Skip to main content

Posts

Facebook photo ඇල්බම් ගෙඩිය පිටින් බා ගන්න

ෆේස් බුක් එකේ දවසකට ශෙයා වෙන ෆොටෝ තොගේ කියා ගන්න බැරි තරම්නේ.. අපි සමහරු මේ ෆොටෝ බාගෙන අපේ වගේ ආපහු අප්ලෝඩ් කරනවනේ. කොහොම උනත් මේ කියන්න යන්නෙ අපේ යාළුවෙක්ගෙ පින්තූර ඇල්බම් එක පිටින්ම එක පාරට බා ගන්න ක්‍රමයක්. සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ෆොටෝ ගොඩක් එක පාරින්ම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් දීලා නෑ. වරකට එක පින්තූරයක් බැඟින් තමයි බාගන්න ඕන.. ඒත් මං මේ කියන 3rd party සයිට් එක හරහා අපිට ඇල්බම් එක එහෙම්පිටින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. මෙන්න ක්‍රමය:- මුලින්ම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න. දැන් මෙන්න මේ සයිට් එකට යන්න. http://facebook2zip.com/ ඊට පස්සෙ ආපු කොටුවෙ ඔයාට ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆොටෝ ඇල්බම් එක තියෙන යාලුවගෙ නම දීලා NEXT බොත්තම ඔබන්න. දැන් එයාගෙ ඇල්බම් ඔක්කොම පෙනේවි. එතනින් ඔයාට බා ගන්න ඕන ඇල්බම් එක තෝරල Download ක්ලික් කරන්න. ඊට පස්සෙ තත්පර කීපයක් ඉන්න කියනවා. අන්තිමට කොළ පාට Download බොත්තම ක්ලික් කරල ඇල්බම් එක save වෙන්න ඕන තැන දුන්නම වැඩේ ඉවරයි.. මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා. සමහර යාළුවන්ගෙ බ්ලොග් කියවන්නත් බැරි උනා. පහු වෙලා හරි කියවනව හොඳේ. ලබන ම...

මගේ Hunny Bunny මට ලියපු කවි

මගේ හනී බනියා නිකං ඉන්න වෙලාවක කුරුටු ගාපු කොළේක මේ කවි පද ටික ලියවිලා තිබිල මං උස්සං ආවා.. හමුවුණා ඔබ මට එකමත් එක දවසක හැඳිනගත්තෙමි මා ඔබ හොඳ මිතුරෙක් බව කාලයේ ඇවෑමෙන් හමුවෙලා කතා නොකල අපි, තවත් දිනෙක හමුවුණෙමු ඔබ මා... ආදරයෙන් පිරි හදවතක් සමඟ කලක මිතුරන් වූ අප පෙම්වතුන් වීමු අද... ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ...

මංඟල හමුව [මගේ සුරඟන #1]

ගාලු බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවට වෙලා ගිනි ගහන අවුව දිහා ඇස් පුංචි කරන් මං බලන් හිටියා. ගිණි ගහන අව්වට රත් උන මූදු හුළඟ තාර පාරේ මිරිඟුවක් මවනවා. ඒත් එක දිගටම පෝළිමට වගේ එන වාහන ඒ මිරිඟුව කපාගෙන ඉස්සරහට යනවා.. මට කවදාවත් මෙහෙම කෙනෙක් එනකම් බලං ඉඳල පුරුද්දක් නෑ.. ඒත් නිකං බලාගෙන පැය 3ක් 4ක් රස්තියාදු උනා කියල කිසිම හැඟීමක් දැනුනෙත් නෑ. ඒ හැම දේටම වඩා මට ඕන උනේ ඉක්මනටම එයාව දැක ගන්න... ඔව් අද එයා එනවා.. අඳුරගෙන මාසයකට ලං උනත් , පිංතූර වලින් දැකල තිබුණත් පැය ගණන් කතා කරල තිබුණත් ඇස් දෙකට දැක ගන්නකම් කියා ගන්න බැරි මොකක්දෝ අඩුවක් හිතට දැණුනා. ආදරේ කරන්න දකින්නම ඕනද ? ඒ ගැන අනිත් අයත් එක්ක තර්ක කරපු මම දැං මං එක්කම ඒ ගැන තර්ක කරා.. ඒත් වැඩි වෙලා එහෙම කරන්න කලින් මගේ ෆෝන් කට්ට දෙදරුම් කෑවා.. 'minihoo, me bus 1n bahina tena kiyano. mm danna gallek na. natnam mehemama matara yanawa' ඒක දැක්කම මට තනියම හිනා ගියා. එහා පැත්තෙ අයිස් ක්‍රීම් එකක් දෙකට කඩං කකා හිටපු කපල් එකේ කොල්ල මට එරෙව්වා, පුහ්.. හරි වැඩේ.. මට තොගෙ අයිස්ක්‍රීම් එපා මගේ අයිස්ක්‍රීම් එක තාම මඟ එනවා.. ආදරේ ගැන ක...

හලාල් සමඟ වලි කෑම

facebook එකේ දැකලම පත්තියම් උන දෙයක් තමයි මේ හලාල්. මං මුලින් ඇත්තටම මේ මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. පස්සෙ අනිත් යාළුවොන්ගෙ බ්ලොග් පෝස්ට් වලින් තමයි මේක ගැන දැන ගත්තෙ... මං මේ ගැන මගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරන්න කලින් මේ මට නෙට් එකෙන්ම හම්බ උන ලිපි බලන්න.. බොදුබලසේනා ප්‍රකාශය උපුටා දැක්වීම: බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසා ඇත්තේ සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු බවද, එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද යනුවෙනි. එමෙන්ම වැඩිදුරටත් පවසා ඇත්තේ “අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්‍ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා. ‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා ස...

Data රැකගෙන බ්ලොග් කියවමු

ම්ම්ම්ම්.. සතියකින් විතර මුකුත් ලියන්නත් බැරි උනා. දැං ටිකක් කාර්යබහුලයිනේ ඒත් ජම්මෙට වඩා මේක ලොකු නිසා බ්ලොග් කර්මාන්තෙන් නම් විශ්‍රාම ගන්න අදහසක් නෑ.. මං නෙට් එන්න පාවිච්චි කරන්නෙ ඩයලොග් Limited Data package එකක්. ඉතිං data කියන එක මාර විදියට අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නෙ. දැනට මං අනිත් යාලූවන්ගෙ බ්ලොග් 179 ක් ෆලෝ කරනවා. ඉතිං දවසකට අනිවා පෝස්ට් 30ක් 40ක් රීඩරේට එනවා. සමහර සයිට් ගොඩක් බර වැඩී. ඉතිං දවසකට ඔය ටික කියවන්නයි කොමෙන්ට් කරන්නයි 100mb වලට වඩා යනවා. මං හැම තිස්සෙම උත්සාහ කරන්නෙ එක පෝස්ට් එකක්වත් මඟ නොහැර කියවන්න. දවස් 20ක් ගත වෙන්න කලින් මේකටම ඩේට ටික ඉවරයි ඉතිං මං මගේ මෙව්ව එක හොඳටම වෙහෙසවල මේකට විසඳුමක් කල්පනා කරා. මං දන්නව මට වගේම තවත් ගොඩ දෙනෙක් මේ දැවෙන ප්‍රශ්නෙන් දැවි දැවී ඉන්නෙ කියල. ඉතිං සි‍යළු data පෙරේත බ්ලොග් කියවන්නන් වෙනුවෙන් මං පෙනී සිටින්න තීරණය කරා ඔහොම කල්පනා කරද්දි මට ටිකිරි මොලේ පහල උනා.. බ්‍රවුසරේ image loading disable කරත් වැඩක් නෑ. සමහර පෝස්ට් වල අර්ථය නැති වෙනව. විජෙට්, තීම් ලෝඩ් වෙන්න තමයි වැඩිපුරම ඩේට වැය වෙන්නෙ. ඉතිං ඕව ලෝඩ් නොවී පෝස්ට් එක ක...

මමත් දැන් බස් හිමියෙක්...

හැමදාම කිලෝමීටර් 100 කට වඩා මාතර-ගාල්ල බස්වල ගාටල ගාටලම දැං පදම් වෙලා. මුල් දවස්වල පට්ට එපාම උනත් දැන් නම් හුරු වෙලා. ඔන්න ඉතිං තවත් අළුත් ඉරක් පායපු දවසක මං තුමා සුපුරුදු ගමන පටන් ගත්තලු. (කොච්චර CTB තිබුනත් ප්‍රයිවෙට් බස්වලම යන්නෙ ආතල් එකේ මියුසිකල් ශෝ ටිකක් බල බල යන්න පුළුවන් නිසාමයි.) ඔන්න ඉතිං බස් එකට නැඟල ලස්සනට ජනේලෙ අයිනෙ සීට් එකකුත් අල්ල ගත්ත.. මට පොඩි කාලෙ ඉඳල එන පුරුද්දක් තමයි මොකක ගියත් ජනේලෙ අයිනමයි ඕන වටපිට බල බල යන්න.. සක්කරයගෙ පුතා බන්දුල අංකල් ආවත් ඒ සීට් එක නම් දෙනව බොරු. උදේ ගෙවල් ගාව බස් එකේ අපි නඟින හරියෙන් සෙනඟ අඩුයි. ඉතිං මටත් සීට් එකක් ලැබෙනව ගොඩක් වෙලාවට. අනිත් හිටගෙන යන්න අකමැති ලොකුම හේතුව තමයි වැරදිලාවත් බස් එක බ්‍රේක් පාරක් ගැහුවොත් නැන්දල,ආච්චිලගෙ රැවුම් ගෙරවුම් උදහසට ලක් වෙන්නෙ වෙන එක.. අහිංසක අපි පැත්තකට වෙලා හයියෙන් අල්ලන් හිටියත් ඔය සමහර ඇන්ටිල බලෙන්ම ඇඟේ හැප්පිල අපිටම ඔරවනව. අනේ මංද.. අපි එයාලගෙ ඇඟේ ඉස්සෙල්ල හැප්පුනේ නෑ කියල තරහට වෙන්න ඇති. හරි ඔන්න ආපහු සිද්ධියට එමු. ඔහොම බස් එකේ ගිහිල්ලම දැන් ගොඩක් බස් වල කොන්දල අඳුරනව. ඒ අදුරන කම නිසමද කොහෙ...

බ්ලොග් ලිපිවල සාරාංශය හා පින්තූර මුල් පිටුවේ පෙන්වමු

මේ විදියෙ ලිපි කීපයක්ම කීප දෙනෙක් ලියල තියෙනව මං දැක්ක. ඒත් ඒකෙ මූලික පරමාර්ථය වෙලා තිබුනෙ Read more >> දාල සාරාංශය ගන්න එක විතරයි. එතනදි මුල් පිටුවට සමහර පෝස්ට් වල පින්තූර ඇවිත් ලොකු පොඩි එක එක සයිස් තිබුන මං දැක්ක. මං මේ කියන්න යන්නෙත් ඒ වගේම තමයි.ඒත් ඊට වඩා ටිකක් ක්‍රමාණුකූලයි වගේද මංද පොඩ්ඩක් මගේ Home page එක බලල එන්නකෝ.. අන්න ඒ විදියට.. මෙතනදි මුල් පිටුවෙ සාරාංශ ගත පින්තූර වැටෙන්නෙ එකම ප්‍රමාණයකට. ඒ නිසා පිලිවෙලයි. ඒ ඔක්කොම පෝස්ට් එක දැම්මම ස්වයංක්‍රීයව වෙනස් වෙනවා. මුල් පිටුවෙ පින්තූරෙට එන්නෙ පෝස්ට් එකේ මුලින්ම/උඩින්ම අපි දාන පින්තූරෙ .. ඔයාලත් කැමති නම් දාගන්න.... blogger Dashboard එකට ගිහින් Template &gt;&gt; Edit HTML වෙත යන්න. දැන් Expand Widget Templates කියන තැන කොටුවට හරි ලකුණක් (tic) දාන්න. ඊළඟට ඔය කෝඩ් එකෙන් </head> කියන එක හොයා ගන්න. (Ctrl + F ගහල) ඒක මේ පහත කෝඩ් එකෙන් Replace කරන්න. <b:if cond='data:blog.pageType != "item"'> <b:if cond='data:blog.pageType != "static_page"'> <scr...