Skip to main content

Posts

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත...

ආදරණීය තෙපුල් සර්........... !

මං මුලින්ම NIBM එකට ගියපු දවසෙ තමයි ඔහුව මුලින්ම දැක්කෙ.. ඒ කවුද, කින්ද මන්ද කියලවත් මං දන්නෙ නෑ.. ඈත ඉඳන් අඩි බරට තිය තියා ආපු ඔහු දිහා කටත් ඇරන් මං බලන් හිටියෙ යෝධයෙක් දිහා බලන් ඉන්නව වගේ... "ඒ තෙපුල් සර්... මේකේ ලොක්කා " එහෙම කිව්වෙ Institute එකේදි මුලින්ම මාත් එක්ක කතා කරපු බලෙන්ම අදුරගනිපු කොල්ලා, ඇඩ්ඩිං . ඇත්තටම තෙපුල් සර් කියන්නෙ යෝධයෙක්. මට විතරක් නෙවෙයි Institute එකේ හැමෝටම ඔහු යෝධයෙක්. ඒත් සාම්ප්‍රදායික ආයතන ප්‍රධානියෙක්ගෙ තියෙන දරුණු ගති, සැරපරුෂ කම් අතින් ඔහු ලිලිපුට්ටෙක්. ඔහු කිසිම වෙලාවක තමන් යටතේ සේවය කරන කිසිම කෙනෙක්ට යන්තමින් හෝ දොස් පවරනව මේ අවුරුද්දක පමණ කාලය තුල මං දැකල නෑ. අඩුම තරමින් ශිෂ්‍යයෙක් උන මට හෝ වෙනත් කිසිම ශිෂ්‍යයෙකුට තෙපුල් සර් ඇස් රතු කරන් යක්ෂයා අරක් අරන් ඉන්න වෙලාවක් දකින්න ලැබිලම නැහැ. වැඩිපුරම ඔහුගෙන් බැනුම් අහල තියෙන්නෙත් අපේ batch එක වෙන්න ඇති. නමුත් අවාසනාවට සර්ට හරියට බනින්න තේරෙන්නෙ නෑ. බැන්නත් බොහොම සුහඳ විදියට හිනා වෙවී, ඉතිං ඒකට "බැනීමක්" කියල අර්ථකථනය කරන්නෙත් තෙපුල් සර්ම තමයි. අපිට නම් ඒක බොහොම සුහදශීලීව දෙන අව...

Google Translate widget එක ඔබේ වෙබ් අඩවියට

සමහර වෙලාවට අපි බ්ලොග් කියවන්නෙ නිවසේ හෝ තමන්ගෙ පරිගණකයෙන් නොවෙන්න පුළුවන්, එතකොට කොමෙන්ට් කිරීම් වැනි කටයුතු වලදී ඒ පරිගණකයේ සිංහල යුනිකේත නොතිබුණොත් සිංග්ලිෂ් වලින්, එහෙමත් නැති නම් Online tool එකක පිහිට පතන්න අපිට සිදු වෙනවා. එහෙමත් නැත්නම් බ්ලොග් නොලියන ඇනෝ කෙනෙක් වගේ බොහෝ විට කොමෙන්ට් කරන්නෙ සිංග්ලිෂ් වලින්.. ඔවුන්ට උදව්වක් වෙන්නයි, වෙබ් අඩවියේ බහුතර කොමෙන්ට් යුනිකෝඩ් කරගන්නයි පුළුවන් වෙන්න Google Translate IME එක වගේම පොඩි Widget එකක් බ්ලොග් එකට/වෙබ් එකට දාගමුද ? මේ මගේ බ්ලොග් එකේ වම් පැත්තෙ පහල තියෙන " සිංහල " කියන පොඩි Button එක Click කරල බලන්නකෝ, ඔක්කොම පැහැදිලි වේවි.. ඕක කිසිම කරදරයක් නැති අහිංසක, ඒත් ප්‍රයෝජනවත් widget එකක්..   ඕක ලේසියෙන්ම වෙබ් අඩවියට එකතු කරගන්න හැටි දැන් කියන්නම්.. ◘ ඔයාට තියෙන්නෙ blogger blog එකක් නම් Dashboard එකට log වෙලා Template >> Edit HTML වෙත යන්න. වෙනත් වෙබ් අඩවියක නම් කෙලින්ම Code View එකට Edit කරගන්න. ◘ දැන් Ctrl + F ගහල </head> ටැග් එක හොයා ගන්න. ◘ දැන් </head> ටැග් එකට ඉහලින් මේ පහත කේතය Copy - Paste...

මොකටද අපි සිංහල බ්ලොග් ලියන්නේ ?

බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය.. කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය. ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් ඇතැමුන් තමන්ගේ දර්ශණයක් ව්‍යාප්ත කිරීමට මෙන්ම අන්‍යයන් හෙලා දැකීමට බ්ලොග් කරණය භාවිතා කරති. එය එසේ සිදුවිය යුතුය, වැළැක්වීමද කළ නොහැක්කේය, මන්ද යත් බ්ලොග් කරණය යනු සැබෑ රියැලටි සමාජයේ ජීවත්වන්නා වූ පුද්ගලයින්ම භාවිතා කරනා අතත්‍ය (Virtual) අවකාශයකි. එහෙයින් විවිධ වූ පුද්ගලයින්ගේ විවිධ වූ අදහස් එළිදැක්වීම වාරණය කළ නොහැක්කේය.. ඇතැමෙකුගේ නිර්වචනයට අනුව පෞද්ගලික බ්ලොග් මගින් සිදු කෙරෙන්නේ අදාල රචකයා පුම්බා දැමීමකි.. සොක්කෙක් ලොක්කෙක් කිරීමකි. හිපාටුවෙකු පොරක් කිරීමකි... ලෝකයේ ජීවත්වෙන සෑම කෙලෙස් ප්‍රහීන නොකළ පුද්ගලයෙකුම කැපී පෙනීමට කැමත...

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

"මාව බඳිනවද? " අහන්න තවත් ක්‍රමයක්.....

දන්නවද ගැහැණු ජාතිය මහා පුදුමාකාර සත්ව කොට්ඨාශයක්.. වැරදිලාවත් වර්ගීකරණය කරන්න හැදුවොත් මාර අමාරුවක වැටෙනවා, මොකද එකම විශේෂයට අයත් උනත් එක් එක් කෙනාගෙ ගති පැවතුව එකිනෙකට සපුරාම වෙනස් නිසා.. පිරිමින්ට සාපේක්ෂව හැහැණු අය සාමාන්‍යයෙන් මෝඩ නමුත් කපටි බවින් වැඩියි කියලයි පුරාණ පඬිවරු කියල තියෙන්නෙ. මොකක් උනත් කාන්තාවකගෙ හිතක් ලේසියෙන්ම සතුටු කරන්න පුළුවන් කියල සහෝදරියක්/ පෙම්වතියක් / යෙහෙළියක් / බිරිඳක් ඉන්න ඕනම කෙනෙක් දන්නව ඇති.. හිස් පොල් කට්ටකට හුණු ටිකක් ගාල රතුපාට රිබන් පටියකින් බැඳල ගිහින් දුන්නත් ඒක මාර වටිනවා. ඒත් සැබවින්ම වෙන්නෙ ඔවුන්ට දැනෙන්න ඕන ඔහුට තමන්ව නිතර මතක් වෙනව කියල එච්චරයි.. සතුටු කරන එක ලේසි උනාට පිරිමි ඔබ කවදාවත් කාන්තාවක් පුදුමයට පත් කරල තියෙනවද ? නැත්නම් එහෙම දැකල තියෙනවද ? ඒක අතිශයින්ම දුර්ලභ අමාරු කර්තව්‍යයක්.. මම ඒකට උත්සාහ කරා.. අන්තිමට ඇය මාව පුදුමයට පත් කරල සුළඟක් වගේ යන්න ගියා.. මං තාමත් කටත් ඇරන් පුදුම උන ගමන් එහෙමම ඉන්නවා.. ඇත්තටම ගැහැණු චපලයි කියල අපිට පාසලේදිත් හොඳින් උගන්වනවා. දැන් බලන්න මගේ මතකයේ හැටියට 10 වසරේ සිංහල පොතේ තියෙන "දිත්තල-කා...

ප්‍රේමය නම්....................................... ,

ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක ප්‍රමාණයක්ද , රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක් එක්කොට, මිනිසා විසින් තම පෞද්ගලික/ ආත්මාර්ථයන් උදෙසා, සමාජමය අවශ්‍යතාවය මත, මානසික අවශ්‍යතාවය මත හා කායික අවශ්‍යතාවය මත ක්‍රියාකාරීව පවත්වාගෙන යනු ලබන, ඇතැම් විට අන් සියළු චිත්ත සන්තානයන් පරයා යන, නමුත් සත්‍ය වශයෙන්ම නොසැළකිය හැකි තරම් වූ, අවසානය සෑම විටම දූක්ඛදායක වූද, සෑම විටම අන් අය සමඟ සාපේක්ෂව සසඳා බලන, අතිශය තාවකාලික, ඇතැම් විට අධිමානයක් ඇති කරන, තවත් විටෙක හීනමානයක් ඇති කරනා, බදාම මිශ්‍රණයකට එක් කරන ලද මැලේ අච්චාරුවකි....... ** ** ** ** ** ** ** ** ** ** ** ** ** මේක තමයි මං ලියපු පුංචිම පෝස්ට් එක.. මේකෙ ඉතිරි ටික ඔයාල සම්පූර්ණ කරන්න තමන්ගෙ අදහස් එකතු කරලා.. අමතක කරන්නෙපා මං මේ කියන්නෙ විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් අතර ඇති වන සාමාන්‍ය ස්වාභාවික බැදීම මට හිතෙන හැටි.....