කාලෙකට කලින් අඟුළු දාපු කවුළුව දිහා මං ඔහේ බලං හිටියා. මේක අපහු ඇරල බලන්න තදින්ම ඕන උනත් අතීතයේ උන දේවල් මතක නිසා ආපහු බය හිතුනා. මං අපිළිවෙලට බඩු විසිරුණ කාමරේ දිහා ආපහු බැළුවා. හැම තැනම අපිලිවෙලයි.ගිය පාර මේ කවුළුවෙන් ඇතුලට ආපු දරුණු කුණාටුව මේ හැමදේම විනාස කරල අවුල් කරල මේ කවුළුවෙන්ම ආපහු ගියා. ඒ ගැන හිතද්දිත් ඇඟ කිලිපොලා යනවා. ඕන දෙයක් උනාවෙ. මට බෑ තවත් කොටු වෙලා ඉන්න. මට බලන්න ඕන මේ කවුළුවෙන් එපිට ලෝකයේ ලස්සන. අඳුරට හුරු වෙච්ච මගේ ඇස් ආසයි එපිට ආලෝකය දැක ගන්න. ඔව් මං බලනවා.. මං හෙමින් කවුළුවේ අඟුල ඇරියා. කාලෙකින් පාවිච්චි නොවුණු නිසා මලාණික හඬකින් කවුළුව ඇරුණා.. අඳුරේ ඉඳපු මගේ ඇස් ඒ ආලෝකයට හුරු වෙන්න ටික වෙලාවක් ගත උනා.. එතකොටම බාගෙව විවෘත උන කවුළුවෙන් හීන් හුළං පොඳක් කාමරේ ඇතුලට ආවා. මං බය උනා. ආයෙමත් කුණාටුවක්ද ? ඒත් එහෙම උනේ නෑ.. ඒ හීන් සුළං රැල්ල මං වටේ දැවටිලා කාමරේ වටේටම හැමුවා.. අපිලිවෙලට විසිරිලා තිබුණ හැම දේම ආපහු පිළිවෙලට හැදුණා. ඔව් ඒ සුළං රැල්ල ඒ හැමදේම පිළිවෙලකට හැදුවා. ඊට පස්සෙ මාව සීතලෙන් වෙලා ගත්තා.. මං කවුළුව වැහුවා. ඉස්සර වගේම.. ඒත් තවත් කුණාටුවකට බයේ ...
යථාර්තවාදී ෆැන්ටසියක් කරා........