර ගඟෙන් මෙහා කෙනෙක් ඉන්නව නම් මට මේල් එකක් දාන්නෝ.... info@yasith.net තනියම යන්න ලැජ්ජෝ....

ශ්‍රී බුද්ධවර්ෂ 2535 බක් මස අටවැනිදා මොකද උනේ ?

අවුරුද්දට ගේ අස්කරන වෙලාවෙ මට හරිම පුදුම ලියවිල්ලක් හම්බ උනා.. ගොඩාක් පරණ තල් කොළයක ලියපු සටහනක්.. අපේ සීය ගාව ඉස්සර මෙහෙම ඒව තිබුණා මට ලාවට මතකයි.දකුණු පළාතේ බොහොමයක් තියෙන නිධන් ගැන සටහනක්ද මේ ? මට එකපාරටම මතක් උනේ නිදන් වඳුළු ගැන.. මේකත් එහෙම එකක් උනොත්.................... මං අම්මලටවත් නොපෙන්නා ඒක හංඟ ගත්තා.. නැත්නම් කවදාවත් ඕවට ඉඩ දෙන්නෙ නෑ. වැඩ ඉවර වෙලා මං කාමරේට ඇවිත් දොර ජනෙල් වැහුවා.. ඊට පස්සෙ පරිස්සමෙන් අර සටහන දිඟ ඇරන් කියවන්න හැදුවා.. ඒත් අමාරුයි.. හරියට බ්‍රාහ්මීය අක්ෂර වගේ.. ඒත් මේක කියෙව්වොත් පරම්පරාවම ගොඩ දාන්න පුළුවන් නිධානායක් ලැබෙන නිසා මං මහන්සිය නොබලා දළ අදහස වෙන් කර ගත්තා.. ඒකෙ පිටිපස්සෙ සිතියමක් වගේ ඇඳලා තිබුණා.. ඒකෙ කොටු අටක නිධානෙට යන මං සළකුණු සටහන්ව තිබුණා. තව එක එක අමුතු නම් තිබුණා. මොකක් උනත් මං මේක හොයා ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් මං ඒක පරිවර්ථනය කරා.. මට වැඩිපුරම ඕන උනේ නිධානෙ ගන්න බහිරවයාට දෙන්න ඕන නර බිල්ල ගැන විස්තරයක් දැන ගන්න.. කොහොම හරි මගේ මහන්සිය අපතෙ ගියේ නෑ.. " ශ්‍රී බුද්ධවර්ෂ 2535 බක් මස අටවැනිදා අරුණාලෝකයත් සමඟ මෙලොව එළිය දුට...

ලෝකෙ වටේටම නොමිලේ කෝල් ගන්න...

මෙය අප්‍රේල් පළමුවනිදා යෙදුණු සුභ නැකත වෙනුවෙන් ලියන ලද ලිපියක් බව කරුණාවෙන් සළකන්න.. දින 5ක් ඇතුලත 316 වතාවක් මෙම මෘදුකාංගය බාගත කර සහාය දැක්වූ ඔබට ස්තූතියි! අද මේ දෙන්න යන්නෙ ගොඩාක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක්.. කලින් තාක්ෂණික ලිපි ලියද්දි ගෑල්ලමයි දෝශාරෝපණ කරානෙ එයාලට මේවා වැදගත් නෑ කියලා.. ඒත් මෙන්න මේක නම් ගොඩාක් වැදගත් වෙයි. අපි දන්නවා ස්කයිප් වගේ මෘදුකාංගයක් මගින් අපිට අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් ගන්න පුළුවන්.. නමුත් එහෙම ගන්න අනෙක් පුද්ගලයාටත් ස්කයිප් තියෙන්නම ඕන.. වෙනත් දුරකතන සඳහා ඇමතුම් ගන්න නම් ස්කයිප් ක්‍රෙඩිට් මිලදී ගන්න වෙනවා.. (අපි කවදද සල්ලි දීල ඕව ගත්තේ  ) මෙන්න ඒකට නියම විසඳුමක්.. මටත් මේක අහම්බෙන් හම්බ උනේ.. මීට කලින් සමහර අයගෙ බ්ලොග් වල මෙහෙම නොමිලේ ලෝකෙ ඕනම තැනකට කෝල්ස් ගන්න පුළුවන් වෙබ් සයිට් තියෙනවා මං දැක්කා. නමුත් ඒවයින් සමහරක් ලංකාවට සහාය දක්වන්නෙ නෑ, අනිත්වා නොමිලේ දෙන ඇමතුම් කාලය ඉතාමත් සීමිතයි . මම දෙන මේ මෘදුකාංගයෙත් නොමිලේ දිනකට ලැබෙන්නෙ විනාඩි 50ක ඇමතුම් කාලයක්. සතුටුදායකම කරුණ තමයි මේකෙන් ලංකාවට කෝල්ස් ගන්න පුළුවන් . දවසකට විනාඩි 50ක් ඇත...

යසිත්ගේ සිතුවිලි තනිවෙයි...............

දස දහසක් නෙතු අතරේ ඔය නෙත් දෙකම පැතුවේ ඒකෙ විශේෂත්වයක් මට දැනුණු නිසා හරි ඉක්මනටම හමුවුණ අපි ඒ ඉක්මනින්ම වෙන් වෙයි කියල මං හිතුවෙ නෑ වෙනද මගේ හඬ පැයකට වතාවක්වත් නොඇහුනොත් ඇස් දෙක බොඳ කර ගන්න නුඹ අද ඉන්නෙ කොහොමද ? මට හැමදාම ඕන උනේ මගෙන් තොර ජීවිතයක් නැති මගේම කියන්න පුළුවන් මගේම කෙනෙක් මට ඕන උනේ මගේ ආදරේ ගැන ලෝකෙටම කෑ ගහල කියන්න මට ඕන උනේ මගේ ළඟ ඳඟ කරන,හුරතල් වෙන විහිලු කරාම කම්මුල් රතු කර ගන්න ආඩම්බර කෙල්ලෙක් මගේම පුංචි ගෙයක්,පුංචි වාහනයක් , ආඩම්බරෙන් ඔයා එක්ක ඇවිඳින්න........... මේ මගේ වයිෆ්................. මං යළුවන්ට ඔයාගෙ පින්තූරෙ පෙන්නල උජාරුවෙන් කිව්වෙ එහෙමයි... මං අඬන්නෙ නෑ........... ඒ මං පිරිමියෙක් නිසාවත්,තද හිතක් තියෙන නිසාවත් නෙවෙයි අඬන්න තවත් කඳුලු නැති හින්දා.... හේතුවක් නෑ..... මෙහෙම දුරස් වෙන්න.... ඒත් එහෙම වෙනවා........... දවසක් දෙකක් කියන්නෙ මහ ලොකු කාලයක් නෙවෙයි ඒත් ඒක කල්පයක්............. ආදරේ කරන හිතකට....... හ්ම්ම්ම්ම්ම්ම්ම්... උඹත් ගියාද එහෙනම් ??????????

Google Search Results වලට අපේ පින්තූරෙ ගනිමුද ?

කවුරු හරි අපේ බ්ලොග් එකට අදාල keyword එකක් Google එකේ සර්ච් කරලා එන සෙවුම් ප්‍රථිඵල වලට අපේ පින්තුරෙත් වැටෙන්න දා ගනිමුද ? දැකල ඇතිනෙ සමහර වෙලාවට අපි මොකක් හරි Google එකේ හොයන කොට සමහර අයගෙ පින්තූරත් පොඩියට වැටෙනවා.. ඒ කිව්වෙ මෙන්න මේ වගේ.. හික්ස්... ඔන්න ඔය වගේ... මෙන්න මෙහෙමයි හරිම ලේසියි... blogger Dashboard එකට ගිහින් Template >> Edit HTML වෙත යන්න. දැන් Expand Widget Templates කියන තැන කොටුවට හරි ලකුණක් (tic) දාන්න. ඊළඟට ඔය කෝඩ් එකෙන් </head> කියන එක හොයා ගන්න. (Ctrl + F ගහල) ඊට උඩ පේලියට මේ පහත තියෙන කෝඩ් එක දාගන්න... <link href=' YOUR G+ ID ' rel='author'/> ඔය YOUR G+ ID කියන තැනට ඔයාගෙ Google Plus ගිණුමෙ URL එක දෙන්න ඕන.. [මෙන්න මේ වගේ https://plus.google.com/109927184723185783653 ] දැන් template එක Save කරන්න... දවසකින් දෙකකින් ඔයාගෙ බ්ලොග් එකේ නම ගහල Google එකේ හොයල බලන්නකෝ වැඩේ හරිද කියලා.. සැයු: ඔයාගෙ G+ ගිණුමෙ ප්‍රෝෆයිල් පික් එක තනිකර කාටූන් පින්තූරයක් හෝ ප්‍රසිද්ධ චරිතයක පින්තූරයක් වෙන්න බෑ.. තමන්ගෙම එකක් ...